පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ අරමුණින් ස්ථාපිත කිරීමට සැලසුම් කොට ඇති මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වර්ජනය කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානමින් සිටින බව වාර්තා වේ.
දැනටමත් විපක්ෂය නියෝජනය කරන පක්ෂවල ඉහළ පෙළේ නායකයන් මේ පිළිබද සාකච්ජා ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.
එහිදී බොහෝ දෙනා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව මෙම තේරීම් කාරක සභාව පත් කිරීමට කටයුතු කරන්නේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් බවත්, ඊට එරෙහිව විපක්ෂය එක්ව කටයුතු කළ යුතු බවත්ය.
ඊට බොහෝ දෙනාගේ එකගතාව පළව ඇති බවද වාර්තා වේ.
ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කොට ඇති බවද දැනගන්නට තිබේ.










