මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සෝනි ඉන්ටර්නැෂනල් සමාගම හා එක්ව මෙරට ජනප්‍රියතම සහ දක්ෂතම ගායන ශිල්පීන් දෙදෙනකු වන භාතිය සහ සන්තුෂ් සිය සන්නාම තානාපතිවරුන් ලෙස පත් කිරීමට අදාළ ගිවිසුම අලුත් කරන ලදී. මේ සඳහා වන නව ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා කොළඹදී පැවැති අතර එම අවස්ථාව සඳහා සිංගර් ශ්‍රී ලංකාහි ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් විජේවර්ධන මහතා සෝනි ඉන්ටර්නැෂනල් (සිංගප්පූර්) හි ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානි ජස්ටින් වොන්ග් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.