ගොසිප් කියන දේවල් පැතිරෙන්නේ ළැව්ගිනි වගේ. ඒ පැතුරුණු ගින්න ආවට ගියාට නිවන්නට බැහැ. ඒ පැතුරුණු ගින්නත් එක්ක විවිධ මාධ්‍ය ජාල චරිතවලට හානි කරමින් කිසි ඉවක්බවක් නැතුව මුදල් උපයනවා. ඒත් තව කෙනෙක්ගේ ජීවිතයක් හෑල්ලුවට ලක්කරමින් උපයන මුදලක වටිනාකමක් තිබේද?
මේ විදියට වැඩිපුර මඩ ගසමින් චරිත හෑල්ලුවට ලක්කරමින් වැඩිපුරම කතාබහට ලක්වන්නේ කලා ක්‍ෂේත්‍රයේ ශිල්පීන්ගේ වගතුගයි. එකිනෙකා අතර තිබෙන්නේ තරගකාරිත්වය නිසාත් මෙවැනි දේ කරනවා. ඒ තරගකාරිත්වය අවසානයේ ජනප්‍රියතාවට අත්වන ඉරණම ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. මම ඔබට මේ කියන්නට යන්නේ ඒ කිසිවක් නොව පසුගිය 25දා නත්තල් සාද විවිධ මාධ්‍ය හරහා නිර්මාණය වුණා. ඒ වැඩසටහන් තුළ තිබුණෙත් එකිනෙකට වෙනස් තරගකාරිත්වයක්. එක්තරා පෞද්ගලික රූපවාහිනි නාළිකාවක තරුපිරිවරා ගෙන සාදය පැවැත්වූවා. ඒ හැඩවුණු තරු අතර ජනප්‍රිය රංගන ශිල්පිනි දුෂේනි මියුරංගි ගැන අන්තර්ජාලය හරහා පැතුරුණු කතාව අපේ නෙත ගැටුණා. දුෂේනි මියුරංගි ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසියේ ‘ආදරය ගින්දරක්’ ටෙලිනාට්‍ය හරහා.
ඒ තරමට ඇයගේ රූපයට විතරක් නොව ඇයගේ රංග කෞශල්‍යයට ගොඩ දෙනෙක් වසඟ වී ආදරය කළා. අද ඇය ජනප්‍රිය තරු අතර තාරකාවියක් වී හමාරයි. ඉතින් ඇය පසුගියදා පෙරකී රූපවාහිනි නාළිකාවේ නත්තල් සාදයට පැමිණි විලාසිතාව ගැන ගොඩ දෙනෙක් සමාජජාල ඔස්සේ පළ කළේ අප්‍රසාදයයි. ඉතින් මෙය ගැන කතාබහ කිරීමට අප ඇයව සම්බන්ධ කිරීමට උත්සාහ කළත් අසාර්ථක විය. එහෙත් දුෂේනි මියුරංගිගේ මවගෙන් අප මෙය ගැන විමසීමක් කළා.
මවක් විදියට දුව ගැන පැතිරෙන මේ කතාව ගැන ඔබට මොකද හිතනේනේ?
ඇත්තටම මට ගොඩාක් දුකයි. මට විතරක් නෙවේ අපේ පවුලේ සියලුම දෙනාට. මගේ දුව එහෙම කෙනෙක් නෙවේ කියන්න හැමෝම දන්නවා. ඒත් දුවට මේ පැතිරුණු කතාව ගැන දුව ඉන්නේ ලොකු හිත් වේදනාවකින්. ඒ දරුවාට මේ ප්‍රශ්න දරාගන්න බැරුව ජීවිතයට හානියක් කරගත්තොත් ඔය කිසිකෙනෙක් නැහැ. අපිට නැති වෙන්නේ අපේ දරුවා. ඒ තරමට දුව මානසිකව වැටිලා.
වැඩිහිටි මවක් විදියට ඔබ මේ ඇඳුම ගැන දැනුවත් වීමක් තිබුණේ නැතිද?
දුවට හිරු රූපවාහිනි නත්තල් සාදයට ආරාධනා කරන විට ඇය හිටියේ විදේශගත වෙලා. ඉතින් දුව එහෙ ඉඳලා තමයි මේ ඇඳුම මසපු කෙනාට මෙෂමන්ට් විස්තර දීලා තියෙන්නේ. දුව ලංකාවට ආවේ හිරු නත්තල් සාදය වෙනුවෙන්. ඇය හිටියේ ගෙදර කුරුණෑගල. ඇඳුම නිර්මාණය කළේ කොළඹ. දුව. ඉතින් ඇඳුම මහපු කෙනා දැනගන්න ඕනෑ ඇඳුම යටින් ආවරණයක් යොදා ඇඳුම නිර්මාණය කරන්න. එහෙත් දුවට කරන්න දෙයක් නැතිකමට අවසානයේ ඇඳගෙන ගියා.
සමහරවිට ඔබේ දුවව මුල්කරගෙන මේ පිටුපස ඉන්න වෙනත් පිරිසකට මඩ ගහනවා වෙන්නත් පුළුවන් නේද?
ඒක තමා ඇත්ත කතාව. ඔය රූපවාහිනි නාළිකාවට මඩ ගහන්න තිබෙන වුවමනාවට මගේ දුවව ආයුධයක් කරගත්තා. ඩාන්ස් කරන විට ගත්ත විවිධ පින්තූර අන්තර්ජාල හරහා මුදාහැරලා තිබෙනවා විවිධ අදහස් පළකරමින්.
දුෂේනි මියුරංගි දැන් කෝ?
එයා නත්තල් සාදය ඉවර වෙලා පහුවදාම විදේශත වුණා එයාගේ අධ්‍යාපන කටයුතු සඳහා.
වසන්ත විතාරණගේ











