බිත්තර මිල අඩුකිරීමට ඉඩ නොදෙන්නේ අතරමැදි බිත්තර වෙළෙඳ සංගම් බවත් එම සංගම්වලට උඩගෙඩි දෙන වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු යනු ජාඇල ප්‍රධානම අතරමැදි බිත්තර සංගමයේ සභාපති ඇන්ටනි අප්පුහාමිගේ මස්සිනා බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්. බී.ආර්.අලහකෝන් පවසයි.
ලේකම්වරයා පැවැසුවේ මේ අතරමැදියන්ගෙන් ජනතාව මුදාගෙන කෙළින්ම ගොවියාගෙන් පාරිභෝගිකයාට බිත්තර විකුණන ක්‍රමයක් සකස් කරන්නට කෘෂිකර්ම ඇමැතිවරයා කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ මුල්ම අවස්ථාවේ දී එයට හරස් කපන ප්‍රධානම දේශපාලකයා වෙළෙඳ ඇමතිවරයා බවය.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්. බී.ආර්. අලහකෝන් පැවසූ කතාව වෙබ් අඩවි වාර්තා කර තිබුණේ මෙසේය.
ඇත්තටම මේකට වගකින්න ඕනේ මේ අතරමැදි බිත්තර වෙළෙඳ සංගම්. එදා රුපියල් 43ට ගැසට් එකේ මිලට දෙන්න පුළුවන් කියපු අය අද රුපියල් 65යි 60 කියලා බිත්තර විකුණන්න කතා කරනවා.
මහින්ද අමරවීර ඇමතිතුමා එකක් කරපු සාකච්ඡාවේදී ඇමතුමා අපිට කිව්වා මේක පරිභෝගිකයාට කෙළින්ම ලබාදෙන ක්‍රමවේදයක් හදන්න කියලා. ඒ අනුව තමා බිත්තර ලක්ෂ 4ක් කොළඹ නගරයේ බෙදුවේ.
දැන් මේ ක්‍රමය අසාර්ථකයි කියලා පෙන්නන්න හදනවා. වෙළෙඳ ඇමැතිවරයාත් ඒ වගේම සමහර සංගම් කීපයකුත් පාරිභෝගිකයා වෙනුවෙන් කතා කරනවා. ඒත් වෙළෙන්ඳා වෙනුවෙන් කතා කරනවා දැකලා තියනව ද?
ඔය ජා-ඇල තියෙන බිත්තර සංගමයේ සභාපති ඇන්ටනි අප්පුහාමී කියන පුද්ගලයාගේ මස්සිනා තමයි වෙළෙඳ ඇමති.
ඉතින් වෙළෙඳ ඇමැතිවරයාට කියන්න පුළුවන්නේ බිත්තර මිල නග්ගන අතරමැදි සංගම්වලට මේ වැඩේ වැරදියි කියලා. ඒක නවත්වන්න කියලා.
අපිට බැණලා වැඩක් නෑනේ. බිත්තර අඩු මිලට අරගෙන කූල් රූම්වල දලා එකතුකරලා නැවතත් වැඩි මිලට විකුණන මාෆියාවක් මෙකේ ඇතුළේ තියෙනවා. ඒ සඳහා සමහර ඇමැතිවරු උදව් කරනවා.
lankasara










