NDB බැංකුව සිරස News First සමග එක්ව ශ්‍රී ලාංකේය කාන්තාවන් ඇගයීම සහ සවිබල ගැන්වීම සඳහා කැපවූ මෙරට ප්‍රමුඛතම වැඩසටහනක් වන ශ්‍රී ලංකා වනිතාභිමාන සම්මාන උළෙලේ පස්වැනි අදියර දියත් කිරීම පිළිබඳ සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි.
2025 මාර්තු 06 වැනි දින පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවයකින් සහ මාධ්‍ය සාකච්ඡාවකින් මෙම වැඩසටහනේ ආරම්භය නිල වශයෙන් සනිටුහන් කරන ලදී. Sri Lanka Latest News
පසුගිය වසර 7 පුරාවට ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා වනිතාභිමාන සම්මාන උළෙල විවිධ ක්ෂේත්‍ර තුළ නියැලී සිටින ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ විශිෂ්ට මෙහෙවරයන් ඇගයීම සුවිශේෂ වේදිකාවක් ලෙස සැලකිය හැක. එහි පස්වැනි අදියරේදී මෙම වැඩසටහන කාන්තාවන් ඇගයීම වේදිකාවකින් ඔබ්බට ගිය දිගුකාලීන සමාජීය සහ ආර්ථික බලපෑමක් ඇතිකිරීම අරමුණු කොටගත් පරිවර්තනීය මුලපිරීමක් වන වැඩසටහනක් ලෙස හැඳින්විය හැක. මෙම ඇගයීම මෙහෙයවනු ලබන්නේ කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීම, මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ තිරසාර වර්ධනයක් සඳහා මාර්ගය සකස් කිරීමට දායක වන දූරදර්ශී පස් අවුරුදු තිරසාර ආකීතියක් මගිනි.
සම්මාන ලබ ාදීමට අමතරව මෙම වසරේ වනිතාභිමාන වැඩසටහන හැකියාවන් පුළුල් කිරීමේ වැඩසටහන් තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම, මූල්‍ය සහාය සහ සැපයුම්දාම ක්ෂේත්‍රයේ සිටින පාර්ශ්වකරුවන් හා සම්බන්ධ වීමට ඔවුන්ට සහාය වන වෙළෙඳපළ සංවර්ධනය යන අංශයන් කෙරෙහි මූලික අවධානය යොමුකරයි. මෙම සම්පත් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව විවර කරමින් මෙරට ආර්ථිකය සඳහා අර්ථවත් ලෙස දායකත්වය සැපයිය හැකි සවිබල ගැන්වූ කාන්තා ව්‍යවසායකයන් පරපුරක් බිහිකිරීමට NDB බැංකුව සහ සිරස News First කැපවී සිටියි.
ප්‍රියන්ත හෙට්ටිගේ











