සියවස් ගණනාවක්පැරැණි Veedol ලිහිසි තෙල් සන්නාමය නිෂ්පාදන හවුල්කාරිතාවයෙන් සහ OEM සම්බන්ධතාව, තාක්ෂණික හැකියාව නිසා ලොව පුරා ‘වෘත්තීය තේරීම’ වේ.
තත්ත්වයෙන් උසස් ඉහළ කාර්යක්ෂමතාවක් ඇති Veedol ලිහිසි තෙල් සංයුතිය තක්සේරු කිරීම සඳහා වසර 110ක් තිස්සේ තාක්ෂණික පරිණාමයකට භාජනය කරන ලදී.
ටයර් හවුස් කළමනාකාරීත්වය සහ එහි අලෙවි නියෝජිත ජාලයේ අනුග්රහයෙන් Veedol එළිදැක්වීම 2022 නොවැම්බර් 03 වැනි දින පැවැත්වීය. එහිදී ටයර් හවුස් අධිපති සුනිල් ෆොන්සේකා මහතා විසින් වෙළෙඳ සමාගම් වෙත ප්රථම ලිහිසි තෙල් තොග භාරදීම සිදුකරන ලදී.
1913දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ටයිඩ් වෝටර් ඇසෝසියේට් ඔයිල්’ ආයතනය යටතේ Veedol නිෂ්පාදනය කිරීම ආරම්භ විය. එම සන්නාමයට සුවිශේෂ ඉතිහාසයක් ඇත.
රටවල් 70කට බෙදාහැරීම සඳහා Veedol නිෂ්පාදන සම්මිශ්රණය කිරීමේ සේවා ස්ථාන 19ක් ලොව පුරා පිහිටුවා ඇත. U.K. Edingurghහි ලියාපදිංචි කළ ස්වකීය ප්රධාන සන්නාමය සඳහා පුළුල් ගෝලීය අයිතීන් පවරාගෙන ඇත. යුරා්පීය එන්ජින් නිෂ්පාදකයන් විසින් Veedol ලිහිසි තෙල් භාවිතය නිර්දේශ කරනු ලැබේ. Mercedes Benz, VW, Audi, Peugeot, MAM, BMW, GM DexÈ, Mack, Volvo, Reíult සහ MTU ඒවායින් කිහිපයකි. Veedol – Honda Motors, Scooters, Honda Cars, Hero Moto Corp, Kubota, Yamaha සහ Kobelco සඳහා Co-Branded Genuine Oil ලෙස භාවිත කරනු ලැබේ.