• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලයේ කොල්ලො කෙල්ලො, සෙලෝලයිට් කලාවේ නළු නිළියෝ…

November 16, 2022
in Exclusive, News
Reading Time: 9 mins read
A A
අරගලයේ කොල්ලො කෙල්ලො, සෙලෝලයිට් කලාවේ නළු නිළියෝ…
Share on WhatsAppShare on Facebook

දින සියයක් පසුකරගෙන ගිය මහා ජන ගංගාවක් එකට එකතු කරපු ගෝල්ෆේස් අරගලය මතකද? කොහොම අමතක කරන්නද?

ජූලි නවවැනිදා පැය ගණනකටවත් තමන්ගෙ සිල්ලර කඩේ වහන්න අකැමැති මසුරු මුදලාලිලාත් මුළු දවස පුරාම කඩේ වහලාදාලා සිංහ කොඩියක් අතින් අරන් පාරට බැහැපු ඒ අසිරිමත් අරගලය තවම මතකයි.

රාජපක්ෂ රෙජීමයට හොඳ අතුල්පහරක් දුන්න, දුම්මල ගැහුවත් එළවා ගන්න බැරිව ගිය මහින්ද රාජපක්ෂවයි, ගෝඨාභයවයි නපුරු නවයේ ඉලක්කම් සටහන් වුණු දවස් දෙකකදී තම තමන්ගේ තනතුරුවලින් එළවා දාපු අරගලය ගැන හිතන තරම් ලෙහෙසියට එහෙමත් අමතක කරන්න පුළුවන්ද?

ඇත්තම කියනවා නම් එහෙම කරන්න බැහැ තමයි. හැබැයි ඉතින් ඇත්ත ඇති සැටියෙන් කියනවා නම් අරගලය අද හුඟාක් දෙනකුට අමතක වෙලා. එහෙම නැත්නම් අමතක කරලා. මතක තිබුණාය කිව්වත් ඒක මතක තියෙන්නේ කිහිපදෙනකුට විතරයි. ඒ කිහිපදෙනා වුණත් හුඟාක් විට ඒ ගැන මතක තියාගන්නේ කයිවාරුවට විතරයි. සරලව කියනවා නම් ඩි්‍රන්ක් එකකට සෙට් වෙලා ෂොට් එක දෙක දාගෙන යනකොට අරගලය ගැන පොඩි දර්ශනයක් මවාපානවා කිව්වොත් හරි.

‘කොහොමද මෑන් පල්ලම් බැහැලා ගිය හැටි එදා…’

‘කවුද හිතුවේ අරගලකාරයෝ ගෝඨාව එළවයි කියලා…’

‘ආව සෙනඟ කන්දරාව දකිද්දී මගේ ඇඟටත් මාර ගැම්මක් ආවා කියහංකෝ…’

‘කොහොමින් හරි කොල්ලො ටික රාජපක්ෂලාගේ මේනියාව නැති කරලා දැම්මනේ ඉතිං…’

ඒ වාගේ කටට ආවට කියන හෑලි ඉහත කියාපු සෙට්වීම්වලදී ඇහෙන එක සාමාන්‍යයි. ඒත් ඉතින් ඒ හැම එකම කට වචනෙට විතරයි.

ඒ කියන්නේ අරගලය දැන් ඉවරයිද?

ඉවරයක් නම් ඒක වෙනමම කතන්දරයකි. නමුත් ඇහෙන කියැවෙන කතාවලින් නම් පේන්නේ අරගලය පණ අදින තැනට පත්වෙලා කියලාය.

එතකොට අරගලකරුවන් අරගලය සමග ගමින් ගමට ගමන පටන් අරන් තියෙන කතාව මොකක්ද?

ඒ කතාව හරි. ඔවුන් ගමින් ගමට යනවා. ඒ කියන්නේ හැබැයි මැරෙන්න ආසන්නව ඉන්න පණ අදින ලෙඩකුගේ ස්වභාවයක් තියෙන අරගලයක් සමගයි. එතැන අදහස අරගලය පුස්සක් කියන එකද?

එහෙම කිව්වත් වැරැද්දක් නැහැ. මොකද දැන් අරගලය වටා අත්වැල් අල්ලාගෙන ඉන්න, එයට ශක්තිය හෝ ගැම්ම දෙන කිසිවකුත් නැහැ. සාමාන්‍ය ජනතාව තියා අරගලය වෙනුවෙන් අපි මැරෙන්න වුණත් ලෑස්තී යැයි කියූ සුවිශේෂ මට්ටමේ පිරිසත් දැන් අරගලය අතහැරලා යන්න ගිහින්. බොහොම සැහැසි විදියටයි ඔවුන් ඒ මඟහැර යෑම කරලා තියෙන්නේ.

ඔය කියන්නේ හිතන හැටියට අපේ කලාකාරයෝ ගැනයි.

ඔව්. කෙළින්ම කතාවට බහිමු. මේ කියන්නේ අපේ කලාකාරයෝ ගැනයි. මතකයි නේද දවසින් දවස වැල නොකැඩී ආව කලාකාරයෝ සෙට් එක. සමහර පිරිස් තද කළුපාට ඇඳගෙන කණ්ඩායම් පිටින් ආවා. තව සමහරු පවුල් පිටින් ආවා. තවත් අය ආවේ බෙල්ල ගහල ගියත් රාජපක්ෂලට බයේ අරගලය දාලා යන්නේ නැහැ කියන තියරියෙන්. නම් වශයෙන් වුණත් ඒ ගැන චකිතයක් නැතුව කියන්න බැරි නැහැ.

සුපර් ස්ටාර් කිරුළ අහිමි වුණද කිරුළු නොපලන් සුපිරි තරුව ශිහාන් මිහිරංග සුපිරිම බැටෑලියන් එකක් එක්ක අරගලයට ආවේ ස්ලෝගනුත් අරගෙනයි.

‘කලාකරුවන් විදියට අපිත් අරගලය වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා හිතුණා. ඒ හින්දම හැමෝටම කතා කරලා කණ්ඩායමක් විදියට එකා වගේ මෙතැනට ආවේ…’

ඒ, ශිහාන් මිහිරංගගේ ගැම්මෙන් පිරුණු හඬ.

‘ඔයාට ඇමෙරිකාවේ සිටිසන් තිබුණට අපට එහෙම නැහැ. ඒ හින්දා ගෝඨා ප්ලීස් අපට අපේ රට බේරලා දීලා ඔයා ඒ රටට යන්න…’

සරල නිළි කෙල්ලක වූ ඩිනක්ෂි ප්‍රියසාද් එහෙම කිව්වේ හරි හැඟීම්බරවය.

‘ගෝඨා ගෝ හෝම්’ කියන්න එපා. එතකොට එයාලා රටෙන් හොරාකාපු සල්ලිත් අරගෙන යන්න යයි… රටෙන් කාපු හැම රාජපක්ෂ කෙනෙක්වම ඇරෙස්ට් කරලා රටට එයාලගෙන් අයවෙන්න තියෙන හැම සතයක්ම ගත්තට පස්සේ එයාලට ‘ගෝ හෝම්’ කියමු…’

සජිත අනුත්තර, ශානිකා වනිගසේකර, ඩිනක්ෂි, මහේෂි මධුශංකා, දමිතා අබේරත්න, මේනක රාජපක්ෂ ආදී ජනප්‍රිය තරු ගෝඨාභය රාජපක්ෂට ‘ගෝ හෝම් ගෝඨා’ කියදදී ශිහාන් මිහිරංග මාධ්‍යයට උත්තර දුන්නේ ඉහත දැක්වූ ආකාරයටය. අරගලයකට දේශපාලන වශයෙන් ඇතිවන ඝට්ටනයකට එනු ඇතැයි කියා හිතාගන්නවත් බැරි ප්‍රවීණ ගායන ශිල්පී විශාරද නන්දා මාලනිය සමග ප්‍රවීණ කලා ශිල්පීන් වූ රෝහණ වීරසිංහ සහ සුනිල් ආරියරත්නද අරගල බිමට සේන්දු වූහ. ප්‍රවීණ සිනමාකරු ජයන්ත චන්ද්‍රසිරිද ඒ අතර සිටීම පුදුමසහගතය. මොකද ඔහු තවත් ප්‍රවීණ කලා ශිල්පීන් වූ රෝහණ වීරසිංහ, ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණුලා සමග රාජපක්ෂලාට ගෙඩි පිටින්ම කඩේ ගිය අයෙකි. (මෙතැනදී ඔවුන්ගේ ඒ අරගල සහභාගිත්වය අප අගය කරන්නෙමු.)

එලෙසම එකී මෙකී නොකී බොහෝ කලා ශිල්පීන් සමග ක්‍රිකට් තරුද රෝද බැඳගත් අරගල සහභාගිත්වය හිටි අඩියේ මෙලෙස ඇනහිටියේ ඇයි? අරගලයෙහි අවසානය ජනාධිපති මන්දිරය වැටලීම යැයි ඔවුන් සිතුවාද? එහෙමත් නැතිනම් දැන් නම් එය ඕනෑවට වැඩි යැයි ඔවුන් සිතුවාද? තවත් විදියකට කියනවා නම් යම් රැල්ලකට අනුව කලාකරුවන්ගේ හිත් තුළ අරගලය ගැන ඇතිවූයේ පුහු ගැම්මක් පමණද? අරගලය තුළින් කලාකරුවන් බලාපොරොත්තු වූ මෙහෙවර පසුව විකාරරූපී බවක් ගත්තා යැයි වුවද ඔවුන් සිතීම මෙම මඟහැර යෑමට හේතු වූවා වන්නටද පුළුවන. කොහොම වුණත් මොන දේ වුවද කලාකරුවන් ඇතුළු අරගලය වටා එක්රොක්ව සිටි අන් සියල්ලන්ද හිතුවාට වඩා ඉක්මනට අරගලය අතහැර ගියහ. හිරගෙදර දක්වාම අරගලය සම හිටපු දමිතා අබේරත්නද දැන් අරගලය ගැන කතාවක් නැත. ගමින් ගමට යන්නට පෙළගැහෙන අරගලයෙහි කොතැනකවත් දමිතා හිටපු නැති නිසා මෙහෙම ලියන්නට සිදුවූ බව පවසන්නෙමි.
අරගලයට මෙහෙම වුණේ ඇයි?

එයට ඕනෑ තරම් මත තිබේ. ප්‍රධානම මතය වන්නේ සිංහලයාට බොහෝ දේ මතක හිටින්නේ සහ යම් මතකයක් හිතේ රැඳෙන්නේ සතියකටත් වඩා අඩු කාලයකැයි හෝ දවස් තුනකැයි හෝ යන වැකිය ප්‍රසිද්ධියේම කිසිවකු විසින් ප්‍රකාශ කර තිබීමය.

තවත් විටෙක කලාකරුවන් මේ කළේ ඔන්න අපිත් ඇවිදින් ගියා කියන තාලේ ඇඟ බේරාගැනීමක්ද විය හැකිය.

සමහර විට අරගලය තුළ ඉදිවෙමින් තිබූ මුල් ප්‍රතිරූපය පසු කලෙක කෙමෙන් කෙමෙන් වෙනස් වූවාදැයි යම් පිරිස් හිතන්නට ගත්තා වන්නට පුළුවන. කලාකරුවන්ද විවිධ චරිත රැඟුවද අවසානයේ ඔවුන්ද සාමාන්‍ය මිනිසුන් නිසා ඔවුන්ටද එහෙම හිතුණා වෙන්නට පුළුවන.

ඒ සියල්ල මැද ජූලි නවවැනිදා ප්‍රහාරයට ඔවුන් සැලුණා වන්නටද පුළුවනැයි සිතිය හැකිය.
කරන්නම් වාලේ යමක් කරන අමුතු කලාව මත වුවද කලාකරුවන් අරගලයට පැමිණ ඉන්ස්ටන්ට් ස්ටයිල් එකේ රංගනයක් මවාපෑමෙන් අනතුරුව යන්නට ගියා යැයි කියාද කාට වුවද සිතෙන්නට බැරිය.

අරගලයට නැවත සහාය දෙනවා තියා අරගලයට සහභාගි වූ දවස් ගැන කතා කරන්නවත් ඔවුන් අද කැමැති නැත. සම්මුඛ කතිකාවකදී පවා කලාකරුවන් අරගලයට සම්බන්ධ ප්‍රශ්නවලට උත්තර දීම මඟහැර දමති. අරගලයට ගිහින් අර විදියට ගෝඨා ගෝ හෝම් කිව්වේ මේ තරු පිරිසදැයි සිතෙන තරමට එය පුදුමාකාරය. අවසානයේ තරු පිරිවරත්, තරු ජීවිතවලින් ඔබ්බට ගිය දූවිලි මාවත්වල දුක් විඳින මිනිසුන්ටත් අරගලය අරහං විය. ඒ නිසාම දැන් එය හෙමින් ගමනක බොහොම අමාරුවෙන්ය.

මුහුණු පොත ගෙන බැලුවහොත් එය නළු නිළියන්ගේ කතන්දරයටත් එහාය.

ඒ දවස්වල ඕනෑවටත් වැඩි උණක් අරගලය ගැන මුහුණු පොතට තිබිණි. ‘ගෝඨා ගෝ හෝම්’ යනුවෙන් වූ හෑෂ් ටැග් එක ඒ දවස්වල දාහේ දෙදාහේ ඉලක්ක පසුකොට ගියේ පුදුම වේගයකිනි.
‘500ක් දෙන්න. තව 300ක් ඕනෑ… නැත්නම් අපි පරාදයි…’

දසදහසකුත් එකක් ෆේස්බුක් අනුගාමිකයන්ගේ එකම මැතිරිල්ල එය විය. ඕනෑවට වැඩි යැයි හිතෙන තරමට එය පිස්සුවක් විය.

අද නම් ඉතින් අරගලය කියන වචනයවත් එහි ඉඳහිටවත් සටහන් වන්නේ නැත. එපා වෙන්නට ගුරුකමක්වත් කෙරුවා වාගේ අරගලය හැමෝටම වහකදුරුව ගියේය.

බස් නැවතුමේ දුම්රියපළේ හෝ රජයේ කාර්යාල වැනි තැන්වල ඇහෙන සමහර කතා මෙහෙමය.
අරගලයෙහි ප්‍රතිරූපය පසු කලෙක වෙනස් විය. එයට අරමුණක් නොවීය. නායකත්වයක් නොවීය. අවසානයේ පාර්ලිමේන්තුව වටලන්නට තිබියදී අරගලකරුවන් ජනාධිපති මැඳුරට පය තැබූහ.
අරගලයෙහි සුදු පිරුවට මඟදී ගැළවී යන්නට විය.

කුරුට්ටන්ගේ පාලනයට නතු වීම නිසා අරගලය අසාර්ථකව ගියේය.

ඒ කියන කතාවල පදනමක් තිබීම හෝ නොතිබීම වෙනම කතාවකි. ඒ අතර මෙහෙම කතාවක්ද වේ.

අරගලය සාර්ථක කරගැනීමට ජන මතය අවශ්‍යය.

ජන මතය ගොඩනඟන්නට නම් ජනතාව දැනුවත් විය යුතුය.

ඒ දැනුවත් බව ජනතාව සතුව තියේද?

ජන මතය ලැබුණහොත් පණ අදින අරගලය නැවත පණගසා නැගිටීද?

ඒ ප්‍රශ්න දෙකටම හරි කෙළින් උත්තර දිය නොහැකිය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙක් කාර්යාලය ඇතුළෙම වෙඩි තියාගෙන මැරිලා! ඇයි වෙඩි තියාගත්තේ? බරපතළ අබිරහසක්!

Next Post

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.