• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අතුරුදන් වෙලා හිටපු කාන්ති ලංකා අපි හොයාගත්තා

January 11, 2020
in Heart
Reading Time: 2 mins read
A A
අතුරුදන් වෙලා හිටපු කාන්ති ලංකා අපි හොයාගත්තා
Share on WhatsAppShare on Facebook

චන්දන ඇල්ලෙන් නාලා
අංජන මල්මී ගලා
හැංගුණ බඹරා ආවා
ලස්සන රහසක් කීවා…
ජෝතිපාලයන්ගේ සුමධුර හඬින් ගැයුණු ඒ අපූරු ගීතයට සවන් නොදුන් අයකු 70 දශකයේ සිටියේ නැති තරම්ය. 70 දශකය පමණක් නොව 80, 90 දශකයන් තුළ වාගෙම අදත් ඒ ගීතය ගුවන් විදුලි නාළිකා පුරාවට රැව්පිළිරැව් දේ. ගීතයට පසුබිම් වූයේ 72 අවුරුද්දේ සිංහල සිනමාව ඒකාලෝක කළ ‘සුජීවා’ චිත්‍රපටයටය. ජැණ්ඩි පහට හැඩවී ගීතය ගයන ප්‍රේමවන්තයා වූයේ රෝයි ද සිල්වාය. ගීතයට මුල්වී පෙම්වතිය ලෙස කෝල රඟපෑමක යෙදුණේ කාන්ති ලංකාය. ‘සුජීවා’ කාන්ති ලංකාගේ දෙවැනි චිත්‍රපටය විය. ‘ප්‍රියංගා’ චිත්‍රපටයෙන් සිංහල සිනමාවට පය තැබූ නාඹර කෙල්ලක වූ ‘කාන්ති ලංකා’ සුජීවා චිත්‍රපටයට ගන්නට ජෝ දේව් ආනන්දට සිතුණේ ඇගේ සුන්දර පෙනුම නිසාමය. කෙතරම් කෝඩුකාරියක වුවද ඈ ‘සුජීවා’ චිත්‍රපටයට සාර්ථකත්වයක් ගෙන දෙනු ඇතැයි යන විශ්වාසය ජෝ දේව් ආනන්ද තුළ තිබිණි. ඒ විශ්වාසය කඩ නොකළ කාන්ති ලංකා රෝයි ද සිල්වා සමඟ කදිම සුපෙම්වත් රඟපෑමක යෙදෙමින් ‘සුජීවා’ බොක්ස් ඔෆීස් වාර්තා කරා ගෙන යෑමට සමත් විය. කාන්ති ලංකා දැන් කෝ?
දඟකාරියක ලෙස සිනමාවට පිවිසි සිනමා ලෝලීන් උමතු කළ ඒ ලස්සන කෙල්ල සොයා යන්නට ඇගේ වත්මන් තොරතුරු ගැන සොඳුරු ඕපාදූප සොයා යන්නට ‘හදවතට’ දැනුණු කුකුස අතහැර දමන්නට අපට සිතුණේ නැත.
1972 අවුරුද්දේ රිදී තිරය වර්ණවත් කළ ‘සුජීවා’ ගැන කතා කරමුද?
ඒ අප ඈ හමුවේ තැබූ පළමු ප්‍රශ්නයයි.
අනේ කොයිතරම් හොඳද? සිංහල සිනමාවට වසන්තය ගෙන ආ ඒ සුන්දර යුගය ගැන මතක් කරන එකත් සතුටක්නේ.
කාන්ති ලංකාගේ ප්‍රතිචාරය හරිම මිත්‍රශීලී ස්වරූපයක් ගත්තා. ඒ නිසා බයක් සැකක් නැතිව ඈ හා කතාබහ කරන්නට හදවත නිදහස් වුණා.
පළමුව කියන්න, ඔබ ගැන තොරතුරක් කාලෙකින් දැනගන්නට ලැබුණෙ නැහැ?
ඇත්තෙන්ම කියනව නම් මම ඉතා නිහඬව කල්ගෙවනවා.
එයට හේතු කිහිපයක් තිබෙනවා. එක චිත්‍රපට හැදෙන්නෙ නැහැ. අපට සුදුසු චරිත නැහැ. හොඳ ටෙලි නාට්‍යයක් හැදෙන්නෙත් කලාතුරකින්. අන්න ඒ නිසා නුසුදුසු චරිත නිරූපණයකට මැදිවෙනවාට වඩා නිහඬව පසෙකට වී සිටීම හොඳයි කියා සිතුණා.
අනෙක් කාරණය ගෙදර වැඩකටයුතු නිසා කාර්යබහුලයි. මොකද මගේ මහත්තයා වෛද්‍යවරයෙක් නිසා පවුලේ වැඩකටයුතු සහ වගකීම් මගේ පිට තමයි පැටවිලා තියෙන්නේ.
දන්නවනේ ඉතින්, වෛද්‍ය වෘත්තියෙ නියැළෙන කෙනකුට එම විෂය තුළ මිසක වෙනත් වැඩක නියැළෙන්න වෙලාවක් නැහැ.
විශේෂයෙන් කියන්නට ඕනෑ තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි මගේ පොඩි දූට බබා හම්බවෙලා නිසා මේ දවස්වල කාලය ගෙවෙන්නේ ඒ පුංචි මුනුපුරු පැටියා එක්කම තමයි. ඔන්න ඔය කරුණු කාරණා නිසා මම මඳක් කලාවෙන් විවේක අරගෙන ඉන්නවා කියන එක තමයි කියන්න තියෙන්නේ.
එහෙම නම් අපි ‘සුජීවා’ ගැන කතා කරමු?
සුජීවා කියන්නේ මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයය කිව්වොත් හරියටම හරි.
සුජීවා ඔබේ කුලුඳුල් රංගනයද?
නැහැ. මගේ කුලුඳුල් රංගනය ‘ප්‍රියංගා’ චිත්‍රපටයයි. හැබැයි මම ප්‍රේක්‍ෂකයන් හමුවේ මතකයක් තැබුවේ සුජීවා චිත්‍රපටය තුළිනුයි.
ඔබ රඟපෑමට යොමු වන විට ළාබාල යුවතියක්?
ප්‍රියංගා රඟපාන කොට අවුරුදු 16යි. සුජීවාට ඇරැයුම් ලැබුණේ වයස අවුරුදු 18දී පමණ.
ඒ කියන්නේ රංගනයට ආවේ ඉගෙන ගන්න කාලෙමයි?
ඔව්. චිත්‍රපට දෙකම රඟපෑවේ ඉගෙනගන්න පුංචිම පුංචි කෙල්ලක කාලෙ තමයි.
පාසලෙන් තහනමක් ආවේ නැද්ද ඔබට?
අපේ ප්‍රින්සිපල් මැඩම් චිත්‍රපට පිස්සියක්. මම රඟපාන්න අවසර ඉල්ලන කොට ඈ මට දැක්වූ සහයෝගය අප්‍රමාණයි. හැබැයි ඒ සහයෝගය තුළ යම් කොන්දේසි තිබුණා. මට රඟපාන්න වුණේ ඒ කොන්දේසිවලට අනුවයි.
පළමුවෙන්ම මට ඇරැයුම ලැබුණේ ‘රෝමියෝ ජුලියට්’ චිත්‍රපටයේ. ජුලියට්ගෙ චරිතයට හැබැයි. අවසරය ලැබුණේ නැහැ. ඊට පස්සෙ ‘ප්‍රියංගා’ චිත්‍රපටය රඟපෑවේ විජය කුමාරණතුංග සමඟයි.
ප්‍රියංගා මගෙ වගේම විජයගෙත් පළමු චිත්‍රපටය වුණා. ඉන් අනතුරුව තමයි සුජීවා සඳහා ජෝ දේව් ආනන්ද මාව හොයාගෙන ආවේ.
සුජීවා චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව ප්‍රේක්‍ෂකයන් ඔබට දැඩිව ආකර්ෂණය වුණාලු නේද?
අප්පච්චියේ ඒ ගැන මොකට කියනවද? ලියුම් මිටි ගණන් ආවා. ගෙදරටත් ලියුම් එනවා. ඉස්කෝලෙටත් ලියුම් මිටි ගණන් එනවා. ඉස්කෝලෙට එන ලියුම් මිටිය හිනාවෙවී අරගෙන ආවේ ප්‍රින්සිපල්ම තමයි. එයා ලියුම් ටික මගේ අතට දීලා කියනවා ජනප්‍රිය නිළියක් වුණාට කමක් නැහැ ඉගෙනීමේ කටයුතු අඩාළ කරගන්න එපා කියලා.
මම හැම වාරෙකම පන්තියේ පළමුවැනියා. චිත්‍රපටවල රඟපාන්න අවසර දෙන කොට ප්‍රින්සිපල් දැම්ම ප්‍රධාන කොන්දේසිය වුණේ හදිසියෙවත් මම පළමුවැනියාගෙන් දෙවැනියට ගියොත් රඟපෑම නවත්වන්න වෙයි කියලයි.
ඉතින් ඔබ පළමුවැනියාගෙන් දෙවැනියට ගියේ නැද්ද?
අපොයි නැහැ. දෙකම ගානට බැලන්ස් කරගත්තා. ‘චන්දන ඇල්ලෙන්’ ගීතය කරන දවස්වල මට ටර්ම් ටෙස්ට් එකක් තිබුණා.
ෂූටිංවලට මාව අරන් ගියේ ඉස්කෝලෙන්මයි. මගේ අම්මත් ගුරුවරියක්. අම්මවත්, අම්මගෙ ඉස්කෝලෙන් අරගෙන තමයි ගීතයේ රූගත කිරීම්වලට ගියේ.
මුළු රැයක් පුරාම කිහිපවිටක්ම එය රූගත කළා. අතර මැද ලැබෙන විවේකයේදීත් මම පාඩම් වැඩ කළා. කොහොම හරි ගීතය රූගත කරලා අවසානයේ ආයෙම යුනිෆෝම් එක ඇඳගෙන ඉස්කෝලෙටම ඇවිත් බැස්සෙ විභාගෙට ලියන්නයි.
විභාගය හොඳින් සමත් වුණාද?
ආයෙත් අහලා. පළමුවැනියගේ තැන එහෙමම මට ලැබුණා.
චන්දන ඇල්ලෙන් ගීතයක් අතිශය ජනප්‍රිය වුණා. එහෙම නේද?
ඔව් අනේ… ඇත්තටම හරිම සතුටක් දැනෙනවා ඒ කාලේ මතක් වෙනකොට.
චන්දන ඇල්ලෙන් ගීතය විතරක්ද?
සුජීවා චිත්‍රපටයේ හැම ගීතයක්ම අතිශය ජනප්‍රිය වුණා. අදටත් එය එහෙමයි.
සුජීවාගෙන් පස්සේ විවාහ යෝජනා ගලාගෙන ආවා කියන්නේ ඇත්තද?
ඇත්තටම යෝජනා එකක්වත් මගේ ඉස්සරහට ගේන්න කාටවත් බැරි වුණා. හැම යෝජනාවම ආවේ අම්මලා හරහා තමයි. විවාහ යෝජනාවක් පිළිගන්නවා තියා මට පිරිමි ළමයෙක් දිහා බලන්නවත් අවසර තිබුණෙ නැහැ.
ඒ කියන්නේ අම්මා ඒ තරම් සැරයිද?
අම්මත් සැරයි. මාමලත් සැරයි. ඔක්කොටම හපන් අයියල හතර දෙනකුටම ඉන්න එකම නංගි මම වෙච්චි ඒක තවත් කාරණයක් වුණා. මට පෙම් කළ රසිකයකුට ලියුමක් ලියන්නවත් උත්සාහ නොගත්තේ ඒ නිසයි.
අදටත් ඔබට මඟතොටේදී සුජීවා ගැන ප්‍රතිචාර ලැබෙනවද?
සමහරු සාදවලදී එහෙමත් මුණ ගැහුණාම කියනව ඒ කාලේ අපේ සිහින කුමරිය ඔයා තමයි කියලා.
ඔබට ආඩම්බරයක් දැනෙනවද?
අහිංසක සතුටක් වගේම ආඩම්බරයක් දැනෙනවා. සිංහල සිනමාවේ අලංකාර වූ යුගයක මාත් එක් පංගුකාරියක වුණු නිහතමානී සතුට මා ළඟ හැමදාත් තියෙනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

යුග දිවිය රස කරන ළඳුන්

Next Post

SDB බැංකුව ගෞරව සම්මාන ලබයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.