• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගෝඨා පැනපු හාල් කඩේ දැන් ‌මොකද ‌වෙන්නේ…

January 5, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
ගෝඨා පැනපු හාල් කඩේ දැන් ‌මොකද ‌වෙන්නේ…
Share on WhatsAppShare on Facebook

කොහොමින් කොහොම හරි 2020 අවුරුද්දත් උදා වුණා. සල්ලි තියෙනවා නම් හැමදාම අවුරුදු කියලා කතාවක් තියෙනවනේ. ඒ කියන්නේ සල්ලි නැත්තම් අවුරුදු ආවත් වැඩක් නැහැ. ඒ කතාවේ අනිත් පැත්ත එහෙමනේ. එතකොට මේ අවුරුද්ද උදා වුණේ කොහොමද? ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන්නවත් කැමැති නැහැ. එළවළු මිල අහස උසට ගිහින්. ඒ මදිවට හාල් මිල. මේ දවස්වල හාලුත් ගිනි ගණන්. මොන දේ කරන්නත් කාල බීල ඉන්න ඕනෙනේ. ඒ හින්දා හාල් මිල සහ එළවළු මිල වැඩි වෙන එක සාමාන්‍ය ජනතාවට හොඳට දැනෙනවා. ඒ හින්දම හාල් මිල පහත දැමීම සම්බන්ධයෙනුත් ලොකු කතාබහක් සමාජයේ ඇති වෙලා තියෙනවා.
මේ අතරේ දේශපාලන වේදිකාවෙත් හාල්මිල ගැන එක එක කතා ඇහෙනවා. සමහරු හාල් ඒකාධිකාරයක් ගැන කතා කරනවා. සමහරු මෝල් හිමියන්ගේ මාෆියාවක් ගැන කතා කරනවා. මේ දේවල් අස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පෞද්ගලිකවම හාල්මිල ගැන හොයලා බලන්න මැදිහත් වෙනවා. එතුමා ඒ සඳහා මුලින්ම යන්නේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට. එතැනට ගිය එතුමා කඩයක් ඇතුළේ වාඩි වෙලා ඉන්න අයුරුත්, එතැන ඉඳන් හාල් මිල සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් කරුණු විමසන අයුරුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඊට දින කිහිපයකට පස්සේ එතුමා ඒ විදියටම තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයටත් යනවා. ජනාධිපතිතුමාගේ මේ කටයුතුවලින් පස්සේ අහස උසට ගිය හාල් මිල පොඞ්ඩක් හරි අඩු වේවි කියලා ජනතාව තුළ ලොකු බලාපොරොත්තුවකුත් ඇති වෙනවා. ඇත්තටම ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙලාද? එහෙම නැත්නම් ඒක ඉෂ්ට වෙන්න තව කොච්චර දවසක් යාවිද? ජනතාව වෙනුවෙන් මේ දේවල් හොයලා බලන්න අපි තීරණය කළා. ඉතින් හාල් මිලට මොකද වුණේ කියලා හොයන්න ජනාධිපතිතුමා ඇවිත් ගිය නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය පැත්තේ අපිත් පොඞ්ඩක් ඇවිදලා බැලුවා. අපි මේ ගමන ගියේ හරියටම ජනවාරි පළමුවැනිදා.
“ජනාධිපතිවරයා ආර්ථික මධ්‍යස්ථානයට ඇවිත් ගියාට පස්සේ මෝල් හිමියන් සමඟ සාකච්ඡා කරලා සම්බා සහ නාඩු සඳහා පාලන මිලක් පනවන්න රජය කටයුතු කළා. ඒ හින්දා දැන් සම්බා සහ නාඩු රුපියල් 98කට මිලදී ගන්න පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒත් අනෙක් සහල් වර්ග සඳහා තාම එහෙම පාලන මිලක් නැහැ. ඒ හින්දා අනෙක් හාල් වර්ගවල මිල ටිකක් ඉහළයි. හැබැයි මේ 15 වැනිදායින් පස්සේ අස්වනු නෙළනවා. ඒ හින්දා මේ මාසේ අන්තිම වෙද්දි හාල් මිල මීට වඩා අඩු වේවි.” ඒ තමයි හාල් මිල ගැන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන්ගේ අදහස. ඒ කතාව ඇත්ත බව ආර්ථික මධ්‍යස්ථානයේ ඇවිදලා බලද්දි අපිටත් තේරුණා. සුදු සහ රතු සම්බා වගේම සුදු සහ රතු නාඩුත් රුපියල් 98ක මුදලට ඕනම තැනකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පාලන මිලට යටත්ව මිල ගණන් වෙනස් කළ කිලෝ 5 ප්‍රමාණයේ හාල් කොට්ටත් අපිට දැක ගන්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි රජය නිකුත් කරපු ගැසට් නිවේදනයත් වෙළෙඳසල්වල ලාච්චුවේ තිබුණා. හැබැයි අනෙක් සහල් වර්ගවල මිල නම් තාමත් තියෙන්නේ බොහොම ඉහළ මට්ටමක. කීරි සම්බා සහල් මිල රුපියල් 165 සිට රුපියල් 215 දක්වා මිලකටත්, බාස්මතී සහල් රුපියල් 210ක මිලකටත් අලෙවි වෙන හැටි අපිට දකින්න ලැබුණා.
ජනාධිපතිතුමා පසුගිය දවස් ටිකේ ගොඩක් තැන්වලට ගියේ හිටිහැටියේ. ඒ වගේම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට එතුමාගේ පැමිණීමත් සිද්ධ වෙලා තියෙන්නේ හිටිහැටියේම තමයි. ආරක්ෂක භටයන් කිහිප දෙනෙක් එක්ක එතුමා එතැනට එනකම්ම කවුරුත් ඒ ගැන දැන ගෙන ඉඳලා නැහැ. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ආව ජනාධිපතිතුමා හාල් අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ගිහින් තියෙනවා. හැබැයි ජනාධිපතිතුමා එදා ඒ විදියට එතැනට ආව එක ගැන වගේම හාල් මිල පාලනය කරන්න ගත්ත තීන්දුව ගැනත් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් ඉන්නේ බොහොම සතුටින්.
“මේ රටවල් හදන්න නම් ඒ වගේ වැඩ කරන්න ඕනේ. එතකොට තමයි මිනිස්සු හරියට වැඩ කරන්නේ. හාල් මිල පාලනය කරන්න ගත්තු තීරණය බොහොම හොඳයි. මොකද හාල් මිල අඩු නම් තමයි මිනිස්සු වෙළෙඳපොළට එන්නේ. එතකොට තමයි අපිට වෙළෙඳාමක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ කාලෙට කොහොමත් හාල් මිල පොඞ්ඩක් වැඩියි. මේ පාර වැස්ස වැඩිවීමත් එක්ක තමයි ඒ තත්ත්වය තවත් බැරෑරුම් වුණේ. ඒ හින්දා ජනාධිපතිතුමාටත් ඒකට මීට වඩා කරන්න දෙයක් නැහැ. බලමු මේ මාසේ ඉවර වෙන්න කලින් තත්ත්වය හොඳ අතට හැරේවි. ඒක තමයි අපේ බලාපොරොත්තුව.” වෙළෙන්දෝ කියන්නේ එහෙමයි.
ඔහොම තමයි හාල් වෙළෙඳපොළේ තත්ත්වය. හැබැයි වෙළෙන්දෝ කියන විදියට මේ මාසේ අන්තිමට හාල් මිල අඩු වුණොතින් නම් මේ අවුරුද්ද පටන් ගත්ත තරමටම නරක එකක් වෙන එකක් නැහැ.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රටම ‌හොල්ලපු කනේ පාර

Next Post

පුටුව ‌බේරගන්න රනිල් අන්තිම උත්සාහයත් දරයි

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.