• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තරුණවිය උදුර ගන්නා කුජගෙන් බේරෙන්න බැරිද?

October 31, 2021
in Astrology, Exclusive, Kendaraya
Reading Time: 1 min read
A A
තරුණවිය උදුර ගන්නා කුජගෙන් බේරෙන්න බැරිද?
Share on WhatsAppShare on Facebook

බොහොමයක් දෙනා කුජ හෙවත් අඟහරුට ඇත්තේ දැඩි බියකි. එමෙන්ම නිතරම විවාහය ගැන කතා කරද්දී මෙය ප්‍රධාන වෙයි. කුජ ගැන කොතරම් කතා කළද අවසානයක් දක්වා කතා කළ නොහැකි තරමට කුජත්, විවාහයත් අතර ඇත්තේ ප්‍රබල සම්බන්ධයකි. විවිධ තැන්වලදී කසාදයට පෙර කුජ ඉස්සර කරගන්නා තැන් අනන්තවත් තිබේ. ‘එයාට කුජ දෝෂ, මෙයාගේ කුජ හතේ…’ වැනි මත ප්‍රකාශ කරමින් විවාහයන් පස්සට දමන තැන්ද අනන්තය. අප්‍රමාණය. එහෙත් ඒ බහුතරයක් දෙනාට ඇත්තේ කොහෙන් හෝ ඔළුවට දමාගත් මතවාදයන් මිස මුහුකුරා ගිය ජ්‍යොතිෂමය දැනුමක් හෝ ජ්‍යොතිෂමය තර්ක විතර්ක නොවේ. එනිසා කසාදයක හැම අඩුවක් පාඩුවක්ම කුජ පිටින් දමා ගැලවී සිටින්නට උත්සා කිරීම අපරාධයකි.

කුජ දෝෂ දක්වන්නේ එක, දෙක, හතර, හත, දොළහ ස්ථානවල සිටියදීය. ඉහත සඳහන් කළ ස්ථානයක සිටින කුජගේ එකම රාජකාරිය විවාහ කඩාබිඳ දැමීමත්, මංගල කටයුතු කඩාකප්පල් කිරීමත් ලෙස සිතන්නන් වැඩිය. එහෙත් වඩාත් හොඳින් අවබෝධ කරගත යුත්තේ කුජගේ එකම කාර්යය විවාහ කඩාකප්පල් කිරීම පමණද යන්නයි.

කුජ යනු ශක්තියට මුල් තැන දෙන්නාය. තේජවන්තකමට, එඩිතරකමට, හිතුවක්කාරකමට මෙන්ම සල්ලාලකමටද අධිපතිත්තවය දරන ග්‍රහයායි. සැඟවීමකින් තොරව කරන දේ එළිපිට කිරීමට තරම් බලයක් ඇති කුජ ග්‍රහයාට ඕනෑම දෙයක් ක්ෂණිකව කඩාබිඳ දැමීමේ බලයක්ද වෙයි. මේ හේතු නිසාම විවාහයේදී සෑම කෙනෙක්ම කුජ ගැන බිය වන්නේ බිය නොවී බැරිකමටමය.

එහෙත් යම් කේන්දරයක කුජ බලවත්වී සිටීනම් එම ජන්මියා එඩිතර ගති ඇති ශක්තිමත් අයකු වෙයි. හෙතෙම එඩිතර තද හිතක් ඇති අයකු නිසාම ක්‍රියාවේ දක්ෂයකු වෙයි. ඔහු කිසිවකින් පසුබට නොවන අතර ඕනෑම අභියෝගයක් හමුවේ ඉදිරියටම යන්නකු ලෙසද ප්‍රකට වෙයි. යම් කෙනකුගේ කුජ ලග්නයේ සිටීනම් ඔහු සෑම විටම එඩිතරව ක්‍රියා කළද විවාහය නමැති මාතෘකාවේදී කුජ ගැන බැලිය යුත්තේ ඊට ගැළපෙන අයුරිනි. එසේ බලද්දී කුජගේ ඉවසීමේ ගුණය අඩුකම ඉක්මනින් කෝපවීම වැනි කාරණා මූලිකත්වයට පැමිණේ.

විවාහයකදී සිදුවන්නේ දෙදෙනකු එක්ව ගමනක් යෑමය. අදහස් උදහස් කොතරම් සම වුවද සිත් දෙකක් එක්ව ගමනක් යෑම යනු මත ගැටුම් වාද භේද ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වූ කාරණයකි. එනිසා විවාහයේදී ඉවසීම අංක එකට සැලකේ. කුජගේ ස්වභාවය එහි අනෙක් පැත්ත නිසා කුජ විවාහයට බාධා කරන්නකු ලෙස ප්‍රකටය. කුජ, ඉවසීම වෙනුවට ඉක්මන් වේ. සාමය වෙනුවට රණ්ඩුවට බර වේ. එනිසා කුජ හත්වැන්නට නොගැළපේ. ඒ හේතුවෙන් හත්වැන්නේ කුජ දෝෂයක් ලෙස සැලකීම එක පැත්තකින් සර්ව සාධාරණය. කෙසේ වුවද කුජ ග්‍රහයා ආවාට ගියාට අතහැරිය හැකි ග්‍රහයකුද නොවේ. පිරිමියකුගේ සහකාරිය නිවේදනය කරන්නේ සිකුරු වුවද කාන්තාවකගේ සහකරු නිවේදනය කරන්නේ කුජය. යම් ස්ත්‍රියකගේ කේන්දරයේ මකර, මේෂ, වෘශ්චික යන රාශියක කුජ සිටීනම් එම කාන්තාවට හිමිවන සහකරුවා ක්‍රියාශීලී පුද්ගලයකු වන බව පැවැසේ. ඔහු කඩවසම්, ආකර්ෂණීය අයකුද වේ. එවැනි තත්ත්වයක වුවද කුජ 7 වැන්නේ සිටීම සුබ නැත. කුජ නිතරම බලන්නේ හත්වැන්නට බාධා ගෙනදීමටය. හත්වැන්නට කාරක ග්‍රහයා සිකුරුය. සිකුරුගේ වැඩේ කරන්නට සතුරු කුජට හැකියාවක්ද නොමැත.

කුජ හතේ බලවත්ව සිටීමට වඩා කුජ හතේ නීච වීම නරක බව වටහාගත යුතුය. එය වඩාත් දෝෂ සහිත වේ. මකර ලග්න පුරුෂයකුගේ කුජ හතේ නම් ඔහුගේ සහකාරියට අපල ඇති කිරීමට සමත් වෙයි. එවැනි ස්ත්‍රියක් ලබන පුරුෂයා දුර්වල අයකු වේ. එසේ නොමැති විට දෙදෙනාගෙන් කෙනකු අනෙකාව ප්‍රතික්ෂේප කිරීම අනිවාර්යයෙන් සිදුවේ. කුජ හත අධිපති සමග සංයෝග වීමද විවාහයට බාධා ගෙන දෙන පිහිටීමකි. එහිදී අනෙක් ග්‍රහයන් ගැනත් සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන් ගුරුගේ තත්ත්වය බලා තීරණයකට එළැඹිය හැකිය. කෙසේ නමුත් මේ සියල්ල සමග වඩාත් ආන්දෝලනාත්මක මතයක්ද තිබේ. එනම්, කුජගේ දෝෂය ප්‍රබලව බලපෑම් කරනු ලබන්නේ හිරිමල් තාරුණ්‍යයටය යන ප්‍රකාශයයි. එනම් වයස අවුරුදු විසි ගණන්වලදී සහ ඊට පෙරයි (වයස අවුරුදු 28ට පෙර). මෙලෙස අවුරුදු 28ට පෙර තරුණ තරුණියන්ගේ විවාහයන්ට කුජ ප්‍රබලව බලපෑවද 28 පසුවී විවාහ වීමේදී කුජගේ දෝෂය ප්‍රබල බලපෑමක් නොමැති බවටද මතයක් පවතී. මේ තත්ත්වය වඩාත් උනන්දුවෙන් අධීක්ෂණය කළ යුතු තත්ත්වයකි. මෙවැනි කාරණා ගැන ආවාට ගියාට තීරණ නොගත යුතුය. එවැනි විවාහයන් මෙන්ම එවැනි කේන්දර ගැනද ඉතා සුපරීක්ෂාකාරීව තෝරා බේරාගෙන අධීක්ෂණය කළ යුතුය. එවිට සත්‍යය අවබෝධ කරගැනීමට පහසු වේ.

කෙසේ නමුත් විවාහයකදී සියල්ල කුජ පිටම පටවා නිදහස් වීමට නොහැකිය. මන්ද, කුජ යනු විවාහයේ එකම සතුරා නොවන නිසාය. ඊට තවත් කරුණු කාරණා ගණනාවක් බලපාන්නේය. ඒ ගැනත් ඉතා අවධානයෙන් සිතා බලා තීරණ ගැනීම සුදුසු වේ.

ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස් රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක්…

Next Post

රජගෙදර පාටියේ විස්කි-බ්‍රැන්ඩි-තාරා-බැටලු මස්! ජනපතිට එරෙහිව ස්කොට්ලන්ත පත්තරේක ‘ෆුල් පේජ් ඇඩ්’ එකක්! විමල්ලා ආණ්ඩුවෙන් යන්න තීන්දු කරයි! ආණ්ඩුවේ අනාගතය ගැන මහින්දගෙන් අනාවැකියක් (රාජ්‍ය රහස්)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.