• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැටූ නැටුමකුත් නැත බෙරේ පළුවකුත් නැත මේක අයවැයක්ද ප්‍රශ්නයකුත් ඇත…

November 22, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
නැටූ නැටුමකුත් නැත බෙරේ පළුවකුත් නැත මේක අයවැයක්ද ප්‍රශ්නයකුත් ඇත…
Share on WhatsAppShare on Facebook

අතීත ලංකාවේ වාර්ෂිකව සිදුවූ වැදගත් කාර්යයක් ලෙස අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම දැක්විය හැකිය. එකල අයවැය වූ කලී රටේ ජනතාවගේ වසරක ඉරණම තීරණය කරන වැදගත් ලියවිල්ලක් විය. එහෙයින් මිනිසුන් වැඩට නොගොස් ගෙදරට වී අයවැය ඇසීම පුරුද්දක් කරගෙන තිබිණි. ඒ කාලේ භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමුවේ අයවැය මගිනි. එහෙයින් එදින ලංකාවේම මිනිසුන්ට තීරණාත්මක විය. අය වැය කිට්ටුකර කඩකාරයෝ බඩු හැංගීමත් ඊට පෙර මිනිසුන් හාල් සිල්ලර හැකිතාක් ගෙවල්වල ගොඩගසා ගැනීමත් ඒ කාලයේ පුරුද්දක් විය. විශේෂයෙන් ඒ කාලයේ සෑම අයවැයකින්ම පාහේ සිගරට් මිල ඉහළ දැමීම සිරිතක්ව පැවැතුණි. එහෙයින් අයවැයට දින දෙකකට තුනකට පෙර සිගරට් වෙළෙඳපොළෙන් අතුරුදන් වීම එකල සිරිත විය. එහෙත් පසුකාලීනව 70 – 77 තුන් හවුල් ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය හෙබවූ පරිප්පු මහත්තයා නොහොත් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා අයවැයෙන් නොව මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන ගැසට් නිවේදන මගින් භාණ්ඩ මිල ඉහළ දමන්නට වීම නිසා අයවැයේ වටිනාකමද ටිකෙන් ටික සමාජයට අමතක වන්නට විය. ජේ.ආර්.ගේ ආණ්ඩුවේ වැඩිම වරක් අයවැය ඉදිරිපත් කළේ රොනී ද මැල්ය. ඔහුද වරු ගණන් අයවැය කියෙව්වේය. පසු කාලයක ඩී.බී. විජේතුංග මුදල් අමාත්‍යවරයා වූ පසු වරු ගණන් කියවූ අයවැය පැයෙන් දෙකෙන් කියවා නිම කළේය. මෙවර අයවැය ඉදිරිපත් කළේ රොනීගේත්, ඩී.බී.ගේත් අයවැය අසා පුරුදු තැනැත්තෙකි. ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 14 වැනි සඳුදා 2023 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කළේය. අයවැය හිඟය 9.8% සිට 7.9% දක්වා පහත හෙළමින් බදු ආදායම ඩොලර් බිලියන 8.6 දක්වා 69% කින් ඉහළ නැංවීම යෝජිත අයවැයේ අරමුණ ලෙස දැක්වේ. මීට පෙර ලංකාවේ කිසිම මුදල් අමාත්‍යවරයෙක් නොතැබූ වාර්තාවක් තබන්නට ජනාධිපති රනිල් සමත් විය. ඒ බංකොළොත්වූ රටක් වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කිරීම මගිනි. ලංකාවේ මිනිසුන් රනිල්ගේ අයවැය දෙස බලා සිටියේ උපේක්ෂාවෙනි. ඉන් තමන්ට කුමක් හෝ සහනයක් අත්වේ යැයි ඔවුහු බලාපොරොත්තු වූහ. එහෙත් එවැනි සහන ලබාදීම කෙරෙහි මේ අයවැයේ අවධානය යොමුව නැති බව කනගාටුවෙන් හෝ සඳහන් කළ යුතුව ඇත.

කාලයක සිට ලංකාවේ ආණ්ඩු සිය ඩොලර් ගිණුම තර කරගන්නට යොදාගත් ප්‍රධාන මාධ්‍ය විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ බව නොරහසකි. වර්තමානයේද රජය ඒ පිළිබඳ දක්වනුයේ දැඩි උනන්දුවකි. බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවන ශ්‍රමිකයන් දිරිගන්වන්නට විවිධ ප්‍රතිලාභ ආණ්ඩුව යෝජනා කරමින් සිටී. එවන් පසුබිමකදී මෙවර අයවැය මගින් විදෙස් රැකියා සඳහා පිටත්ව යන්නන් දිරිගන්වන යෝජනා ඉදිරිපත් වන බව බොහෝ පාර්ශ්ව බලාපොරොත්තු විය. එහෙත් එවැන්නක් සිදුව නැත. සැබැවින්ම සිදුව ඇත්තේ අයවැය යෝජනාවක් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් පනවන විදේශ ගමන් බලපත්‍ර ගාස්තු, වීසා ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කිරීමය. මේ අනුව විදෙස්ගත වීමට බලාපොරොත්තු වන්නන්ගේ වියදම ඉහළ යන අතර එමගින් ඔවුන් අධෛර්ය වීම සිදුවන බව පැහැදිලි වෙයි.

ශ්‍රී ලංකාව ඩොලර් ඉපැයීමට බලාපොරොත්තුවන අනෙක් ප්‍රධාන ක්‍රමවේදය වනුයේ සංචාරක කර්මාන්තයයි. එහෙත් එහි ප්‍රවර්ධනයට කිසිදු යෝජනාවක් අයවැයේ නැත. විශේෂයෙන් සංචාරක හෝටල් හිමියන් මුහුණ දෙමින් සිටින ගැටලු ලෙස දැක්විය හැකි බැංකු ණය ගෙවීම, ලීසිං වාරික ගෙවීම වැනි කරුණු සම්බධයෙන් මෙන්ම සංචාරක කර්මාන්තයේ පැවැත්මට අවශ්‍ය කරන ද්‍රව්‍ය රටට ගෙන ඒමට දිරි ගැන්වීමක් මෙවර අයවැයේ නැති වීම බරපතළ අඩුවකි.

මෙරට ජනතාව මේ වන විට ඉන්ධන සඳහා ඉතිහාසයේ ඉහළම මිල ගෙවමින් සිටී. ඉන්ධන මිල මේ ආකාරයෙන් ඉහළ යාම නිසා ප්‍රවාහනය ඇතුළු සියලු අත්‍යාවශ්‍ය සේවාන්ගේ මිල බරපතළ ලෙස ඉහළ යමින් තිබේ. සහල්, එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය රාශියක මිල දරාගත නොහැකි මට්ටමකට ඉහළ දැමීමට ඉහළ යන ඉන්ධන මිල හේතුවී ඇත. එවන් තත්ත්වයක් රටේ පැවැතියද මෙවර අයවැයෙන් ඉන්ධන මත අධිභාර බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ. මෙම නව අධිභාර බද්ද ඩීසල්, බොරතෙල් සහ පෙට්‍රල් මත පැනවීමට යෝජනා කර ඇත. එහෙත් බොරතෙල් මත එම බද්ද පැනවීම මගින් පිරිපහදු ක්‍රියාවලිය හරහා නිපදවන භූමිතෙල්, එල්.පී. ගෑස්, ලිහිසි තෙල් සහ විදුලි බලාගාර සඳහා යොදාගන්නා නැප්තා ඇතුළු සියලු ඛණිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදනවල මිල තවත් වටයකින් ඉහළ යාම අනිවාර්ය වෙයි. ඒ අනුව ඉන්ධන මත පනවන අධිබාර බද්ද නිසා විදුලි බිල, බස් ගාස්තු ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් මෙන්ම සියලු ආහාර ද්‍රව්‍යයන්ගේ මිලද ඉහළ යනු ඇත. මෙම අධිභාර බද්ද ආනයන අවස්ථාවේදී අයකර ගැනීමට අපේක්ෂා කරන බව අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

කොවිඩ් වසංගතයත් සමග ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අසූපන්දාහකට වැඩි ප්‍රමාණයක් මහපාරට ඇද දැමීමට පැවැති රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේය. ඔවුනට දෙනවාය කී ලීසිං සහන, ණය සහන හුදු ප්‍රකාශ පමණක් විය. පසුව පැනවූ ආනයන තහනමත් නිසා බොහෝ ව්‍යවසායකයන්ට සිය කර්මාන්ත සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කළ නොහැකි විය. මෙම පිරිස ලබාගත් ණය අද වනවිට ඉහළ පොලී අනුපාතවලට ප්‍රතිව්‍යුහගත කිරීමට එකී බැංකු කටයුතු කරමින් සිටී. එවන් පසුබිමක් මැද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් කිසිම ආකාරයක උත්තේජන පැකේජයක් ලබාදීම අයවැය මගින් අමතක කර තිබේ. අපනයන කරුවන් තුළද මේ අය වැය ගැන ඇත්තේ එතරම් හොඳ අදහසක් නොවේ. අය වැයෙන් අපනයන බද්ද 30%ට වැඩිකර ඇත. එමගින් රටට ඩොලර් ගෙන ඒම අධෛර්යමත් වීම අනිවාර්ය වේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ඛේදජනක ඉරණමට ඍජු කාරණය ලෙස මිලියන 1.6කට ආසන්න දැවැන්ත රාජ්‍ය සේවය නඩත්තු කිරීම දැක්විය හැක. ඒ අනුව පසුගිය කාලය පුරා මෙරට සාකච්ඡාවට බඳුන්වූ ප්‍රධාන කාරණය දැවැන්ත රාජ්‍ය සේවක සංඛ්‍යාව සහ ආයතන සංඛ්‍යාව අඩු කිරීමය. එහෙත් මෙවර අයවැයෙන් නව රාජ්‍ය ආයතන 11ක් ඇතිකිරීමට යෝජනා කර ඇත. ඒ අනුව ජාතික ඵලදායිතා කොමිෂන් සභාව, ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික සංවර්ධන කමිටුව, උපාධි තත්ත්ව සහතික සහ ප්‍රතීනන මණ්ඩලය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, ඉතිහාස පර්යේෂණ ආයතනය, රාජ්‍ය ආදායම් කළමනාකරණය කිරීමේ ආයතනය, දත්ත ආරක්ෂණ අධිකාරිය, ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරිය සහ දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය යන ආයතන පිහිටුවීමට යෝජිතය.

අලුත් ආයතන පිහිටුවීම යනු තාවකාලිකව පිහිටුවන කාර්යසාධක බළකා, කොමිෂන් සභා මෙන් නොව විශාල පිරිවැයක් අඛණ්ඩව දැරීමට සිදුවන කාරණයකි. නව ආයතන ප්‍රධානීන්, අධ්‍යක්ෂවරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, ලේකම්වරු සහ සහාය කාර්ය මණ්ඩල අලුතින් පත්කිරීමට සිදුවන අතර, කාර්යාල සඳහා ගොඩනැගිලි, වාහන ඇතුළු අනෙකුත් පහසුකම් ද ලබාදිය යුතුයි. පවතින දැවැන්ත මූල්‍ය අර්බුදය හේතුවෙන් තිබෙන ආයතන පවා නඩත්තු කරගත නොහැකිව සිටින ආණ්ඩුව නව ආයතන 11ක් බිහිකිරීමට කතාකිරීම සැබැවින්ම විහිළුවකි. අනෙක් කාරණය මෙම නව ආයතනවලින් කිරීමට යෝජිත කාර්යයන් ඉටුකිරීමට දැනටමත් මෙරට ආයතන ස්ථාපිතව තිබෙන බව මුදල් අමාත්‍යවරයා අමතක කිරීමයි. උපාධි තත්ත්ව සහතික සහ ප්‍රතීනන මණ්ඩලයෙන් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන කාර්යභාරය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින්ද, ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරියෙන් කරගැනීමට අපේක්ෂා කරන කාර්යය ශ්‍රී ලංකා මහ බැංකුව මගින්ද ඉටුකළ හැක. තිබෙන ආයතනවලින් වැඩි ප්‍රයෝජනයක් ලබාගැනීමට කටයුතු කරනු වෙනුවට නව ආයතන බිහිකිරීමෙන් සිදුවන්නේ පවතින අර්බුදය තව උග්‍ර වීමකි.

මීට අමතරව බොහෝ විවාද සම්පන්න කරුණක් බවට පත්ව ඇති කන්සා වගාව නීතිගත කිරීමේ යෝජනාවට සමාන්තරව අපනයනය සඳහා කංසා වගාකිරීම අධ්‍යයනය කිරීමට කමිටුවක් පත්කිරීමටද මෙවර අයවැයෙන් යෝජනා කර ඇත. බීඩියක් මත රුපියල් 2ක බද්දක් පැනවීමටද අයවැයෙන් කටයුතු කර ඇත. දුම්වැටි මිල ඉහළ යාමත් සමග බීඩි පාවිච්චියට නඹුරු වී සිටින අඩු ආදායම්ලාභීන්ට මෙම බද්ද දැඩිව දැනෙන බව සැක නැත.

මෙවර අයවැයෙන් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයටය. එම මුදල රුපියල් බිලියන 856.25කි. ඉන් බිලියන රුපියල් බිලියන 353ක්ම වැය වනුයේ විශ්‍රාම වැටුප් සඳහාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ පවතින මුදල් අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 613.9කි. ජනාධිපතිවරයා විසින් හොබවනු ලබන අනෙක් අමාත්‍යාශය වන ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල ඩොලර් බිලියන 410කි. ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ දෙක සඳහා පමණක් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1023.9කි. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 372.6ද, සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 322ද වෙන්කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 232ද, කෘෂිකර්ම අමාත්‍යාංශයට බිලියන 115ක්ද, විදුලිබල අමාත්‍යාංශයට බිලියන 37ක්ද වෙන්කර තිබේ.

දුෂ්කර ප්‍රදේශවල පිහිටි ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ද්විතීයික පාසල් 1000කට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීම, විද්‍යුත් මෝටර් රථ මෙරටදී නිෂ්පාදනයට පහසුකම් සැලසීම, ආගමික ස්ථානවලට සූර්ය පැනල ලබාදීම, 2023/24 අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි දීපව්‍යාප්ත කුසලතා පදනමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ප්‍රතිශතය 40% සිට 50% දක්වා පියවරෙන් පියවර ඉහළ නැංවීම වැනි යහපත් යෝජනාද මෙම අයවැයේ අඩංගුය. එහෙත් ඒ සඳහා ප්‍රතිපාදන ලබාගැනීම කරන ආකාරය සඳහන් නොවීම නිසා එම යෝජනා ක්‍රියාත්මක නොවීමට ඇති ඉඩකඩ බොහෝය.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

2005 ඉඳන් රාජපක්ෂලාගෙ හැම ආණ්ඩුවකම ප්‍රබල ඇමැති! ගෝඨාගේ දකුණු අත! මහින්දානන්ද අද පාර්ලිමේන්තුවේදී කියනවා කෝටිපතියො බදු ගෙවන්නෙ නෑලු… අරවලු… මේවලු…! අන්තිමට කියනවා රට වැටුණු එකට 225ම වගකියන්නත් ඕනෙලු! (VIDEO)

Next Post

කාන්තාවන්ට 25%ක් දුන්නා වගේ තරුණයන්ටත් 25%ක් දෙන්න යයි!

MORE NEWS

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

Load More
“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

මෙරට රාජ්‍ය නායකයන් සහ දේශපාලකයන් කිහිප දෙනකුම සාහසිකයන් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳ අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද,...

Read more
සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.