ශ්‍රී ලංකාවේ පළමු වරට ACHSI ජාත්‍යන්තර ප්රමිතිකරණය හිමිකර ගත් මෙරට ප්‍රමුඛතම රෝහල් ජාලයක් වන හේමාස් රෝහල් සමූහය, කෝවිඩ් 19 වසංගතයට එරෙහි සිය අඛණ්ඩ මෙහෙයුම තවත් පුළුල් කරමින් සිය සිව්වැනි අතරමැදි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වාද්දුව Blue Water සංචාරක හෝටලය කේන්ද්‍ර කරගනිමින් අරඹන ලදී. මෙම පංතියේ සංචාරක හෝටලය හේමාස් රෝහල සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් මෙහි යටිතල පහසුකම් උපයෝගී කර ගනිමින් පූර්ණ පහසුකම් සහිත කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සහ දැඩි අවධානයක් සහ නිරන්තර පසුවිපරමක් සහිත කෝවිඩ් රෝගීන් සඳහා විශේෂිත දැඩි සත්කාරක ඒකකයක් (High Dependency Unit) මෙහි ස්ථාපනය කර ඇත. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබූ දැඩි නියාමන රීතීන්ට අනුකූලව පවත්වාගෙන යනු ඇත. හේමාස් රෝහල් සමූහය කෝවිඩ් 19න් ආරක්ෂිත ශ්‍රී ලංකාවේ පළමු රෝහල ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS 1672:2020) ප්‍රමිතිකරණ සහතිකයෙන් පිදුම් ලැබූ අතර රෝහල් සමූහයේ පළමු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය උස්වැටකෙයියාව, Kaya Wellness Resort හිදී සහ දෙවැන්න සී ෂයින් හෝටලයේදී සහ තෙවැන්න Berjaya සංචාරක හෝටලය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරනු ලැබීය.