• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කර්මයෙන් උරුම වූ ඔබේ රැකියාව

February 17, 2020
in Astrology
Reading Time: 1 min read
A A
කර්මයෙන් උරුම වූ ඔබේ රැකියාව
Share on WhatsAppShare on Facebook

අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට ඉතාමත්ම වැදගත් මාතෘකාවක් වන වෘත්තීය මට්ටම නැතහොත් රැකියාව ගැනයි. රැකියාව කෙනකුගේ ජීවිත පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූ අංගයක් වෙනවා. ඉතාමත්ම පැහැදිලිව හා නිවැරැදිව කෙනෙකුගේ වෘත්තීය මට්ටම නැතහොත් රැකියාව ගැන අපට ජ්‍යොතිෂයෙන් පැවසිය හැකියි.

අධ්‍යාපනයෙන් පසුව සෑම ජන්මියකුගේම පරමාර්ථය වන්නේ ඉදිරි පැවැත්ම උදෙසා රැකියාවක් හෝ ව්‍යාපාරයක් කිරීමය. රාජ්‍ය, පෞද්ගලික, ව්‍යාපාරික, ස්වයං රැකියා ආදී වශයෙන් රැකියා විවිධත්වයකින් යුතු වෙනවා. පුද්ගලයකු උපතේ සිට යෞවනයට පත් වන තුරු බොහෝ විට ජීවත් වෙන්නේ යැපෙන්නකු වශයෙන්. ඇත්තටම ඔහු හෝ ඇය එම කාලය ගත කරන්නේ මාපිය හෝ වැඩිහිටියන්ගේ සෙවණේ. ඉතින් මෙම යෞවනයේ සිට තමයි ඔහු හෝ ඇය නිදහසේ කලඑළි බහින්නට සැරසෙන්නේ. අන්න ඒ යෞවනයේ සිට ඇරඹි නිදහස් කාලපරිච්ඡේදයේ ආරම්භයත් සමඟ ඔහු හෝ ඇයට රැකියාවක අවශ්‍යතාව දැනෙනවා. තම අරමුණු සඳහා තනිවම යෑමට උත්සාහ දරන සමයේදී රැකියාවක් සඳහා යොමුවීමට සිතුවිලි මනසට පහළ වෙනවා මෙන්ම මේ සිතුවිලි පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධත්වයක් ගන්නවා. කෙනෙක් පටන්ගැන්මේ සිටම ඉහළ පෙළේ රැකියාවක් බලාපොරොත්තු වෙනවා. තවත් කෙනෙක් සාමාන්‍ය රැකියාවකින් සෑහීමට පත් වෙනවා. ඒ වගේම කෙනකු රැකියාවට යොමු නොවීමේ තත්ත්වයකුත් තිබෙනවා. ඉතින් අප මෙහිදී තේරුම්ගත යුතු සත්‍ය තමයි තමන් පූර්ව ආත්මයේ කළ පින් හා පව් මත පුද්ගලයා උපදින විටම කර්මානුරූපව තමන්ට උරුම රැකියාවක්ද හිමිකරගෙන එන බවයි.

එදා රාජ සභාවේ රජතුමාට උපදෙස් දෙන්න ජ්‍යොතිෂවේදියෙක් හිටියා. ඔහු ඉතාමත් වැදගත් හා ප්‍රධාන පුද්ගලයෙක් වුණා. ඉතින් මේ ජ්‍යොතිෂවේදියා තමා එදා ඒ ඒ අංශයන්ට දක්ෂයන් තෝරා ඒ ඒ අංශ වෙත යොමු කරවන්නට රජතුමාට උපදෙස් දුන්නේ. ඔහු ඒ දෙය කළේ පුද්ගලයන්ගේ ජන්ම පත්‍ර උපයෝගී කරගෙනයි. ඔහුට ඒ තුළින් හැකියාව ලැබුණා නියමිත කාර්යයට නියම සුදුස්සා යොමු කරවන්න. ඉතින් අපට එයින්ම පැහැදිලි වෙනවා මේ හඳහනේ වැදගත්කම. කෙනකු උපදින විට කර්මානුරූපව පූර්ව ආත්මයේ කළ පින් පව් මත තමන්ට උරුම රැකියාවක් හිමිකරගෙන එනවා. ඉතින් ඒ අනුව තමා කෙනකුගේ රැකියාවේ මට්ටම තීරණය වෙන්නේ. මෙය කෙනකුගේ ජන්ම පත්‍රය තුළින් ජ්‍යොතිෂවේදියාට පැහැදිලි කර ගත හැකියි.
කෙනකු ඉහත ආත්මයේ කළ කී දෙය මත තමා මේ ආත්මයේ ඔහුගේ ජීවන තත්ත්වය තීරණය වෙන්නේ. මේ සියල්ලම කර්මානුරූපව සිදුවන දේවල්. ඇත්තටම මේක රැකියාවට පමණක් නොවෙයි ජීවිතයේ සියලු දේට බලපානවා. පෘථග්ජන අපට නම් මේ ක්‍රියාවලිය හිතාගන්න පවා අපහසුයි තමා. අන්න ඒ අහස් සිතියමට අනුව යම් ජන්මියකුගේ උපත සිදුවූ වේලාවට අනුව සකසන ජන්ම පත්‍රය අනුව තමා රැකියාව තීරණය වෙන්නේ. මෙන්න මේ කොටු 12 අතරින් 10 වැන්න තමා අප මේ සඳහා යොදා ගන්නේ. යම් පුද්ගලයකු මෙලොව උපදින විට අහස් සිතියමේ පෑයූ ග්‍රහ තාරකාවන්ගේ බලපෑම ඔහුට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් මේ නැඟෙනහිර සිතිජයේ උදා වූ ග්‍රහ බලයේ බලපෑම මත සකසන හඳහන මත තමයි පුද්ගලයාගේ අනාගත රැකියාව කුමක්ද යන්න පිළිබඳව අපට නිවැරැදි සංඥාාවක් ලබා ගත හැකි වෙන්නේ.

රැකියාව ගැන විමසීමේදී කොටු 12කින් යුත් ඔබේ ජන්ම පත්‍රයේ 10 වැනි භාවය එසේත් නැත්නම් 10 වැනි කොටුව පිළිබඳව තමා මූලික අවධානය යොමු කළ යුතු වන්නේ. එම ස්ථානය රැකියා ස්ථානය හෙවත් කර්මස්ථානය ලෙස අප හඳුන්වනවා. ඒ වගේම 10 වැන්නේ සිටින ග්‍රහයන්, ග්‍රහ සංයෝග, ග්‍රහ දෘෂ්ටි ඒවගේම 10 වැන්නාධිපතිගේ තත්ත්වය හා එම ග්‍රහයා සිටින භාවය හා එයට යොමු වන ග්‍රහ දෘෂ්ටි පිළිබඳව අප අවධානය යොමු කළ යුතුයි. එය සියුම්ව නිරීක්ෂණය කිරීම තුළින් ඔබට ලැබෙන රැකියාව පිළිබඳව ඉතාම නිවැරැදි නිගමනයකට එළඹීමට දක්ෂ ජ්‍යොතිෂවේදියාට හැකියාව තිබෙනවා.

මීට අමතරව අවධානය යොමු කළ යුතු තවත් කරුණු ලග්නභාවය හා ලග්නාධිපතිගේ තත්ත්වය 5 හා 9 වැනි රාශි ඒවගේම රැකියා කාරක රවිගේ තත්ත්වය හා ඉහත දැක්වූ භාවයන්වලට යොමු වන ග්‍රහ දෘෂ්ටි හා ග්‍රහ සංයෝග කෙරෙහිද අප අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම 2 හා 11 වැන්නේත් යම් බලයක් තිබිය යුතුයි. කේන්ද්‍රයේ 2 වැන්න කියන්නේ පුද්ගලයාගේ ධනස්ථානය. 11 වැන්න කියන්නේ අයස්ථානය. ලග්නාධිපති හා ලග්නභාවයේ ශක්තිමත් භාවය රැකියා තත්ත්වයන් කෙරෙහි ඉතාමත්ම වැදගත් වෙනවා. ඉහත කාරණය තව දුරටත් පැහැදිලි කළොත් ලග්නාධිපතිගේ ශක්තිමත් භාවය කියන්නේ ලග්නාධිපති නීච, සතුරු, දුබල මෙන්ම පාප දෘෂ්ටි නොවී බලවත්ව සිටීම හා ලග්නභාවයේ පාප ග්‍රහයන්ගෙන් පාප පීඩිත නොවීම යන කාරණයි. ඇත්තටම රැකියාව කියන්නේ අපේ ජීවන වෘත්තිය. කෙනෙකුගේ ජීවන වෘත්තිය තීරණය වෙන්න මම ඉහත කියපු 10 වැන්න නැතිනම් රැකියා ස්ථානය හෙවත් කර්මස්ථානය පමණක්ම බලවත් වෙලා මදි. ඉහත දැක්වූ ආකාරයට හඳහනේ 5 හා 9 යන භාවයන්වලින් කියන්නේ කෙනකුගේ අධ්‍යාපන මට්ටම හා උසස් අධ්‍යාපනය. ඒ වගේම පෙර පින ඉතින් යම් කිසි කෙනකුට හොඳ උසස් රැකියාවක් ලැබෙන්න නම් ඔහුට හෝ ඇයට හොඳ අධ්‍යාපන මට්ටමක් හා පෙර පිනක් තිබිය යුතු වෙනවා. මෙන්න මේ තත්ත්වය අපට පැහැදිලි කර ගත හැකි වන්නේ මම ඉහත කියපු 5 හා 9 යන භාවයන්වල ඇති බලවත් තත්ත්වයන් මත. ඉතින් එම භාවයන් හා භාවාධිපති ග්‍රහයන් සුබ නම් ඉදිරි රැකියාව පිළිබඳ අපට සුබවාදී බලාපොරොත්තු ඇති කර ගත හැකියි. එම භාවයන්වල ගුරු, සිකුරු, බුධ වැනි ග්‍රහයන් සුබව සිටින කල ඉතාමත් සුබදායක වෙනවා. පාප ග්‍රහයන් අසුබව සිටින කල අසුබවාදී ප්‍රතිඵල උදා වෙනවා.

යම් පුද්ගලයකුට හොඳ රැකියාවක් ලබා ගන්න නම් යහපත් ශරීර සෞඛ්‍යයක්, ධනය රඳවා තබා ගැනීමේ හැකියාවක් වගේම හොඳ අධ්‍යාපනයක් හා බුද්ධිමත් බවක් තිබිය යුතු වෙනවා. ඉහත කාරණා තුළින් මා පැහැදිලි කළේ එම කාරණාවයි. ග්‍රහයන් 12 දෙනා අතරින් ග්‍රහයන් 9යි අපට ජ්‍යොතිෂයේදී ප්‍රධාන වෙන්නේ. ඒ අතරින් රාහු කේතු ඡායා ග්‍රහයන් නිසා ඉතිරි ග්‍රහයන් 7 දෙනාට එක් එක් ප්‍රධාන විෂයන් සඳහා කාරක අයිතීන් හිමිව තිබෙනවා. එහිදී රවි ග්‍රහයා රැකියා කාරක ග්‍රහයා ලෙස හඳුන්වනවා. ඒ වාගේම සිකුරු විවාහ කාරක මෙන්ම ගුරු පුත්‍ර කාරක ලෙස හැඳින්වෙයි. ගුරු හෙවත් බ්‍රහස්පති සුබ පිහිටීම මෙන්ම ගුරුගේ දෘෂ්ටිය උසස් ඉහළ රැකියාවක් ලබා ගැනීම සඳහා බෙහෙවින් වැදගත් වෙනවා. ආලෝක ග්‍රහයන් වන රවි සඳුගේ බලපෑම රැකියාව සඳහා ඉතාමත් අවශ්‍යයි. රැකියාව යන කාරණයේදී රවි සඳු විශේෂ කාර්යභාරයක් ඉටු කරයි.

නවාංශක කේන්ද්‍රය රැකියාව සොයා බැලීම සඳහා යොදාගත යුතු අනිවාර්යයෙන්ම නවාංශක කේන්ද්‍රයේ 10 වැන්න හා 10 වැන්න අධිපති මෙන්ම රවිගේ පිහිටීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. මීට අමතරව ලග්නයෙන් 10 වැන්නාධිපති උත්පත්තියේදී ගමන් ගත් නැකත, රවි ගමන් ගත් නැකත යන කාරණා මෙන්ම කේන්ද්‍රයේ 22 වැනි දෙර්කාණාධිපති හා 64 වැනි නවාංශකාධිපති පිළිබඳවත් අප අවධානය යොමු කළ යුතු වෙනවා.

කේන්ද්‍රයේ 10 වැනි භාවයේ හෝ 10 වැන්නාධිපති 22 වැනි දෙර්කාණාධිපති හා 64 වැනි නවාංශකාධිපති වීම රැකියාවට බලපාන්නේ මෙහෙමයි. හඳහනක 22 වැනි දෙර්කාණාධිපති හා 64 වැනි නවාංශකාධිපති කියන්නේ එම කේන්ද්‍රයට අසුබම ග්‍රහයා වෙනවා. ඉතින් ඒ අසුබ ග්‍රහයා මේ රැකියා ස්ථාන තුළට සම්බන්ධ වීම මත රැකියාව පිළිබඳ යම් යම් ප්‍රශ්න හා ගැටලු උදාවීමේ අවදානමක් තිබෙනවා තමයි. ලග්න අනුවත් රැකියාවේ වෙනස්කම් ඇතිවෙනවා. එක් එක් ලග්න අනුව රැකියාවේ විවිධත්වයන් අපට හඳුනාගත හැකි වෙනවා.

රැකියාව සඳහා ග්‍රහයන්ගේ බලවත් වීම ගුරු වෘත්තිය සඳහා බුධගේ බලපෑම ප්‍රමුඛ වන අතර ගණිත හා ඉන්ජිනේරු වෘත්ති සඳහා කුජ ග්‍රහයාගේ හා බුධගේ බලයද එක් විය යුතුය. විනිසුරු හෝ නීතිඥ තනතුරු සඳහා නම් බුධ හා ගුරු යන ග්‍රහයන් දෙදෙනාම බලවත් වී 10 වැන්නට එම ග්‍රහයන්ගේ දෘෂ්ටි විය යුතුය. රවි / බුධ / කුජ හා සෙනසුරු ග්‍රහයන්ගේ දායකත්වයෙන් වෛද්‍ය වෘත්තියට යොමු විය හැකිය. රාජ්‍ය අංශයේ ඉහළ වෘත්තීන් සඳහා රවිගේ බලපෑම අත්‍යවශ්‍ය වෙයි.

විදේශීය රැකියා කෙරෙහි ග්‍රහ බලපෑම හඳහනේ 10 වැන්න චර රාශියකට යෙදී තිබීමත් රාහු හෝ සඳු චර රාශි ගතව සිටීමත් රාහු බලවත්ව 11 වැන්නේත් ගුරු වැනි ග්‍රහයන් 12 වැන්නේ සිටීමත් විදෙස් රැකියා සඳහා සුබදායක පිහිටීම් වෙයි. හඳහනක පුද්ගලයකුගේ රැකියාව පිළිබඳ නිවැරැදිව විවරණයක් කිරීමට සමස්ත කේන්ද්‍රයේම ග්‍රහ ශක්තිය පදනම් කර ගත යුතුයි. එවිට නිවැරැදිවම සාර්ථක තීරණයක් ගත හැකියි.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

DSI සුපර් ස්පෝර්ට් වොලිබෝල් ශූරතා තරගාවලිය 20 වැනි වරටත්

Next Post

ලංකාවේ බිත්තර වී බැංකුව

MORE NEWS

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Astrology

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

ඔබත් විෂ කන්‍යාවක්ද?
Astrology

සල්ලි එන පාරවල් එක පිට එක වැහෙන ඊසාන දිග…! මෙන්න කඩන්නේ නැතුව ගොඩයන සරල පිළියම්…! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

Load More
ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

සමගි වනිතා බලවේගයේ ප්‍රථම බල මණ්ඩලය ඊයේ (14) දින ආනමඩුව ආසනයේදී අති සාර්ථක ලෙස පැවැත්වුනා. Sri Lanka Latest News මේ...

Read more
කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.