2022 ඔක්තෝබර් 10 වැනි දින Homelux PVT Ltd සිය 10 වැනි සංවත්සරය සමරන ලදී.
මෙරට පාරිභෝගිකයන් සඳහා වන උසස් තත්ත්වයෙන් යුතු ජාත්‍යන්තර මට්ටමේ නව්‍ය මුළුතැන්ගෙයි උපකරණ සඳහා වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ බෙදාහරින්නෙක් බවට Homelux ආයතනය පත්ව ඇත. 2012 වර්ෂයේ දී එක් අලෙවිසලක් සහ 7 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමග සිය මෙහෙයුම් ආරම්භ කළ Homelux ආයතනය අද වන විට රට පුරා ව්‍යාප්තව ක්‍රියාත්මක වන නව්‍ය ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇති අතර ජාත්‍යන්තරව පිළිගත් සන්නාම 14ක නිෂ්පාදන 988කට අධික ප්‍රමාණයක් අලෙවි කරනු ලබයි. Stand mixtures සඳහා එක්සත් ජනපද සන්නාමයක් වන KitchenAid, උසස් තත්ත්වයේ ඉවුම් පිහුම් භාජන සහ මුළුතැන්ගෙයි උපකරණ සඳහා තුර්කි සන්නාමයක් වන Korkmaz, අද්විතීය වීදුරු භාණ්ඩ සන්නාමයක් ලෙස ප්‍රංශයේ O’cuisine, සුවිශේෂ නිර්මාණයක් ලෙස ‘Red Dot’ සම්මානලාභී ජපානයේ KAI පිහි මෙන්ම, Butterfly ලොව අංක 1 Stainless Steel (මල නොකන වානේ) උපකරණ සහ mixer grinder නිෂ්පාදකයා සහ තවත් බොහෝ සන්නාම සහිත නව්‍ය නිෂ්පාදන භාවිත කිරීමේ අවස්ථාව අද වනවිට සියලුම ශ්‍රී ලාංකිකයන්ට හිමිකර දී ඇත. මෙම සන්නාමයන් පසුගිය වසර 10 තුළ Homelux පැමිණි ගමන ශක්තිමත් කිරීමට දායක වූ අතර අපගේ අනාගත ගමන ඉදිරියට යෑම සඳහා තවදුරටත් අත්වැල් බැඳගෙන සිටිනු ඇත.