ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ඖෂධ භාණ්ඩ ආනයන සමාගමක් වන ‘ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්’ (George Steuart Health) එහි ප්‍රථම අනුබද්ධ ආයතනය ලෙස GS Sports ආරම්භ කර තිබේ.
ශරීර සුවතාව හා ක්‍රීඩා ඔස්සේ වඩාත් සෞඛ්‍යසම්පන්න ජීවන රටාවකට ජනතාව හුරුකරවීම ඉලක්ක කරගත් GS Sports හඳුන්වා දීම, 2021 අප්‍රේල් 29 දින, අංක 445A, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේදී උත්සවාකාරයෙන් සිදුකෙරිණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක්වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා, ජාත්‍යන්තර පදක්කම්ලාභී කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජන්, දිනූ පෙරේරා, ප්‍රියන්ත ඒකනායක, වෛද්‍ය සීවලී ජයවික්‍රම, අරවින්ද ද සිල්වා ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.
GS Sports ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹ 03 ස්ථානයේ පවත්වාගෙන යනු ඇති අතර, තවත් ශාඛාවක් ළඟදීම මාදිවෙල ප්‍රදේශයේ විවෘත වීමට නියමිතය. ක්‍රීඩා හා ශරීර සුවතාව සම්බන්ධයෙන් ආධුනිකයන්ගේ සිට වෘත්තිකයන් දක්වා ඕනෑම කෙනකුට අවශ්‍ය වන භාණ්ඩ රාශියක් මෙම ප්‍රදර්ශනාගාරවලදී මිලදී ගැනීමට හැකිවනු ඇත.











