ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා සමාගම ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේදී පැවති විශේෂ උත්සවයකදී සමාගමේ සේවක සාමාජිකාවන් කිහිප දෙනෙකු දිරිගන්වමින් ඔවුන් ඇගයීමට ලක් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය.
අලියාන්ස් ශාඛා ජාලය නියෝජනය කරන සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයේදී සායනික මනෝ වෛද්‍ය ප්‍රියන්ජලී ද සොයිසා මහත්මිය සහ ප්‍රවීණ ඔලිම්පික් ක්‍රීඩිකාවක වන හා ශ්‍රී ලංකාවේ කඩුලු පැනීමේ ශූරිය වන ශ්‍රියාණි කුලවංශ මහත්මිය විසින් ඔවුන් ජීවිතයේ මුහුණ දුන් අභියෝග, ධනාත්මකව සිතමින් ඒවා ජයගත් ආකාරය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමද විශේෂත්වයකි. ඒ තුළින් තමන්ගේ සිහින හඹා යමින් ජීවිතය ජය ගැනීම වෙනුවෙන් උත්සවට සහභාගි වූ සේවිකාවන් දිරි ගැන්වීමට ඔවුන් කටයුතු කරන ලදී. එපමණක් නොව කාන්තාව පිළිබඳ සමාජය තුළ පවතින සීමාවන් බිඳ දමමින් රැකියාව සහ පෞද්ගලික ජීවිතය සමබරව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සේවිකාවන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබිණි.