• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හැඩකාරියන් බිහිවුණේ නිකන්ම නෙවෙයි

February 18, 2020
in Astrology
Reading Time: 1 min read
A A
හැඩකාරියන් බිහිවුණේ නිකන්ම නෙවෙයි
Share on WhatsAppShare on Facebook

ලස්සන රූ සපුවකට අපි කවුරුත් ඉතා කැමැතිය. ප්‍රසන්න පෙනුමකින් යුත් මනා ඇඟ පසඟයෙන් යුත් ශරීරයකට හිමිකම් කීමට බොහෝ දෙනා තුළ ඇත්තේ ඉමහත් ආශාවකි. ඉතින් රූසපුව හැඩවෙන්නේ කොහොමද කියලා අපේ හඳහන අනුව ජ්‍යොතිෂානුකූලව ඒ පිළිබඳව විමසා බලමු.
ජ්‍යොතිෂය වූකලී ඉතාම සුවිශේෂ වූ ශාස්ත්‍රයකි. මේ තුළින් පුද්ගල ජීවිතයේ සියලු සන්ධිස්ථානයන් පිළිබඳව මනාව අවබෝධ කරගැනීමේ හැකියාව ඇත. එනම් ජ්‍යොතිෂය යනු තුන්කල් දක්නා ලද ශාස්ත්‍රයකි. රෝගාබාධ, රැකියාව හා හැකියාවන්, අධ්‍යාපනය, විවාහය, ධනය, ආදායම, වියදම, ඉදිරි අනාගත තත්ත්වයන් දරුපල, රූ සපුව හෙවත් ලස්සන වීම ආදී මෙකී නොකී සියලුම දේ මේ උතුම් ශාස්ත්‍රයෙන් අපට අනාවරණය කර ගත හැකිය.

වර්තමානයේ මාධ්‍ය මගින් හා පුවත් පත් මෙන්ම සමාජයේ බොහෝ දෙනා කතාකරන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ රූ සපුව පිළිබඳවයි. සමාජයේ බොහෝ දෙනා ලස්සන වීමට ඉතා කැමැතිය. මේ සඳහා උදව් කරන්නට බොහෝ දෙනා පෙළ ගැසී සිටී. ඒ අතරින් කාන්තාව රූ සපුව හෙවත් ලස්සන ගැන කතා කිරීමේදී සුවිශේෂි චරිතයකි. කාන්තාවගේ මුහුණ පුන් සඳකට සමාන කරමින් අලංකාර කවි මෙන්ම රසවත් ගීපද වැල්ද නිර්මාණය විය. මනා රූ සපුවෙන් යුත් ලලනාවක් දෙස කෙනකු දෙවරක් බලන්නේ කාන්තා ලාලිත්වය ඒ තරමටම සුන්දර නිසාවෙන්ය. පූර්ව ජන්මයේ කළ උතුම් පින් බල මහිමයෙන් අගනා රූ සපුවක් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට ලැබීම මොනතරම් අගනේද? කාන්තාවකට රූ සපුව වටිනා ආභරණයකි. එම නිසාවෙන් ඕනෑම වනිතාවක් තම ලස්සන කෙරෙහි දැඩි උනන්දුවක් දක්වයි. කෙනකුට උත්පත්තියෙන්ම ඉතාම අලංකාර රූ සපුවක් හිමිවන අතර තවත් කෙනෙක් ඒ සඳහා විශාල මුදලක් වියදම් කරමින් තම රූ සපුව කෘත්‍රිමව හැඩ කර ගැනීමට උත්සුක වන අවස්ථා අපට සමාජයේ කොතෙකුත් දැක ගැනීමට ලැබේ. ලස්සන වීමට ගොස් තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවූ ශෝචනීය පුවත් රාශියක් අපට පසුගිය කාලයේ අසන්නට ලැබිණි.

එසේ නම් ලස්සන වීමේ රහස් ඔබගේ ජන්ම පත්‍රය තුළින් විමසා බැලීමේ හැකියාව ඇත. පුර පස සඳු සිකුරු යන ග්‍රහයන් හඳහනේ බලවත්ව සුබ දෘෂ්ටි සහිතව සුබ ස්ථානයන්ගේ පිහිටා සිටීමත් රවි හා බුධ ග්‍රහයන්ගේ පිහිටීමත් රූ සපුව ගැන කතා කිරීමේදී ඉතාම වැදගත්ය.
රූපය වැඩි කරන තවත් ග්‍රහ පිහිටීමක් නම් සඳු බලවත් වීමයි. සඳු බලවත් වන ක්‍රම කීපයකි. රාශි බලයෙන් ස්ථාන බලයෙන් මෙන්ම අව පක්‍ෂයේ පුර පක්‍ෂයේ වීමෙන්ද සඳු බලවත් විය හැක. සඳු කාන්තා කේන්දරයක ඉතාම සුබව සිටිය යුතු වැදගත්ම ග්‍රහයෙකි.

සිකුරු ග්‍රහයා රූප ස්වභාවය ඔප්නංවා ගැනීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්නකු වශයෙන් හඳුනාගත හැකිය. සුන්දරත්වය ලැබෙනුයේ සිකුරු ග්‍රහයාගේ බලය අනුවය. සිකුරු බලවත් වීමට බලපාන හේතු කීපයකි. විශේෂයෙන්ම සිකුරු පිහිටන්නේ කීවැනි කොටුවේද යන්න මෙහිදී වැදගත් වෙයි.

රවි ග්‍රහයා ඉන් ඉතා වැදගත් වෙයි. රවි ග්‍රහයා කුජ සමඟ එකතු වීම නියත වශයෙන්ම ලස්සන රූපයකට හිමිකම් කීමට අවස්ථාව ලබාදේ. රවි හා කුජ එකට සිටීමත් සම සප්තමව (එකඑල්ලේ) සිටීමත් රූමත් රූපයක් ලැබීමට උපකාරි වන ග්‍රහ පිහිටීමක් ලෙස පෙන්වාදිය හැකිය.
මෙහිදී 6/8/12 ස්ථානවල රවි හා කුජ නොසිටීම හොඳය. එලෙස පිහිටිය හොත් දරදඬු බවක් ඇති වන අතර රූපය යටවේ. පුරුෂයකුගේ ජන්ම පත්‍රයේ 6 වැන්නේ රවි හා කුජ සිටීම උස මහත ශරීරයක් ලබාදේ. එම නිසා පුරුෂයකුගේ රූපයට සාපේක්‍ෂව ආරෝහ පරිනාහ දේහයකට උරුමකම් කියනා බැවින් එය යහපත් පිහිටීමකි.

ඉතාම සරලව පැවසුවහොත් පුර පක්‍ෂයේ පෝයට දින අටක් පමණ තිබියදී සඳු බලවත් වන අතර පෝය ගෙවී සතියක් පමණ යන තෙක් මෙම බලය තිබෙයි. අනෙක් දින දුර්වල යයි මෙයින් ගම්‍ය වන්නේ නැත. මක්නිසාද හඳහනක බලය එක් ග්‍රහයකුගේ අතේ පමණක් රඳා නොපවතින අතර සියලු ග්‍රහයන්ගේ පිහිටීම් යම් යම් තත්ත්වයන්ට සෘජුවම බලපවත්වන බවද අප මතක තබා ගත යුතුය.

ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ පෙන්වා දෙන ආකාරයට රවි, කුජ, සිකුරු සංයෝගය ඉතාම බලසම්පන්නය. මෙම යෝගය තිබෙන අය බොහෝ ලස්සන අතර ස්ථානයට අනුව අනෙක් සැප සම්පත්ද ලැබෙන අය වේ. මෙම ග්‍රහයෝ තිදෙනාම 6/9/10/11 යන ස්ථානවල පිහිටීම ඉතාම වැදගත්ය. අනෙක් තැන්වල පිහිටීමෙන් ලස්සන ලැබුණත් වෙනත් අඩුපාඩු සහිත විය හැකිය. කෙසේ වෙතත් සිකුරු ග්‍රහයා පමණක් කොටු 12ම නරක නැත.

එහෙත් විශේෂයෙන්ම ලස්සන ගැන කතා කරන විට සිකුරු 1/2/3/4/5/6/7/8/9/12/11 යන තැන්වල යෙදි තිබීම සුබයි. ජ්‍යෙතිෂ විද්‍යාවේදී බුධ ග්‍රහයා හඳුන්වන්නේ ළමයකු ලෙසය. බුධ ග්‍රහයාගේ ලස්සන වෙන ආකාරයකට පිහිටීමට හැකියාවක් ඇත.

බුධ 1 වැන්නේ පිහිටීමෙන් වයසට වඩා ළාබාල පෙනුමක් උරුම වෙයි. බුධ 4 වැන්නේදී බුද්ධිමත් බව හා රූපය ලැබෙන අතර බුධ 6 වැන්නෙදී ලස්සන රූප සම්පත්තියක් ලැබේ.

ගුරු ග්‍රහයාද ලස්සනට උදව් වෙතත් එය එතරම් ප්‍රබලව දක්නට ලැබෙන්නේ නැත. ශරීරයේ උස්

මිටි බව පාලනය කරන විශේෂයෙන්ම තරබාරු බව ඇති කරන ග්‍රහයකු ලෙසද ගුරු ග්‍රහයා හැඳින්වෙයි.

සෙනසුරු බලවත්ව සිටීම යහපත් වූ නමුත් රූමත් බව වැඩි කරන ස්ථානයක් පැහැදිලිව දක්නට නොමැත.

මෙලෙස කෙටියෙන් විස්තර කෙරුණද ඔබේ ජන්ම පත්‍රය දෙස පුළුල් අවධානය යොමු කිරීමෙන් මෙම කාරණා ඔබට සරලව තේරුම්ගත හැකිය.

මෙම කරුණු මෙලෙස සරලව දැක්විය හැකි නමුත් අලංකාර රූපයක් ලැබීමට නම් මෙම ග්‍රහ පිහිටීම් සියල්ලේම මනා සංකලනයක් තිබිය යුතු බව දැක්විය හැකිය.

අප මෙලෙස කොපමණ සඳහන් කළද කොපමණ ලස්සන තිබුණත් ගතිගුණ යහපත් නැත්නම් වැඩක් තිබෙනවාද යන්න සිතා බැලිය යුතුය. මෙම සියල්ල සමඟම කාන්තාවකට හෝ පුරුෂයකුට තිබිය යුතු හොඳම ගුණාංගය විය යුත්තේ ගුණධර්මයන් වන අතර ගුණ ධර්මය නැතිනම් පලක් නැති බවද දැන සිටීම ඉතාම වැදගත්ය.

එසේනම් පූර්ව ආත්ම භාවයේ අප කී කළ දේවල් මත මේ ආත්ම භාවයේ අප ලද රූ සපුවට අදාළ ග්‍රහ බල තත්ත්වයන් ඔබේ ජන්ම පතේ සටහන්ව ඇත. කෙනකුට ඉතා අලංකාර මනා වූ රූ සපුවක් ලැබෙන්නත් තවත් කෙනකුට එය නොලැබෙන්නත් තවත් අයකුට සාමාන්‍ය රූපයක් ලැබෙන්නත් අදාළ වූ ග්‍රහ බලපෑම ඔබේ ජන්ම පතේම නිවැරදිවම සටහන්ව ඇත. අප එය අවබෝධ කර ගැනීම තුළින් මා ඉහත සඳහන් කළ ආකාරයට රූපය තනන්නට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු නොවේ.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

ශ්‍රීලනිපය ‌පොහොට්ටුවට යටවෙයි: නායකයා මහින්ද: ‌මෛත්‍රී ‌දෙවැනි තැනට

Next Post

විජයගේ අන්තිම පැය ගැන චන්ද්‍රිකා හෙළිකරයි

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.