මහනුවර ප්‍රධාන පෙළේ පාසල් තුනක උසස් පෙළ සිසුන් තිදෙනකු ගංජා සමග අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශය ඊයේ (30) කටයුතු කර ඇත.
මෙම සිසුන් උපකාරක පන්තිවලට සහභාගි වීමට පැමිණ සිටි අතරතුර මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානයේ සැරිසරමින් ගංජා ඉරීමට සූදානම් වෙද්දී එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී සොයාගත් ගංජා ප්‍රමාණය මිලිග්‍රෑම් 3000කි.
අදාළ සිසුන් උපකාරක පන්ති ගාස්තු වශයෙන් දෙමව්පියන් ලබාදෙන මුදල්වලින් මත්ද්‍රව්‍ය පානය කර, පන්තිවලට සහභාගි නොවී නගරයේ සැරිසරන බවට ලද තොරතුරක් මත පොලීසිය අදාළ වැටලීම සිදුකර තිබේ.










