• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුඩු සල්ලි කෝටි ගණන් තිලිණි ප්‍රියමාලි ළඟ ගොඩ ගහලා! ජුවලරි සාප්පු හිමියන් වැඩේ පිටුපස! නිළියන් දෙදෙනෙක් ‌දාපු කෝටි ගණනකුත් එළියට ඇවිත්!

October 28, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කෝටි ගණන් වංචා කරපු ප්‍රියමාලිගේ සිරමැදිරියේ ෆෝන් පැටව් ගහයි!
Share on WhatsAppShare on Facebook

තිළිණි ප්‍රියමාලි ළඟ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් ද කෝටි ගණනක් තිබී ඇති බව බුද්ධි අංශ මඟින් කළ සොයා බැලීම්වලදී අනාවරණය වී තිබේ.

ඒ අය අතර ඩුබායිහි රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් කිහිපදෙනකු සහ එංගලන්තයේ රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවකුගේ මුදල් ඇති බව ද පෙනීගොස් ඇත.

මෙසේ කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් තිළිණිට දී ඇත්තේ එම කුඩු සල්ලි උණ්ඩියල් ක්‍රමයට රටින් පිට කරන ජුවලරි සාප්පු හිමිකරුවන් පිරිසක් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. කුඩු සල්ලි දෙගුණ කිරීමට ගොස් මුදල් අහිමි කර ගත් ඒ කිසිවකුත් මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කර නැත. අහිමි වූ මුදල් ඉල්ලා මේ වන විට එම මුදල් තිළිණිට දුන් ජුවලරි සාප්පු හිමියන්ට තර්ජන එල්ල වෙමින් පවතින බවද ⁣බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ තිළිණිට එරෙහිව මෙතෙක් ලැබී ඇත්තේ පැමිණිලි 12ක් පමණක් බවය. ඇයට මුදල් දී කෝටි ගණනක් අහිමි කර ගත් 100ක් පමණ හඳුනාගෙන ඇතත් ඒ කිසවකුත් ඇයට එරෙහිව පැමිණිලි නොකරන බවත් ඒ අය පැමිණිලි කිරීමට මැළිකමක් දක්වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

“අපිට බලෙන් බැහැ කාගෙන්වත් පැමිණිලි ලියාගන්න.” යැයි ද එම නිලධාරියා කීවේය.

ඇයට මුදල් කෝටි ගණනින් දී මුදල් අහිමි කරගෙන සිටින එහෙත් මෙතෙක් ඒ ගැන කිසිදු පැමිණිල්ලක් කිරීමට ඉදිරිපත් වී නැති අය අතර නිළියන් දෙදෙනකු සහ දේශපාලනඥයන් දෙදෙනකු සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

තිළිණි විසින් වංචා කර රැස්කර ගෙන ඇති මුදල් ඇය විසින් සඟවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි. මෙතෙක් එම මුදල් සඟවා ඇති තැනක් ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත. ඇය මේ මුදල් තුන්වැනි පාර්ශ්වයක් ළඟ සඟවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.

ඇය විසින් සිය බැංකු ගිණුමේ තැන්පත් කර තිබුණු රුපියල් කෝටි 300ක මුදලක් අත්ටහිටුවීමට මාස 6කට පෙර බැංකුවෙන් ඉවත් කරගෙන ඇති බවත් එම මුදල් බැර කළ ආකාරයක් ගැන කිසිදු තොරතුරක් සොයා ගන්නට නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇගේ මේ වංචාවට සහාය දුන්නේ යැයි කියනු ලබන සමාගම් අධ්‍යක්ෂවරියක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් පවත්වයි. බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දිගින් දිගටම පවසා ඇත්තේ තමා තිළිණිගේ වංචාවට හසු වූයේ එම සමාගම් අධ්‍යක්ෂවරිය නිසා බවයි. එම සමාගම් අධ්‍යක්ෂවරිය විසින් තිළිණිගේ වංචාවට සම්බන්ධ බව කියවෙන හඬ පට දෙකක් අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (27) දුන් බව එහි උසස් නිලධාරීන් සඳහන් කළේය.

මේ අතර වෙළෙඳපොළේ පවතින විනිමය අනුපාතයට වඩා අඩු රුපියල් ගණනකට අමෙරිකානු ඩොලර් දෙන බව පවසා තිළිණි ප්‍රියමාලි විසින් රුපියල් කෝටි 4ක වංචාවකට අසු කළ ජංගම දුරකතන අලෙවි ව්‍යාපාරිකයකු ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම ව්‍යාපාරිකයා මොරටුවේ පදිංචිකරුවෙකි. ඔහුගේ අලෙවිසල පිහිටා ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේය. මෙරට ව්‍යාපෘතියක නිරත ඉන්දියානු සමාගමක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන තැනැත්තියක හරහා තමා තිළිණි ප්‍රියමාලිව හඳුනා ගත් බව එම ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇත.

ඉකුත් මැයි මාසයේදී සමාගම් අධ්‍යක්ෂවරියගේ නිවසේදී ඇයව මුණගැසුණු බවත් එහිදී තමාගෙන් රුපියල් ලක්ෂ පනහක් ගෙන ඒ වෙනුවෙන් එම අවස්ථාවේදීම ඩොලර් නෝට්ටු තමාට දුන් බව ද ඔහු පවසා තිබේ. ඇයව මුණගැසුණු එම අවස්ථාවේදී විශාල ඩොලර් ප්‍රමාණයක් ඇය සතුව තිබුණු බවත් ඔහු පවසා තිබේ.

පසුව තමා ඇගේ ඉල්ලීම මත තවත් ඩොලර් ප්‍රමාණයක් ගැනීමට තවත් රුපියල් කෝටි 4ක මුදලක් පසු දිනෙක දුන් බවත් ඇය වංචා කරනු ලැබුවේ එම මුදල බවත් මේ ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කියා තිබේ.

තමාට පොරොන්දු වූ පරිදි ඩොලර් හෝ දුන් කෝටි 4 තමාට දෙන ලෙස අවස්ථා කිහිපයකදී ඇවිටිලි කළ පසු ඇය තමාට චෙක්පත් කිහිපයක් දුන් බව ද ව්‍යාපාරිකයා පවසා තිබේ. එම සෑම චෙක්පතක්ම බැංකුගත කිරීමෙන් පසු අගරු වූ බව පවසමින් ව්‍යාපාරිකයා විසින් රුපියල් කෝටි 7ක වටිනාකමක් ඇති තිළිණි ප්‍රියමාලිගේ අත්සන ඇති චෙක්පත් කිහිපයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

කෝටි 3ක බිල ගෙවලා නෑ! පෙර දැනුම් දීමකුත් නෑ! ළමා රෝහලේ ලයිට් කපයි!

Next Post

පුංචි ජන්දය කල් දමන ආණ්ඩුවේ තේරීම් කාරක සභාව වර්ජනය කරන්න විපක්ෂය සූදානම් වෙයි!

MORE NEWS

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලබන මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.