චීන රජය ප්‍රදානය කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද (26) අලුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත මෙරටට රැගෙනවිත් තිබේ.
චීන රජයේ ප්‍රදානයක් ලෙස මීට පෙර ද ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් හිමිව තිබුණි.
මෙරටට රැගෙන ආ එන්නත් තොගය භාරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, චන්න ජයසුමන ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
මෙරට චීන තානාපතිවරයා විසින් අදාළ එන්නත් තොගය ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාරදීම කටුනායක ගුවන්තොටුපොළේ දී සිදුකර තිබේ.










