ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන සෙලාන් බැංකුව, නවීකරණය කරන ලද www.seylan.lk වෙබ් අඩවිය, කළමනාකාරිත්වයේ සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වය ඇතුව සෙලාන් ප්‍රධාන කාර්යාලයේදී 2021 ජනවාරි 01 වන දින දියත් කළේය. නවීකරණය කරන ලද මෙම වෙබ් අඩවිය මඟින් පාරිභෝගිකයින්ට එසැණින් තම බැංකු කටයුතු සපුරාගත හැකිය.
ජංගම දුරකථන හා සියලු නවීන වෙබ් බ්‍රවුසර් මඟින් පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි වෙබ් අඩවිය නවීකරණය කිරීමට සෙලාන් කණ්ඩායම පියවර ගත්තේය. www.seylan.lk මඟින් දැන් ආයතනික, ව්‍යාපාර සහ පුද්ගලික යන අංශයන්ට අදාළ සේවා, අතුරු මුහුණතෙහි වෙන් වෙන්ව දක්වයි.
මෙමඟින් පාරිභෝගිකයින්ට ඉක්මනින් හා පහසුවෙන් තමන්ට අවශ්‍ය සේවාව සඳහා යොමු විය හැකි අතර නවීකරණය කරන ලද අතුරු මුහුණත, දැනටමත් භාවිතා කරන සහ නව පරිශීලකයින්ට නව අත්දැකීමක් වනු ඇත.











