බර වාහන රැසක් ඇති පාරිභෝගිකයන්ට තම වාහන බලඇණියේ සියලු නඩත්තු කටයුතුවල භාරකරු ලෙස, ඒ සියල්ල එකම වහළක් යටින් කාර්යක්ෂමව හා විශ්වාසයෙන් යුතුව සිදු කරවා දීම සඳහා DPMC Workshop Madapatha තවත් සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කර තිබේ.
මඩපාත පිටි තම බර වාහන පහසුකම විවෘත කිරීමත් සමග DPMC Workshop Madapatha විසින් දැනටමත් මිනි කැබ්රථ, බඩී ලොරි, බස්රථ, සිංගල්/ඩබල්කැබ්, ෆ්‍රීසර් ලොරි, ටිපර්, කන්ටේනර් ට්‍රලෙර් සහ ප්‍රයිම් මුවර් ඇතුළු වාණිජ වාහන නඩත්තු කිරීමේ වගකීම භාරගෙන සිදුකරමින් ඉහළ පාරිභෝගික විශ්වාසයක් දිනාගැනීමම, ඉහත කී සුවිශේෂ ඉදිරි පියවරට හේතු වී ඇත.
මෙම අවශ්‍යතාව සපුරාලීම සදහා සමාගම්වල හෝ පෞද්ගලික හිමිකරුවන්ගේ වාහන සදහා මහා මාර්ගවල හදිසියේ සිදුවන බිදවැටීම් සදහා එවලේම එම ස්ථානයට ගොස් සහාය ලබාදීමටත් DPMC Workshop Madapatha කටයුතු කරනු ලබයි. මෙම පහසුකම හරහා සමාගම්වල හෝ පෞද්ගලික හිමිකරුවන්ගේ වාහන බලඇණිය නඩත්තු, එදිනෙදා අලුත්වැඩියා, සමස්ථ වාහන නඩත්තුව DPMC Workshop Madapatha විශේෂඥයින් විසින් විශ්වාසවන්තව සිදුකරන අතර ඒ ගැන සිතා පසුතැවීමට අවශ්‍ය නොවේ.