ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන AT Holdings සමාගම පසුගියදා පැවති 2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (National Business Excellence Awards – 2019) සම්මාන 4 කින් පිදුම් ලැබීමට සමත් විය. ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල 2019 දෙසැම්බර් 13 දින හිල්ටන් හෝටලයේ ‘ග්‍රෑන්ඞ් බෝල්රූම්’ ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී සමස්ත විශිෂ්ටත්වය සඳහා වන ලෝකඩ සම්මානය, වෙළෙඳ ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය, අතිවිශාල සමාගම් කාණ්ඩයේ තුන්වැනි ස්ථානය සහ දේශීය වෙළෙඳපොළ ආවරණය උදෙසා කුසලතා සම්මානයක් ඇතුළුව සම්මාන 4ක් JAT Holdingsටි වෙත හිමි විය. පාරිභෝගිකයන්ට ඉහළම තලයේ සේවාවක් පිරිනැමීමට අමතරව විශිෂ්ට ව්‍යාපාරික ක්‍රමවේද අනුගමනය කරමින් පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම හේතුවෙන් මෙම සම්මානවලින් පිදුම් ලැබීමට JAT Holdings සමත් වී තිබේ.











