• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ATM වලින් සල්ලි ගන්න කොට පරිස්සම් වෙන්න!

September 12, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ATM වලින් සල්ලි ගන්න කොට පරිස්සම් වෙන්න!
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය හා පුද්ගලික බැංකු 8කට අයත් ATM කුටි තුළ වරින්වර රැඳී සිට උපක්‍රමශීලිව පුද්ගලයින් රැසකගේ ATM කාඩ්පත් සොරාගෙන රුපියල් ලක්ෂ 50කට අධික මුදල් වංචා කළ පුද්ගලයෙක් කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුවෙල ප්‍රදේශයේ ATM කුටි තුළ රැඳී සිටින පුද්ගලයෙක් වංචනික ලෙස විවිධ පුද්ගලයින්ගේ ATM කාඩ්පත් සොරාගන්නා බවට කඩුවෙල පොලීසියට පැමිණිලි කිහිපයක් ලැබී තිබුණි.

ඒ අනුව, පොලීසිය අදාළ බැංකුවල CCTV දර්ශන උපයෝගි කරගනිමින් විමර්ශන ආරම්භ කළේය.

එහිදී අනාවරණය වූයේ ATM යන්ත්‍රය අසලට පැමිණෙන එම පුද්ගලයා තමන්ගේ කාඩ්පත එම යන්ත්‍රය තුළ සිරවූ බව ඊළඟට එහි පැමිණෙන පුද්ගලයාට පවසා, බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංකය බලාගැනීමට අදාළ පුද්ගලයාගේ කාඩ් පත ලබාගෙන ඇති බවය.

එහිදී සැකකරු එම කාඩ්පතේ සඳහන් අංකය දුරකථනයේ සටහන් කරගන්නා මුවාවෙන් ක්ෂණිකව ක්‍රියාත්මකවන අතර, සැකකරු ඊට සමාන වෙනත් කාඩ්පතක් එහි හිමිකරු වෙත ලබාදීමට කටයුතු කර තිබේ.

ඉන්පසු සැකකරු ඇමතුමක් ලබාගන්නා මුවාවෙන් අනෙක් පුද්ගලයාගේ කාඩ්පතේ රහස් අංකය නිරීක්ෂණය කර ඇති බව පොලීසිය පවසයි.

එය ව්‍යාජ කාඩ්පතක් හේතුවෙන් මුදල් ලබාගැනීමට නොහැකිවීම නිසා එම පුද්ගලයා ඉන් පිටව යන අවස්ථාවේ සැකකරුද ත්‍රීරෝද රථයකින් ඉන් පිටව යයි.

අනතුරුව සැකකරු සොරාගත් කාඩ්පත උපයෝගි කරගෙන වෙනත් ATM යන්ත්‍රයකින් එහි ඇති සියලු මුදල් ලබාගැනීමට කටයුතු කර තිබුණි.

එලෙස බැංකු කිහිපයක සටහන්ව තිබූ CCTV දර්ශන උපයෝගි කරගෙන කඩුවෙල පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය පැවසුවේ ඔහු මල්වාන සහ සේදවත්ත ප්‍රදේශවල පදිංචිව සිටින මත්කුඩුවලට අධික ලෙස ඇබ්බැහි වූ 32 හැවිරිදි පුද්ගලයෙක් බවය.

එහිදී ඔහු සතුව තිබී රාජ්‍ය හා පෞද්ගලික බැංකු 8කට අයත් ATM කාඩ් පත් 30ක්ද සොයා ගැණුනි.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඔහු මාලබේ, බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයක අවස්ථා 40කදී පමණ එලෙස සොරාගෙන රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් එම කාඩ්පත් උපයෝගි කරගෙන වංචා කර ඇති බවය.

සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එමෙන්ම සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටු සඳහා ඉදිරිපත් කිරීමටද එහිදී අධිකරණය නියම කළේය.

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සහ කොමර්ෂල් බැංකුව එක්ව ඩිජිටල්කරණය ඔස්සේ සක්‍රීය බෑන්ක් ඇෂුවරන්ස් ප්‍රවේශයකට…

Next Post

අහස අඬපු කඳුළු බිංදු මහ වැස්සට හේදුණා පුතේ උඹට වූ විපතට ඇතාගලත් වැලපුණා…

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.