ප්‍රයිම් සමූහය කොළඹට සමීප කේන්ද්‍රස්ථානයක් වන කොට්ටාව නගරය ආශ්‍රිතව 2020 වසර අවසන් වන විට නිවාස 160කින් සමන්විත ප්‍රයිම් Urban Art නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. අක්කර 10ක සුන්දර පරිසරයක පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය පසුගිය වසරේදී ඉදිකිරීම් අරඹන ලදී.
අලංකාර ලෙස නිර්මාණය කළ ප්‍රයිම් Urban Art නිවාස ව්‍යාපෘතිය මනාව සකස් කළ මිදුලක් සහිත තනි නිවසක හෝ මහල් නිවසක ජීවත් වීමේ කැමැත්ත සහිත පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන්ම වෙන්වූ නිවාස ව්‍යාපෘතියකි. පසුගිය වසරේ ඇරඹි මෙහි පළමු අදියර ඔස්සේ නිවාස 80ක් මේ වන විටත් ඉදිවෙමින් පවතින අතර 2020 වසර වන විට නිවාස 160හිම වැඩ අවසන් කිරීමට හැකිවන බව ප්‍රයිම් සමූහය විශ්වාසය පළ කරයි.