ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම වන ප්‍රයිම් සමූහය සිය පාරිභෝගික සබඳතා විශිෂ්ටත්වය යළිත් තහවුරු කරමින් 10 වැනි ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගැනීමට සමත් විය. ප්‍රයිම් සමූහය පසුගිය වසරේ දියත් කළ ‘හොඳ කියන්නෙත් හොඳ ආයෝජනයක්’ යන පාරිභෝගික සබඳතා ප්‍රවේශය මෙලෙස ඇගැයීමට ලක්විය. විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි වඩාත් ආකර්ෂණීය සහ අතිසාර්ථක පාරිභෝගික සබඳතා ප්‍රවේශයන් වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම ACEF සම්මාන උළෙලේදී බුහුමනට ලක් කෙරේ.
මේ සම්බන්ධව අදහස් දක්වන ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා, “පසුගිය වසරේදී අනපේක්ෂිත අභියෝග රැසකට සියලු ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දෙන්නට සිදුවූ අතර, අපගේ ජීවන රටාව සහ සිතුම් පැතුම් කවර දිශාවකට ගමන් කරනු ඇතැයි යන්න පවා සිතාගැනීමට නොහැකි වුණා. ජාතික ව්‍යසනයන්හිදී සියලු ශ්‍රී ලාංකිකයන් එකමුතුව එම ව්‍යසනයට ගොදුරු වූ සියලු දෙනාට එම විපතෙන් මිදීම සඳහා සහනුකම්පාවෙන් උපකාර කිරීම මේ ගෝලීය වසංගතය තුළද අපට දකින්ට ලැබුණා. මෙම සාරධර්මය පෙරදැරිව අප විසින් දියත් කළ ‘හොඳ කියන්නෙත් හොඳ ආයෝජනයක්’ පාරිභෝගික සබඳතා ප්‍රවේශය යහපත් පරමාර්ථයෙන් සිදුකරන ක්‍රියාවක ප්‍රතිඵලයද යහපත් බව සනාථ කළ උදාර අවස්ථාවක් බව මාගේ විශ්වාසයි.” යනුවෙන් පැවැසීය.











