• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුපිරි වාහනයක් යට කරගෙන ගිය ත්‍රීරෝද රියැදුරාගේ දුක්ඛිත කතාව…

December 19, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
සුපිරි වාහනයක් යට කරගෙන ගිය ත්‍රීරෝද රියැදුරාගේ දුක්ඛිත කතාව…
Share on WhatsAppShare on Facebook

‘ළමයි තුන්දෙනෙක් එක්ක මම අසරණ වෙලා මට කිසිම ආදායමක් නැහැ…’ පසුගිය 10 වැනිදා උදෑසන 6.15ට පමණ කොල්ලුපිටිය ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරින් තම ස්වාමියා අහිමිවූ කාන්තාව හඬාවැටුණේ එලෙසිනි. ඇය පාසල් වයසේ පසුවන දරුවන් තිදෙනෙකුගේ මවකි. ත්‍රිරෝද රථ රියැදුරකු වූ ඇගේ ස්වාමියා අනතුරට ලක්වූ මේ අනතුර බොහෝ දෙනකුගේ කතාබහට ලක්වුණා.

‘මේ අනතුර සිදුකළ පුද්ගලයා ඇවිත් අපිට කතා කළේවත් නැහැ. ඔහු මේ රටට ගෙන්නලා දෙන්න කියලයි ඉල්ලන්නේ. ඇයි මෙහෙම මිනිස්සුන්ට කරන්නේ කියලායි අපි අහන්නේ…’ මේ ලෝකයේ තනිව අසරණ වූ බිරිඳ හඬාවැටුණේ එලෙසිනි.

මියගිය ත්‍රිරෝද රථ රියැදුරාගේ පුත්‍රයා හඬාවැටුණේ ‘හැමදාම වගේ තාත්තා එදත් උදේ 5.15ට විතර ගෙදරින් ගියා. ත්‍රීවීල් හයර් තමයි තාත්තා කරන්නේ. කොහොම හරි මේ අනතුර වෙලා තියෙන්නේ 6.15ත් 6.30ත් ඇතුළත. අපිට උදේ 7.10ට විතර කෝල් එකක් ආවා. කෝල් එක අරගෙන විස්තර ඇහුවා මේ කවුද ඔයාගේ කවුද කියලා. අපි මෙහෙමයි කියලා විස්තර කිව්වා. ඊට පස්සේ කිව්වා තාත්තා මෙහෙම ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා කියලා. තාත්තා එහෙම ඕනෑවට එපාවට වාහන එළවන්නේ නැහැ. තාත්තාට මේ වෙච්ච දේට සාධාරණයක් ඕනේ. මමත් තාම ඉගෙන ගන්නවා. මට 6 වසරේ නංගි කෙනෙක් ඉන්නවා. අක්කා කෙනෙකුත් ඉන්නවා. එයත් තාම ඉගෙන ගන්නවා. තාත්තා තමයි මෙච්චර කල් අපිට කන්න ගෙනත් දුන්නේ…’ යනුවෙන් පවසමිනි.

මියගිය ත්‍රිරෝද රථ රියැදුරාගේ අසල්වැසියෙක් පැවසුවේ, ‘තුවාන් කියන්නේ ඉතාම අහිංසක මනුස්සයෙක්. කාටවත් කිසිම වරදක් නැහැ. හිනාවෙලා කතාකරන බොහොම අහිංසක මනුස්සයෙක්. මේ අසාධාරණය වුණු එකට වැරදිකරුවන්ට දඬුවම් දීලා මේ පවුලට ජීවත් වෙන විදියක් සලස්වලා දෙන්න පුළුවන් නම් ඒ දේ තමයි මේ වෙලාවේ කරන්න කියලා ඉල්ලන්නේ….’ යනුවෙනි.

අනතුර සිදුකළ පුද්ගලයා එම අවස්ථාවේදීම පලාගොස් තිබූ අතර, ඔහු එදිනම පෙ.ව. 10ට පමණ ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි පසුව අනාවරණ වුණේ.

මෙවැනි මාරක අනතුරක් සිදුකර සැකකරු පලාගියේ කෙසේද යන ප්‍රශ්නය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස ප්‍රශ්න කෙරුණා. අනතුර සිදුකර පැය තුනක් වැනි ඉතා කෙටි කාලයක් තුළ මේ අපරාධකරුට රටින් පැනයෑමට තරම් අප රටේ ආරක්ෂක අංශය මරනින්දේ පසුවුණාද යනුවෙන් බොහෝ දෙනා ප්‍රශ්න කර සිටියා.

අපරාධය සිදුකළ සුපිරි බෙන්ස් රථය පදවාගෙන පැමිණි තරුණයා පෙරදා රාත්‍රිය පුරාම මත්පැන් පානය කරමින් සමාජශාලා කිහිපයකට ගොස් විනෝද වී ඇති බවත්, ඇය සමග තවත් කාන්තාවන් කිහිපදෙනකුම සිට ඇති බවත් විමර්ශනවලදී හෙළිවුණා. මෙලෙස මත්පැන් සාදයක්ද පවත්වා කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පස්දෙනකුගෙන් යුත් පිරිස රාත්‍රී සමාජශාලා තුනකින් මත්පැන් පානය කර තවත් මත්පැන් පානය කිරීම සඳහා කොළඹ තරු පහේ හෝටලයක් වෙත යමින් සිටියදී රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව තිබූ බවද එම විමර්ශනවලදී වැඩිදුරටත් හෙළිකරගෙන තිබුණා.

කොල්ලුපිටිය සිට ගාලුමුවදොර දෙසට අධික වේගයෙන් ධාවනය වූ මේ සුපිරි මෝටර් රථය ඉදිරියෙන් ධාවනය වී තිබුණේ ත්‍රිරෝද රථයකි. මෝටර් රථය පදවාගෙන ගොස් තිබුණේ මොහොමඩ් රිස්වාන් නමැති 26 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කෝටිපති ව්‍යාපාරිකයකු බවද පැවසේ. ඔහු අධික ලෙස බීමතින් පසුවීම හේතුවෙන් එක්වරම රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වූ ත්‍රිරෝද රථය හප්පාගෙන ගොස් අසල නිවෙසක ගේට්ටුවද පසාරු කරමින් ඇදීගොස් නතරවී තිබුණා. මෙම අනතුර සිදුව තිබුණේ කොල්ලුපිටිය මහජන බැංකුව අසලදීයි. මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණේ කහතුඩුව ප්‍රගති මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි ඩ්‍රෑමන් නුර්දින් තුවාන් පුත්‍රා නමැති 58 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පාසල් වියේ පසුවන දරුවන් තිදෙනකුගේ පියෙකි. අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු මෙලොව හැරගොස් තිබුණා. අනතුර සිදුවන අවස්ථාවේ එම මෝටර් රථයේ කාන්තාවන් දෙදෙනකුද සිට ඇති අතර, අනතුර සිදුවීමත් සමග එක්රැස්වූ කාන්තාවන්ගේ පහරදීමට ලක්වූ ඔවුන්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. පහරකෑමට ලක්වූ කාන්තාවන් දෙදෙනා අවුරුදු 29 හා 31 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පැවසුවා.

අනතුරෙන් මියගිය නුර්දින් තුවාන් සිය දරු පවුල ජීවත් කරවූයේ ත්‍රිරෝද රැකියාවෙනි. එදිනද අලුයම 5.15ට පමණ කහතුඩුවේ සිය නිවෙසේ සිට කොල්ලුපිටිය බලා ඔහු ගොස් තිබුණේ ත්‍රිරෝද රැකියාව සඳහායි. කෙසේ වෙතත් අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ඔහුගේ අවසන් කටයුතු පසුගිය 11 වැනිදා සිදුකෙරුණා. අනතුරෙන් මියගිය තුවාන්ගේ බිරිය කරකියා ගන්නට දෙයක් නොමැතිව හඬා වැටුණේ ‘මගේ ළමයි තුන්දෙනත් එක්ක මම අසරණ වුණා. අපිට වෙන කිසිම ආදායමක් නැහැ. ළමයි තුන්දෙනාම ඉස්කෝලේ යනවා. මට වෙන මුකුත් ඕනේ නැහැ. දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලයි ඉල්ලන්නේ…’

මෙහිදි මෝටර් රථය පැදවූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන 26 හැවිරිදි මොහොමඩ් රයිසුල් මොහොමඩ් රිෂාක් අනතුර සිදුවී පැය කිහිපයක් තුළ රටින් පිටව ගොස්ව තිබූ බවයි පරීක්ෂණවලින් අනාවරණය වුණේ. ඔහු කෝටිපති ව්‍යාපාරිකයකු බවත් ඔහුට අයත් බව කියන මරදාන, දෙහිවල සහ වැල්ලම්පිටිය නිවෙස් පරීක්ෂා කිරීමේදී මොහු නොසිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර තිබුණේ.

මේ සැකකරු බොහෝදෙනකු හැඳින්වූයේ ඉෂි නමින්. බොහෝ දෙනෙක් පවසා තිබුණේ මොහුට ඇති දේශපාලන සබඳකම් මත ඇප ලැබී ඇති බවයි. ඔහු ඩුබායි බලා ගියේද එම දේශපාලන හයියෙන් බවත් බොහෝදෙනකු සඳහන් කළා. රටෙන් පැනලා ඩුබායි රාජ්‍යය බලා පැන යන්න ඔහුට ඉඩ සලස්වා දුන්නේ කවුද? අපි හොඳින්ම දන්නවා රිය අනතුරක් සිදුකළ පුද්ගලයෙක් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගතකළ යුතුයි කියලා. ඔහුට ඒ කාලය තුළ විදේශ ගමන් තහනම්. මේ අප දන්නා නීතියයි. නමුත් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ මේ සුඛෝපභෝගී බෙන්ස් රථයේ පැමිණි කාන්තාවන්ට පහර දුන් කාන්තාවන් දෙදෙනෙකි. ඔවුන් සනීපාරක්ෂක ආයතනවල සේවය කරනු ලබන කාන්තාවන් දෙදෙනෙකි. සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම කාන්තාවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවැසුවේ.

කෙසේ හෝ දැන් මේ අනතුරෙන් අසරණ වී ඇත්තේ ත්‍රිරෝද රථ රියැදුරාගේ බිරිඳ සහ දරුවන් තිදෙනායි. මේ අසරණ පවුලට වගකියන්නේ ඉෂිද, එහෙම නැත්නම් වෙන කවුරුන්ද යන්න සියලු දෙනාගේම සිත් තුළ මතුවන ප්‍රශ්නයයි.

අනතුර සිදුකිරීමෙන් පසු රටින් පලාගොස් සිටි කෝටිපති ව්‍යාපාරිකයා දින දෙකකට පසු පසුගිය 12 වැනිදා රාත්‍රී 9.50ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණා. ඉන් පසුව සැකකරු කටුනායක පොලිසිය වෙත භාරදී තිබුණු අතර ඔහුව කොල්ලුපිටිය පොලිසියට යොමුකර තිබුණා. අනතුරුව ඔහු 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා නියෝග කළේ.

බීමත්ව රිය පදවන්නන් හේතුවෙන් අද වන විට සිදුවන අනතුරු සංඛ්‍යාව අතිවිශාලයි. සෑම රාත්‍රියකම සෑම දහවලකම, සෑම අලුයමකම බීමත් රියැදුරන් අතින් සිදුවූ අනතුරු රාශියක් අපට අසන්නට දකින්නට ලැබෙනවා. මේ අනතුරු අවම කරගන්නට පොලීසිය උපරිම උත්සාහ දැරුවද ඒ උත්සාහයන් සාර්ථක වූ බවක් දකින්නට ලැබෙන්නේ නෑ. බීමත් රියැදුරන්ට පනවන දඬුවම් මීට වඩා දැඩි කළ යුතු බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා. බීමත්ව රිය පදවා පොලිසියට හසුවන රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වාම තහනම් කරන්නේ නම් එය තරමක් දුරට හෝ යහපත් ප්‍රතිඵලයක් අත්කර දෙන්නට සමත් වේවි.

මාරක රිය අනතුරක් සිදුකර රටකින් පලාගියත්, ඔහුට හෘද සාක්ෂියෙන් නම් කවමදාවත් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. මේ අනතුරෙන් අසරණ වුණේ දරුවන් තිදෙනෙක් සහ බිරිඳකි. මේ අනතුර නිසා අසරණභාවයට පත්වුණේ කරකියා ගන්නට දෙයක් නැති දිළිඳු පවුලකි. ඔවුන්ට දේශපාලන බලයක් හෝ ධනවත් බවක් නැහැ. ඔවුන් දිළිඳුකමේ අන්තයටම වැටුණු අහිංසකයන් පිරිසක් බව මතක තබාගෙන, ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම සහ වැරැදිකරුට නීතියේ උපරිම දඬුවම් පැනවීම විනා වෙනත් කරන්නට කිසිවක් බලධාරීන්ට ඉතිරිව නැහැ.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අනුර ජර්මනියේ! (PHOTO)

Next Post

ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා මට නොකියම ඇයි ගියේ වනයට පියාඹලා…

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.