ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීමෙන් නොනැවතී සහල් අපනයනය දක්වා වර්ධනය කිරීම උදෙසා වන අතිගරු ජනාධිපතිතුමන්ගේ උදාරතර සංකල්පය යථාර්ථයක් කිරීමේ පළමු පියවරෙහි වප්මඟුල් උළෙල පසුගියදා බත්තරමුල්ල අකුරෙගොඩදී දියත් කෙරිණි.
ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් ඒකකයේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ ආරම්භ කෙරුණු මෙම පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දෙනු ලබන්නේ ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ විශිෂ්ටතම තේරීම වන ජෝන් ඩියර් ට්‍රැක්ටර් ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින සිංගර් ශ්‍රී ලංකා සමාගමයි.
පළමු පියවර ලෙසින් දියත් කෙරුණු අකුරෙගොඩ පුරන්ව තිබුණු වෙල් යායේ අක්කර ප්‍රමාණය 12ක් වන අතර මේ සඳහා ජෝන් ඩියර් ට්‍රැක්ටර් ගණනාවක් යොදා ගනු ලැබිණි. ට්‍රැක්ටර් ලබාදීම, රියැදුරු මහතුන් ඇතුළු ශ්‍රමිකයන් යෙදවීම, ඉන්ධන ලබාදීම ආදී සියලු පිරිවැය සිංගර් සමාගම විසින් දරනු ලැබිණි.
ශ්‍රී ලාංකේය කෘෂි කර්මාන්තයත් දේශීය ගොවි ප්‍රජාවත් නඟාසිටුවීම මූලික අරමුණ කොටගෙන ජෝන් ඩියර් ට්‍රැක්ටර් නියෝජිත්වය සියතට ගත් සිංගර් ශ්‍රී ලංකා සමාගම ගොඩ මඩ විවිධ වූ කෘෂිකාර්මික අවශ්‍යතා සපුරාලමින් ට්‍රැක්ටර් මාදිලි ගණනාවක් ඉදිරිපත් කොට ඇත. ඒ සඳහා සියලුම අමතර කොටස් අවශ්‍ය ඕනෑම මොහොතක ලබාගැනීමේ හැකියාව, අවශ්‍ය තාක්ෂණ සහාය ලබාදීම, විශිෂ්ටවූ අලෙවියෙන් පසු සේවය සහ දිවයින පුරා පවත්වන සේවා කඳවුරු ආදිය නිසා ජෝන් ඩියර් ට්‍රැක්ටර් ශ්‍රී ලාංකේය ගොවි ජනතාව අතර අතිශය ජනාදරයට පත්ව තිබේ.











