මෙරට ආර්ථික සංවර්ධනයේ වැදගත් සාධකයක් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන සම්පත් බැංකුව ඔවුන්ගේ ව්‍යාපාර නඟා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය ශක්තිය සපයනු ලබන්නේ ඒ වෙනුවෙන් වූ සාර්ථක මඟ පෙන්වීමද සලසා දෙමිනි. එම කැපවීමෙහි තවත් අදියරක් පසුගියදා මාතරදී අවසන් විය. ඒ දකුණු පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ආනයන හා අපනයන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ සම්පත් බැංකු සම්මන්ත්‍රණ මාලාවේ තවත් සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක කරමිනි. ‘ඔබේ දියුණුවට අපේ මඟ පෙන්වීම’ යන්න තේමා කරගත් එම සම්මන්ත්‍රණය සම්පත් බැංකුවේ ආනයන හා අපනයන ඒකකය විසින් සංවිධානය කළ අතර දකුණු පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල පිරිසක් ඊට එක්ව සිටියහ. සම්මන්ත්‍රණයේ සම්පත් දායකයන් ලෙස රාජ්‍ය අංශය නියෝජනය කරන අත්දැකීම් සපිරි විද්වතුන් රැසක්ද, ව්‍යාපාර හා සම්බන්ධ සම්පත් දායකයන්ද ඊට එක්ව සිටියහ.
මෙම සම්මන්ත්‍රණයේදී ව්‍යවසායකයන් ආනයනයේදී හා අපනයනයේදී කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කරමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති හා පර්යේෂණ සංවර්ධන නිලධාරි තුෂාර වලවේදුර මහතා විසින් ‘ආනයන හා අපනයන’පිළිබඳ විශේෂ දේශනයක් ඉදිරිපත් කරන ලදී.











