රැඳවුම් නියෝගය මත ත්‍රස්ත විමර්ශණ ඒකකය භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ කොළඹ ජාතික රෝහලට අද (2) පෙරවරුවේ ගෙන ආ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මුදලිගේ මහතා එම රෝහලේ සමේ රෝග සායනයට රැගෙනවිත් ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.
අද පස්වරුවේ වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ ව්‍යපාරයක්ද පැවැත්වීමට නියමිතය.










