ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක 4G ජාල ආවරණයෙන් හා එටිසලාට් හවුල්කාරිත්වයෙන් යුතුව පිදෙන 2G/3G ජාල ආවරණයත් සමඟ පාරිභෝගිකයන් වෙත අසම සම සේවාවක් පිරි නමන හච්, සිය නවතම සෙල්ෆ් කෙයාර් ඇප් (යෙදවුම) නිකුත් කරමින්, මේ වන විට 078 හා 072 යන හච් අංක භාවිත කරන සිය පාරිභෝගිකයන් හට සම්පූර්ණ ඩිජිටල් අත්දැකීමක් හිමි කර දී තිබේ.
හච් පාරිභෝගිකයන් වෙනුවෙන් පිරිනමන වටිනා සේවාවන් අතර, එක් යෙදවුමකින් සියලු අත්‍යවශ්‍ය සේවාවන් 400කට අධික ප්‍රමාණයක් ලබා ගැනීමට ඉඩකඩ සලසන ක්ෂේත්‍රයේ එකම ත්‍රෛභාෂා යෙදවුම වශයෙන්, සෙල්ෆ් කෙයාර් ඇප් ඉදිරිපත් කිරීමට හැකි වීම පිළිබඳව හච් ආඩම්බරයට පත් වෙයි.
හච් සෙල්ෆ් කෙයාර් ඇප් මේ වන විට Apple App Store හා Google Play Store හරහා ඩවුන්ලෝඞ් කර ගැනීමේ හැකියාව පවතී. යෙදවුම ජංගම දුරකතනයට ඉන්ස්ටෝල් කර ගැනීමෙන් අනතුරුව, තම දුරකතන අංකය ඇතුළත් කිරීමේ හා රසහ්‍ය අංකය ඇතුළත් කිරීමේ පියවර දෙකකින් පසු, පහසුවෙන් ඊට ලියාපදිංචි වීමේ හැකියාවද පවතී.











