• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කුජ 7ට කුජ 7ම හරියයිද

October 3, 2020
in Astrology
Reading Time: 1 min read
A A
කුජ 7ට කුජ 7ම හරියයිද
Share on WhatsAppShare on Facebook

විවාහයක් සඳහා කේන්දර පරීක්‍ෂා කිරීමේදී පොරොන්දම්වලට වඩා විශේෂයෙන්ම පරීක්‍ෂා කර බැලිය යුත්තේ කේන්දර දෙකෙහිම ග්‍රහ හැසිරීම් රටාව ගැනයි. ග්‍රහ දෝෂ යෙදී ඇත්නම් සාම්ප්‍රදායික පොරොන්දම් ගැළපීම් ලකුණු 36ක්ම ඇතත් විවාහ වීමට හැකි වුවත් එය ස්ථීවරම දිවි ඇතිතෙක් ගෙන යෑමට නොහැකි වෙයි.

විවාහයට කේන්දර දෙකක් ගැළපීම දුෂ්කරය. දෝෂ නැති කේන්දර නොමැත. විවාහ දෝෂ බිඳී යන අන්දම ගැන පිරික්‍ෂා කර බැලිය යුතු වෙයි. මංගල දෝෂ, භෞම දෝෂ නමින් හැඳින්වෙන කුජගේ දෝෂ කේන්දරයක 1, 2, 4, 7, 8, 12 යන ස්ථානවල යෙදී තිබිය හැකිය.
මේෂ 2, මිථුන 4, තුලා 8, වෘශ්චික 8, ධනු 7, මීන 4 සහ 7 යන ස්ථානවල කුජ සිටීමෙන් භෞම දෝෂය සෑදේ.

වෘෂභ, කටක, සිංහ, කන්‍යා, මකර, කුම්භ ලග්නයන්ට කුජ භෞම දෝෂය නොමැත. කුජගේ භෞම දෝෂය කේන්දර දෙකෙහිම යෙදී ඇත්නම් එය භංග වෙයි. ගුරුගේ සංයෝගයන් පෙනීමක් හරහාද දෝෂය භංග වෙයි. අනෙක් ග්‍රහ දෝෂ ගැනද විමසා බැලිය යුතු වෙයි.
එක ග්‍රහයකු නරක තැනක සිටි පළියටම විවාහ දෝෂ හටනොගන්නා බැව් දක්වමු. එකී දෝෂ බිඳෙන අවස්ථා එමට ඇත. ප්‍රබලතම විවාහ දෝෂ 20ක්ම ඇත.

කුජ, අඟහරු 7 වැන්නේ සිටින විට අනෙක් කේන්දරයේද 7 වැන්නේම කුජ සිටින කේන්දර හිමියන් සෙවීමේ ක්‍රමයක්ද සමාජය තුළ පැතිර පවතී.

මෙය මිථ්‍යාවකි. කුජ 7 වැන්නේ සිටින අය අතිසාර්ථක යුගදිවි ගතකරන බැව් සොයාගෙන තිබේ. තවද කුජ 7 වැන්නේ සිටීම මහා පාපයක් පෙර කරන ලද මහා අකුසල මූලයක් බැව්ද යන්න තවත් මතයකි. විවාහයක් සාර්ථක වීමට හෝ අසාර්ථක වීමට කුජගේ බලපෑම මූලික වේ යැයි සිතීමද වැරැදි මතයකි. කුජට පමණක් හැකිද විවාහයක් කඩාබිඳ දැමීමට. විවාහය ප්‍රමාද වීමට හෝ විවාහ ගැටලු ඇති වීමට කුජ පමණක් නොව වෙනත් ග්‍රහයන්ගේද බලපෑම් තිබිය යුතු වෙයි.
7 වැන්නේ කෲරතම ග්‍රහයන් සිටින කේන්දර හිමියන් සාර්ථක යුග දිවි ගෙවන බැව් අප අත්දැක තිබේ. අන්‍ය භාවාධිපතීන්ගේ බල ශක්තිය ලැබී ඇති නිසා කටක ලග්න හිමියකුගේ කේන්දරයේ කුජ 7 වැන්නේ සිටීමෙන්ද, මකර ලග්න හිමියකුගේ කුජ 7 වැන්නේ සිටීමෙන්ද ඇති වන ප්‍රතිපල දෙකකි. කටකයට සුබයි, මකරයට අසුබයි. 7 වැන්නේදී කුජටත් වඩා රවි, බුධ, ගුරු ආදීහු යුගදිවියේ අසහනය මතු කොට දක්වන බවද පැහැදිලි කරුණකි.

රාහු හා කේතු සුබ – අසුබ නොතකා 7 වැන්නට අහිතකර බලපෑම් එල්ල කරනු ලැබේ. ඔබේ කේන්දරයේ අඟහරු 7 නම් බිය නොවන්න. විවාහයට බාධාවක් යැයි නොසිතන්න. අත්දැකීම් හරහා මෙවැන්නක් එළිදක්වමු. ‘ඉර පායන විට බටර් උණු වෙයි, මඩ තද වෙයි’ කුජගේ කතාවත් ඒ වගේමයි.

7 වැන්නට ලැබී ඇති අන්‍ය ග්‍රහ දුෂ්ටි කුජ තැන්පත් නැකැත 7 වැන්නාධිපති තැන්පත් නැකැත නවාංශක කේන්දරයේ ග්‍රහ හැසිරීම චන්ද්‍ර රාශිගෙන් හතර වැනි 22 වැනි දෙර්කාණාධිපති 64 වැනි නවාංශකාධිපති ආදී විවිධ පැතිකඩ පරීක්‍ෂාවට ලක් කළ යුතු වෙයි. 7 වැන්නේ සිටින කුජ ලග්නය මෙන්ම දෙවැන්නත් දස වැන්නත් දැකීම හරහා සුබපල ගෙන දෙනු ඇත. පාපියකු යැයි නම් කර ඇති පලියටම ඕනෑම ග්‍රහයකු අපල ගෙන දෙන්නේ යැයි සිතීම මිථ්‍යාවකි.
අන්‍ය ග්‍රහ බලය අනුවද දුෂ්ටි හරහාද පුද්ගලයකුට සුබපල ලැබෙන බැව් දක්වමු.
කුජ නිසා විවාහය ගැන කුකුසෙන්, සැකයෙන්, බියෙන් සිටිනවාට වඩා ගැඹුරින් ඔබේ කේන්දරයේ අඟහරු හැසිරෙන ආකාරය සොයා බලන්න. එය ඔබේ ජීවිතයට වැඩදායි වෙයි.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

රෑ ඩැනියෙල් දවල් මිගෙල් සමඟ අපි නැවත හමුවෙමු

Next Post

අඩි සියයක් උස තනි කළු ගලක හදපු කෛලාෂ් දේවාලය ශිව දෙවියන්ගෙ හාස්කමක්ද

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.