AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ ඇය සුරකින AIA’ වැඩසටහනෙහි ඉතා වැදගත් පියවරක් සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයෙහි සහයෝගීතාවයෙන් (IFC-International Finance Corporation) එහි “IFC-DFAT Women in Work” වැඩසටහන යටතේ දිවයින පුරා විසිර සිටින කාන්තාවන් සවිබල ගැන්වීමටත් ඒ ඔස්සේ ජීවිත රක්ෂණයේ රැකවරණය සමගින් ඔවුනගේ මූල්‍ය ස්ථාවරත්වය සවිමත් කිරීමටත් අපේක්ෂා කරයි.
කොමර්ෂල් බැංකුව හා එක්ව මුලපුරන මෙම වැඩසටහන ඔස්සේ කොමර්ෂල් බැංකුවේ ‘අනගි‘ කාන්තා ගිණුම් හිමිකාරිනියන්ටත් ඔවුන්ගේ ආදරණීයයන්ටත් දැරිය හැකි මුදලකට ජීවිත රක්ෂණ විසදුම් ලබාදෙන අතර ඒ සමගින් සුවතා විසඳුම් ද ලබා දෙයි.