• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් තරුණයන්ට ආරාධනා කරයි!

December 12, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
නැගෙනහිර ඉඩම් ගොවි ජනතාවට ලබා දෙන්න රනිල් සූදානම්! 2023 සාගතයට දැන්ම තියා ලෑස්ති වෙන්න කියයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

වත්මන් ගැටළුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැඟීමේ දී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයන් 6,500ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් ඊයේ (11) පෙරවරුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවය අමතමිනි.

දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබු “බීජ පත්‍රිකාව” ඇගයීමට ලක් කළේය.

306 C – 2 ලියෝ සමාජයේ දිස්ත්‍රික් සභාපති ලියෝ ඉඳුනිල් උදාර පලිහවඩන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත සමරු තිළිණ පිළිගැන්වූ අතර ලියෝ සාමාජිකයන් සඳහා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

ලියෝ සමාජය සඳහා නව සාමාජිකයන් බඳවාගැනීමේ අවස්ථාවට අද මට ආරාධනා කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා. මේ වන විට ලියෝ සමාජය සීග්‍ර දියුණුවක් ලබා තිබෙනවා. 1980 ගණන්වල මම අධ්‍යාපන අමාත්‍ය ධූරය දරණ සමයේ මෙහි මෙවන් දියුණුවක් දක්නට ලැබුණේ නැහැ. මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් බව කිවයුතුයි.

මෙවන් සමාජ මගින් ඔබව හොඳ නායකයෙක් බවට පරිවර්තනය කරනවා වගේම, එයින් ලබන නිපුණතාව ඔබ සම්බන්ධවෙන ඕනෑම ක්ෂේත්‍රයක නායකත්වය දක්වාම යාමට ඔබව පුහුණු කරනවා.

මෙතන සිටින බොහෝ දෙනා සමඟ කතා කිරීමට මට අවස්ථාව ලැබුණා. කොළඹින් මෙම අවස්ථාවට සහභාගීවූ අයට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයෙනුත් තරුණ තරුණියන් සහභාගීවීම පිළිබඳ මට හරි පුදුමයි. ඒ සහභාගීවූ සියලුදෙනාට මම ස්තූතිය පුද කරනවා.

මම හිතනවා ඔබ, ඔබේ කොළඹ සංචාරය හොඳට අත්විඳින්න ඇති කියලා. එමෙන්ම මෙම ප්‍රදර්ශන භූමියේ තිබෙන සියලු ප්‍රදර්ශන කුටි මම නැරඹුවා. ආනන්ද විද්‍යාලය ඉතා අගනා ‍කුටියක් නිර්මාණය කර තිබුණා. ඔවුන්ගේ නිර්මාණ අතර සුවිශේෂ කඩදාසියක් තිබුණා. ඒක මිරිස් බීජ පත්‍රිකාවක්. ඔවුන් කියන්නේ එම පත්‍රිකාවේ ලියලා පසුකාලීනව එය වගා කරන්න පුළුවන් කියලා. ඉතින් මම පළමුව එම පත්‍රිකාවේ පසුපිටෙහි ලියලා බැලුවා. ඔව් ලියන්න පුළුවන්. ඉතින් මම ඔබගේ ඒ නිර්මාණයට සුබ පතනවා.

අපි පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රවර්ධනය කරන නිසා මෙවැනි නිර්මාණ ඉතා වැදගත්. මම මගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට උපදෙස් දෙනවා එම පත්‍රිකා සියල්ලම මිලදී ගන්න කියලා. ඒත් ඊට පෙර ඒ සියල්ලේම ජනාධිපති නිල මුද්‍රාව මුද්‍රණය කරගත යුතු වෙනවා.

අපි මේ පත්‍රිකා නිරන්තරයෙන් භාවිතා කරනවා. මම ම‍ගේ කාර්යාලයට උපදෙස් දෙනවා භාවිතයෙන් පසු නැවතත් එම පත්‍රිකා ආනන්ද විද්‍යාලයට ලබා දෙන්න කියලා. ඊට පසුව ඔවුන් අපට දන්වා සිටිය යුතුයි, එම පත්‍රිකා රෝපණය කරලා ඒවායේ අස්වැන්න ලබාගත්තේ කොයි කාලේද කියලා.

ඒ වගේම මේ ප්‍රදර්ශනයේ දී ඔ‍බේ දක්ෂතා පිළිඹිබු කෙරෙන අතරම, රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක ඔබගේ මෙම දක්ෂතාවයන් ඉතා ප්‍රයෝජනවත් වෙනවා.
අප රට මහුණදී තිබෙන අර්බුදයේ දරුණුම අවධියේදී තමයි මට ජනාධිපති ධූරය භාරගන්න සිදු වුණේ. ඒ අවස්ථාවේදී මෙම ධූරය භාරගැනීමට බොහෝ දෙනෙක් අකමැති වූණා. මම මෙය භාරගත යුත්තේ ඇයි කියලා මමම කල්පනා කළා. අපේ රටේ තරුණ පරපුරට අනාගතයක් තිබිය යුතුයි. අප ඔවුන්ට එම අනාගතය ගොඩනගාදිය යුතුයි. රටේ ආර්ථිකය කඩා වැටුණහොත් ඔවුන්ට එම අනාගතය ගොඩනඟාදීමට අපට නොහැකි වෙනවා. අපි නම් අපේ ජීවිතය ගතකරලා අවසන්. ඒ නිසා තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා.
පසුගිය අප්‍රේල් මාසයේදී මේ රටේ තරුණයෝ ලස්සන ව්‍යාපාරයක් ආරම්භ කළා. කවුරුත් එය අගය කළා. නමුත් පසුකාලීනව වෙනත් කණ්ඩායමක් එය අතට ගැනීම නිසා එම ව්‍යාපාරය ප්‍රචණ්ඩත්වයෙන් අවසන් වුණා. තරුණ තරුණියන් මෙම අර්බුදකාරී ස්වභාවය දිගටම පවත්වාගෙන ගියහොත් ඔවුන්ට යහපත් අනාගතයත් ඉතිරිවන්නේ නැහැ.

පසුගිය අප්‍රේල් වන විට රටේ දේශපාලන ක්‍රමය ඉතාම අස්ථාවර වුණා. ආර්ථිකය කඩාගෙන වැටුණා. ඉන් පසුව මම හිතුවා මෙම අභියෝගය භාරගෙන මේ රට නැවතත් නගාසිටුවන්නේ කොහොමද කියලා, ඒ වගේම තරුණයන්ට ගැළපෙන අනාගතයක් ගොඩනගන්නේ කොහොමද කියලා.

නමුත් අපි මේ වන විට එක් කාරණයක් හඳුනාගෙන තිබෙනවා. ඒ තමයි තරුණ තරුණයන් මෙම දේශපාලන ක්‍රමවේදය පිළිබඳව සෑහීමකට පත් නොවන බව. මම කිසිවෙකුට දෝෂාරෝපණය කරන්නේ නැහැ. අපි දේශපාලනඥයින්. නමුත් දේශපාලනඥයන් ඒ ඒ අවස්ථාවල ජනතාවට පොරොන්දු දුන්නත් කිසි කෙනෙක් අනාගතය දෙස බැලුවේ නැහැ.
නමුත් සිංගප්පුරුව, ජපානය, ඉන්දියාව වගේ අනෙක් රටවල මේක සිදු වුණේ නැහැ. අපි සාමාන්‍යයෙන් කළේ පොරොන්දු දීලා බලයට එන එක. ඉන් පසුව නැවත පරාජය වෙනවා. නැවතත් බලයට එන්න පොරොන්දු දෙනවා.

එහෙත් තරුණ තරුණියන්ට ජීවිතයේ ඉතා ඉහළ බලාපොරොත්තු තිබූ අවස්ථාවකදී රටේ ආර්ථිකය කඩා බිඳ වැටුණහම පවතින ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කර සිටියා. ඉතින් ඔවුන් අසාධාරණ යැයි සිතන ක්‍රමවේදයක් ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමට නොහැකියි.

දැන් ආර්ථිකය කඩාවැටුණා. අපට ආහාර තිබුණේ නැහැ, ඉන්ධන තිබුනේ නැහැ. අපට අනාගතයක් පිළිබඳ හිතන්න බැරි වුණා. අද අපි යම්තරමකින් රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන තිබෙනවා පමණයි. අපට ජාත්‍යන්තර අරමුදලේ ගිවිසුම සාර්ථක කරගැනීමට තිබෙනවා. ඒ අනුව ඉදිරි සංවර්ධන වැඩපිළවෙළ ක්‍රියාත්මක කළ යුතුයි.

නමුත් මෙහිදී අපට පළමුව තරුණයන්ගේ හඬට සවන්දීමට සිදු වෙනවා. මේ කාරණයේදී අපි නිර්දේශකර තිබෙනවා පාර්ලිමේන්තුවේ සෑම අධීක්ෂණ කාරක සභාවකටම තරුණයින් පස් දෙනෙක් ඇතුළත් කරන්න.

මේ කටයුත්තේදී අවාසනාවන්ත ලෙස යම් ප්‍රමාදයන් සිදුව තිබෙනවා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කණ්ඩායම් ඒවයේ සභාපතිත්වය සම්බන්ධයෙන් ගැටලු ඇතිකරගෙන තිබෙනවා. අපි දැන් ඒ ගැටලු විසඳාගනිමින් සිටිනවා. ‍මම ඔවුන්ට උපදෙස් දී තිබෙනවා ඉදිරි සති දෙක තුන තුළදී මෙම තරුණයන් තෝරාපත් කර ගන්නා ක්‍රමවේදයත්, ඔවුන් පත්කරගන්නේ කෙසේද යන්නත් සකස්කර දෙන්න කියලා.

මම බලාපොරොත්තු වෙනවා ලබන ජනවාරි මාසයේ අග හෝ පෙබරවාරි මාසයේ මුල වන විට එම කමිටුවල තරුණ තරුණියන් තම කටයුතු ආරම්භ කරයි කියලා. මේ ආකාරයට ඔබට නියෝජනය කළ හැකි තවත් ස්ථාන මෙන්ම ක්‍රමවේදයන් තිබෙනවා. මම හිතනවා ඔබගේ වගේ දැවැන්ත සංවිධානයක්, අනිත් එවන් සංවිධානත් තරුණ කවුන්සිලය සමග එකතුවෙලා රජයේ කටයුතුවලට අදහස් ලබාදීම සඳහා කමිටුවක් සකස් කළොත් වැදගත් බව.

ඊට අමතරව 75 වන නිදහස් උළෙල සැමරීම සඳහා බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. නමුත් මම හිතනවා ඒ සඳහා තරුණ දායකත්වයත් අත්‍යාවශ්‍යයි කියලා. ඊට ඔබ සියලුදෙනාම දායක විය යුතුයි. ඒ සඳහා මම ආරම්භ කරලා තිබෙනවා ජාතික තරුණ වේදිකාව. ඔබට පුළුවන් එහිදී තරුණ්‍යයේ දැක්ම ඉදිරිපත් කරන්න. නිදහසින් පසු ගෙවුණු 75 වසර පිළිබඳ අපට දැන ගැනීමට අවශ්‍ය නැහැ. ඒ පිළිබඳව බො‍හෝ දේ ලියැවී තිබෙනවා. නමුත් ඉදිරි වසර 25 පිළිබඳව ඔබගේ දැක්ම දැනගැනීමට අපට අවශ්‍යව තිබෙනවා.

ඒ නිසා මම ලියෝ සමාජයෙනුත් ඉල්ලා සිටිනවා ජාතික තරුණ වේදිකාවට සම්බන්ධ වෙන්න කියලා. මට හරි සතුටුයි විශ්වවිද්‍යාල තරුණයින් මීට සම්බන්ධ වී සිටීම පිළිබඳව. අපි සියලුදෙනා එකට එක්වී වැඩ කළයුතුයි. රටේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ දී ඔබට අවශ්‍ය කුමක්දැයි අපිට දැනුම් දෙන්න.

අතීතයේ අපේ රට ජපානයට දෙවැනිවන ලෙස ඉදිරියට ගෙන ඒමට අපට හැකියාව ලැබුණා. නමුත් දැන් අපේ රට ඉහළින් සිටින්නේ ඇෆ්ගනිස්ථානයට පමණයි. ඒ නිසා බොහොමයක් තරුණයින් රටින් පිටවී යනවා. නමුත් මගේ දැක්ම වන්නේ අපේ රට නැවත ගොඩනැඟිය හැකියි. අපි අනාගතය පිළිබඳව සිතමු.

සිංගප්පූරුව, ජපානය, චීනය, කොරියාව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල් සමග වැඩකළ හැකි ආර්ථික ක්‍රමවේදයක් අපි නිර්මාණය කරමු. ඊළග වසර 04-05 ඇතුළත නවමු ක්ෂේත්‍ර නිර්මාණය වන සහ අපනයනය කෙරෙහි අවධානය යොමු කෙරෙන ආර්ථික වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.

මේ රට ගොඩනැගීමේ දක්ෂතාව ඔබ සියලුදෙනාටම තිබෙන අතර මම සිතන්නේ ඔබ එය නිවැරදි මාවතකට යොමු කරගත යුතුයි. මීට වසර 10කට පෙර අප අනුගමනය කළ ප්‍රතිපත්ති දැන් අනුගමනය කළ නොහැකියි. අපි දැන් සිදුකළ යුත්තේ තවත් වසර 25කට සරිලන දේයි.

අපේ රටේ නිදහසේ ශතවර්ෂය සමරන විට ඔබ අතරින් බොහෝ දෙනෙක් සිටීවි. සමහර විට අතරින් බොහෝ දෙනෙකුට ඒ වන විට ජීවිතයේ වසර 50වත් සම්පූර්ණ වී නොතිබේවි.
ඉතින් මම ඔබෙන් අහන්න කැමතියි ඔබ මේ අභියෝගය භාරගැනීමට සූදානම් ද කියලා, ඔ‍බ ඊට කැමතී නම් ඔබට ඒ සඳහා සහභාගී කරවා ගැනීමට අපට අවශ්‍ය වෙනවා.
මේ රටේ අනෙක් තරුණ තරුණියන්ගේ අනාගතය සඳහා වන ඔබගේ දැක්ම අපට ලබා දෙන්න. ඒ තුළින් ඔබ ගොඩනඟන්නේ ඔබේ අනාගතයයි. 1977 මැතිවරණ ජයග්‍රහණය ලබන විට මගේ වයස අවුරුදු 28යි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමග මම එදා අනාගතය පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අවස්ථාවේ ඔහු අපට කිව්වේ “අනාගතය අයිති ඔබටයි, මට නොවෙයි” කියලා. ඒ නිසා කළයුත්තේ කුමක්ද කියා ඔබ මට කියන්න. අද මටත් ඔබට කිව හැක්කේ “අනාගතය ඔබෙයි, මගේ නොවෙයි” කියලා.

ඒ නිසා මට අවශ්‍ය අනාගතය නොවෙයි, ඔබට අවශ්‍ය ඩිජිටල් ආර්ථිකය, සමෘද්ධිමත් රටක්, හොඳ අධ්‍යාපන ක්‍රමයක් සහිත අනාගතයයි ගොඩනැඟිය යුත්තේ. මේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් ඔබ සියලුදෙනා සමග එක්වන්න මම කැමතියි.

අපිට අසීරු කාල තිබෙනවා. ලබන අවුරුද්දෙත් අසීරුතා ඇති විය හැකියි. විසඳිය යුතු ගැටලු බොහොමයක් තිබෙනවා . නමුත් අපි ඒවා විසඳන විට ප්‍රතිලාභීන් විය යුත්තේ තරුණ තරුණියන් මිසක් වෙන කවුරුත් නොවෙයි. ඒ නිසා ඔබලා මෙයට සම්බන්ධ වනවාට මම කැමතියි.

ඒ නිසා මම තීරණය කළා රටේ ආර්ථික තත්ත්වය ගැන විශේෂඥයන් දක්වන අදහස් පිළිබඳ සියලුදෙනා දැනුවත් කිරීමට. එවිට ඔබට ඔබේ අනාගතය පිළිබඳ අවබෝධයක් ලැබේවි. රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් සිදුකිරීමට සූදානම් වන විට, නව නීති යෝජනා කරන විට ඒ පිළිබඳව ඔබලාගේ දැක්ම ලබාගැනීමට අපි කැමැතියි. මම කැමතියි එම තීරණ ගැනීමේදී ඔබ සියලුදෙනාගේ සහභාගීත්වය ලබා ගැනිමට.

ලබන වසරේ දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා මූලාරම්භයක් මේවන විට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධ කාර්යාලයක් අපි දැනටමත් පිහිටුවා තිබෙනවා. ඊට අදාළ නීති 07, 08ක් කෙටුම්පත් කරන්නට සූදානම් අතර ඒ සඳහා ඔබ සියලුදෙනාම සම්බන්ධ වීම අවශ්‍ය වෙනවා. ඊට අදාළව ඔබේ ව්‍යාපෘති ඇත්නම් අපිට ඉදිරිපත් කරන්න. ඒ සඳහා උදව් කරන්න අපි සූදානම්. මෙම ව්‍යාපෘතිය භාරගැනීම සඳහා වන අලුත්ම ව්‍යාපාරය ඉක්මණින්ම සකස් වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා ඔබගේ සහාය ලබාදෙන්න කියන ඉල්ලීම සිදු කිරීමටයි ‍මම අද මේ අවස්ථාවට සහභාගී වුණේ. අපි මේ වැඩපිළිවෙළ දේශගුණික විපර්යාස අවම කිරීමේ ක්‍රියාවලිය සමග ආරම්භ කරමු. දේශගුණික විපර්යාස නැවැත්වීම සඳහා අර්ථවත් ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිබඳව විවෘතව කථා කිරීමට අපි රටක් ලෙස තීරණය කර තිබෙනවා.

ඒ අනුව රටක් ලෙස අපි දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගතහැකි සියලු පියවර ගන්නා අතර, එයට මූලිකත්වය ගතයුත්තේ ඔබයි. මෙම කටයුතු සඳහා ඔබ සහාය වනු ඇතැයි මම බලාපො‍රොත්තු වෙනවා. මම නැවතත් ඔබට ස්තූතිවන්ත වන අතර සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, සිංහ ලසන්ත ගුණවර්ධන, සිංහ සමාජයේ දිස්ත්‍රික් අධිපති සිංහ බෙනට් ගම්ලත්, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති එම්.වී.එස්. ගුණතිලක, ප්‍රධාන ශිෂ්‍ය නායක කවිෂ රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

පේරාදෙණි උපකුලපතිට ගහපු සිසුන් 10 දෙනෙක් සරසවියෙන් පන්නයි! තවත් කීපදෙනෙක් ‌අල්ලන්න ලෑස්තියි!

Next Post

කොල්ලුපිටියෙදි අනතුර වෙලා කෙනෙක් මැරුණෙ උදේ 6.15ට! බෙන්ස් එක එළවපු 26 හැවිරිදි හිමිකරු 9.55ට ඩුබායිවලට ගිහින්! ඇක්සිඩන්ට් එක වුණේ මුලු රෑම බීලා පාන්දර තවත් බොන්න ක්ලබ් එකකට යද්දි!

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News
Exclusive

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News
Exclusive

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

ලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...

Read more
අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.