කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතු ඉන්දියාවට සහ ජපානයට ලබා දීම සදහා වරාය සහ නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇත.
ඒ අනුව ඉන්දියාවේ විශාලතම සමාගමක් වන අදානි සමාගමට සහ ජපාන සමාගමකට වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ලබා දීමට යෝජනා කොට ඇති බව පැවසේ.
ඒ සාකච්ජා සදහා කැබිනට්ටටුව විසින් ඉහළ පෙළේ කමිටුවක් පත්කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත.
මීට සති 3කට ඉහතදී වරාය වෘත්තීය සමිති සේවකයන් වරාය පරිශ්‍රය තුළ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් අරඹමින් කියා සිටියේ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවත්, එය වරාය අධිකාරිය වෙත ලබා දිය යුතු බවත්ය.
ඉකුත් යහපාලන රජය සමයේ මෙම සංවර්ධන කටයුතු ඉන්දියාවට සහ ජපානයට ලබා දීම සදහා අවබෝධතා ගිවිසුමක්ද අස්සන් කිරීමට පියවර ගෙන තිබිණ.