තිස්සමහාමරාම වැව ප්‍රතිසංස්කරණය යළි ආරම්භ කිරීම සදහා අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලමින් එහි කටයුතු කළ චීනයට අයත් සමාගම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ඉල්ලා ලිපියක් යොමු කොට ඇත.
ඉකුත් 28 වැනි දින මෙම ලිපිය යොමු කොට ඇති අතර මේ වනවිට එය ගාල්ල පුරාවිද්‍යා කාර්යාලය වෙත ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව කොන්දේසි ගණනාවක් යටතේ වැව යළි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ වීමට අනුමැතිය ලබා දෙනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
අක්කර 100ක වපසරියක් මෙහිදී ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.