• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ශිෂ්‍යත්වයේදී මතුවන බලගතු පැන්සලේ කතාව

August 15, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ශිෂ්‍යත්වයේදී මතුවන බලගතු පැන්සලේ කතාව
Share on WhatsAppShare on Facebook

අම්මලයි දරුවොයි එකට ඉඳන් ලියපු ශිෂ්‍යත්ව විභාගය ඉවරවෙලා දැනට සතියයි. ශිෂ්‍යත්ව විභාගය තිබුණේ අගෝස්තු 04 වැනිදා. ඒ වගේම උසස් පෙළ විභාගයත් ඒ එක්කම පටන් ගත්තා. උසස් පෙළ කෙසේ වෙතත් ඔය අගෝස්තු 04 වැනිදා තිබුණු පහේ ශිෂ්‍යත්ව විභාගය ඉවර වෙනකල් අපි ඇඟිලි ගැන්නා. ඒ කියවන ඔබට එක කතාවක් කියන්න. මේ කතාව වැදගත් වෙන්නේ අර නොතේරෙන දරුවන්ට නෙවෙයි තේරෙන අම්මලාට. ශිෂ්‍යත්වය කට උඩට එද්දිම ඔය ශිෂ්‍යත්ව විභාගය ලියන්න බලගතු පෑනක් පැන්සලක් රට වටෙන්ම උඩට ආපු හැටි මතකයිනේ. ඒක හැම සැරේකම උඩට එනවා. ඒත් ඒ පිටිපස්සේ කතාව නම් කවුරුත් දන්නේ නෑ. දැන් ඒ පෑන් පැන්සල් බෙදපු අය රෙදිත් උස්සන් මාව හොයන් එන්න එපා. මොකද මං මේ කියන්නේ පෑන් පැන්සල් බෙදපු හැමෝටම එහෙම නෙවෙයි සමහරක්ට. ඇත්තටම එක එක දෙවියන්ගේ ආශීර්වාදයෙන් බලගන්වපු ඒ පෑනෙන් පැන්සලෙන් ශිෂ්‍යත්වය වගේම උසස් පෙළ ලියපුවම දරුවෝ උඩින්ම පාස් වෙනවලු. එහෙම කියන්නේ අපි නෙවෙයි. ඒවා බෙදන මිනිස්සු. ඒ හින්දම අපි ඔය බලගතු පෑන් පැන්සල් ගැන හොයන්න ගත්තා.

මං පත්තරේ පවා දැක්කා අහවල් දවසේ අහවල් තැනට ආවොත් ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ඔය බලගන්වපු පෑනක් පැන්සලක් දෙන කතාවක්. සමහර අම්මලත් මට සමහර තැන්වලදි පෑන් පැන්සල් දුන්න කතා කිව්වා. එතකොට පන්සලේ බෝධි පූජාව එහෙම ඉවරවෙලා පෑන් බෙදුවා කියලත් එහෙන් මෙහෙන් කනට ඇහුණා. ශිෂ්‍යත්ව පන්ති ඉවර වුණු දවසේ පෑන් පැන්සල් බෙදුවා කියලත් කනට ඇහුණා. ඒත් අපි ඔය කියන දේවල් නෑහුන ගානට හිටියා. ශිෂ්‍යත්වේ ඔන්න මෙන්න තියලා මට අම්මෙක් මෙහෙම කිව්වා. මාත් ඒ කියපු දේවල් වලට මගේ විදිහට උත්තර දුන්නා.
“අපේ පුතාටත් මේ පාර ශිෂ්‍යත්ව විභාගය ලියන්න අර බලගතු පෑනකුයි පැන්සලකුයි හම්බවුණා”.
“අම්මගේ කතාව මට තේරුනේ නෑ”
“ඇයි දන්නේ නැද්ද දරුවගේ ශිෂ්‍යත්ව පන්තිය තිබුණු අන්තිම දවසේ පෑනකුයි පැන්සලකුයි බෙදුවා.”
“ඉතින්….”
“ඒ දෙකම බලගතුයි. දෙවියෝ ළඟ ජීවං කරපුවාලු.”
“ඒක කොයි වගේද.?”
“පෑන නම් ඔය රුපියල් දහයට කඬේ ගන්න තියෙන පෑනක්. ඒත් ඒකට මොකක්ද බලයක් තියෙයිලු.”
“එතකොට පැන්සල කොයි වගේද.?”
“ඒකත් කඬේ තියෙන ජාතියේ එකක්.”
“අනේ මන්දා….”
“නෑ නෑ මල්ලි ඒක ඇත්තම ඇත්ත.”
“එහෙනම් ඇත්ත වෙන්න ඇති.”
“ඇත්ත තමයි….”
ඔය බෙදපු පෑන් පැන්සල් ගැන මට අපේ අම්මෙක් කීවේ ඔහොමයි. හැබැයි ඒ පෑනක් පැන්සලක් හම්බවුණු දරුවෝ මාර සතුටින් විභාගයට යන්න ඇති කියලත් මට හිතුනා. ඒ වගේම හොඳට උත්තර ලියන්න ඇති කියලත් හිතුනා. ඒත් මට මෙහෙම ප්‍රශ්නයක් ආවා. ඒ තමයි පහේ දරුවන්ට පැන්සලෙන් කෙසේ වෙතත් ඔය පෑනකින් විභාගය ලියන්න දුන්නද කියන එක. මං ඔය කතාව අම්මෙක්ගෙන් ඇහුවා. ඒත් අම්මා මට කිව්වේ දෙකෙන් කැමති එකකින් ලියන්න පුළුවන් කියලා. දැන් මට කතාව විශ්වාසයි. පස්සේ මං ඔය ශිෂ්‍යත්ව පන්ති කරපු දන්න කියන ගුරුවරු කීපදෙනෙක්ම හම්බවෙලා ඔය බලගතු පෑන් පැන්සල් කතාවේ ඇත්ත නැත්ත ඇහුවා. ඔන්න එක්තරා ගුරුවරයෙක් හිනාවෙලා මට මෙහෙම කිව්වා.

“මොන බොරු වැඩද රුවන් මල්ලි. අපිත් ගිය අවුරුද්දේ එහෙම පෑනක් දුන්නා. අපිත් කිව්වා ඒක මහා බලගතු පෑනක් පැන්සලක් කියලා. එතකොට ළමයින්ගේ හිතට කියන්න බැරි තරමේ ලොකුවට ගැම්මක් වගේ එකක් එනවා. හිතටත් හොඳයි. ඇත්තටම ඒක අපි සිදුකරන මනෝ විද්‍යාත්මක දෙයක්. ඔය පෑන පැන්සල ගන්න අර ළමයා ඒ පෑන පැන්සල පරිස්සම් කරගෙන ඒක අරන් ගිහින් විභාගය ලියනවා. ඇත්තටම ඔය පෑන් පැන්සල් නිකන්ම ටවුමේ කඩෙන් අරන් බෙදන එව්වා. ඒවගේ ඇති කිසිම අමුතු බලයක් නෑ.”
මම දන්නවා මං කියන කතාව අපේ අම්මලා නම් පිළිගන්නේ නෑ කියලා. එහෙනම් මං සාක්ෂි ඇතුව ඒක මෙහෙම කියන්නම්. ඔබේ දරුවාට ඇති තරම් නටන්න දෙන්න. පාඩම් කරන්න දෙන්නම එපා. පොතක් පතක් අල්ලන්නවත් දෙන්න එපා. පුළුවන් නම් අර ටීවි එකත් දාලා දෙන්න. ඒත් මදි වගේ නම් ඔබේ දුරකතනයෙන් ගේම් ගහන්නත් දෙන්න. අන්තිමේ ශිෂ්‍යත්ව විභාගය කට උඩට එද්දි කොහෙන් හරි අර කියපු දෙවියන්ගේ ආශීර්වාදෙන් බලගන්වපු බලගතු පෑනක් පැන්සලක් ගෙනැල්ලා දෙන්න. ඒක කරන්න ලේසියි. මොකද ඔය ශිෂ්‍යත්ව විභාගය කට උඩට ආවම පෑන් පැන්සල් රට වටේම බෙදනවා. පස්සේ ඒකෙන් විභාගය ලියන්න දෙන්න. දැන් පාස් වෙයි. කියවන ඔබ හිතන්නේ එහෙම නම් ඔබ රැවටිලා. ඇත්තටම ඔබ පව්. ඔබගේ දරුවා කොහොමත් පව්. මතක තියාගන්න. කවදාවත් ලෝකේ පෑනකට පැන්සලකට විභාග පාස් කරන්න බෑ. එහෙම පුළුවන් නම් කවුරුත් ලංකාවේ තියෙන විභාග ෆෙල් වෙන්නෙත් නෑ.
ඔබට ඇත්ත කියන්න ඕනෙ නිසාම මම හොඳටම දන්න කියන තවත් ගුරුවරයකුගෙන් බලගතු පෑන් පැන්සල් කතාව ඇහුවා. ඔහුත් මට හරි අපූරු අමුතු උත්තරයක් දුන්නා. ඇත්තටම අපිට ඒ ගුරුවරුන්ගේ පින්තූර පත්තරේ දාන්න බෑ. ඒත් මට හොරෙන් ගහලා දාන්න බැරිකමකුත් නෑ. හැබැයි ඒ වැඩ කැතයි. ඒ නිසා අපි එහෙම කරන්නේ නෑ. ඒත් අපි ඔබට ඔහු ඒ කියපු කතාව අකුරක් නෑරම කියනවා.

“අපි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ජූලි අග සතියේ ඒ කියන්නේ පන්තිය අන්තිම කාලේ දරුවෝ ගෙන්නලා ළඟ පන්සලක ලොකු බෝධි පූජා පින්කමක් තිබ්බා. ඒ වෙලාවේ ඉස්සරහා පෑන් පැන්සල් මිටි කීපයක් තියලා තිබුනේ ළමයින්ට සහ අම්මලාට පේන්න. අපි බෝධි පූජා පින්කම ඉවරවෙලා ඒ පෑන් පැන්සල් සේරම වගේ ළමයින්ට බෙදුවා. හිතුවට වඩා ළමයි හිටපු නිසා පෑන් මදිවෙන්න ආවා. පස්සේ පන්සල ළඟ කඩෙන් පෑන් පෙට්ටියක් ගෙනැත් බෙදුවා. ඒක දන්නේ පෑන් ගේන්න යවපු මනුස්සයයි මමයි විතරයි. ඇත්තටම ඔය වැඬේ කරන්නේ ඔය ළමයින්ගේ හිත හැදෙන්න. එහෙම පෑන් පැන්සල් මවන්න පුළුවන් නම් අපිට මොනවා කරන්න බැරිද.?”
දැන් කියවන ඔබට හිතෙන්නේ මොකක්ද? මේ ශිෂ්‍යත්ව විභාගය හරි සාමාන්‍ය පෙළ විභාගය හරි ඔය කොයි විභාගය තිබුණත් අපේ අය ඔය දේවල් ඉහ උඩින් පිළිගන්නවා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. හුඟාක් අම්මලා දරුවගේ විභාගය කට උඩ තියාගෙන එයාලා එක්ක පලතුරු වට්ටි අරන් රට වටේම දේවාල ගානේ යනවා. තව කපුවෝ පස්සේ පන්නනවා. බලගතු පෑන් පැන්සල් ගන්න දුවනවා. මතක තියාගන්න ඔය මොන දේ කළත් විභාගය ලියන්න ඕනෙ ඔබේ දරුවා දෙවියෝ ඇවිත් කපුවෝ ඇවිත් ඔය විභාගය ලියලා දෙන්නේ නෑ. බලගතු පෑන් පැන්සල් අරන් ගිහින් ප්‍රශ්න පත්තරෙ උඩින් තිබ්බට හරි උත්තර ලියවෙන්නේ නෑ. අපි කියන්නේ මෙච්චරයි. දරුවන්ට පාඩම් කරන්න කියන්න. පහුගිය ප්‍රශ්න පත්‍ර කරන්න කියන්න. දවසට පැයක් විතර සෙල්ලම් කරන්නත් ඉඩක් දෙන්න. අල්ලපු ගෙදර දරුවගේ මහ අය කරන දේවල් කරන්න යන්නත් එපා. ඔය හැමදේම අස්සේ එන විභාගයක් කට උඩට එයි. එහෙම ආවම විභාගය හෙට කියලා දරුවා එක්ක පන්සල් ගිහින් බෝධි පූජාවක් කරන්න. දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ගන්න. ඒ හොඳටම ඇති. ඔබේ දරුවා හොඳින් ඉගෙන ගත්තා නම් එයා වැඩ පෙන්නයි. අපි දන්නේ එච්චරයි.
විභාගයක් කට උඩට එද්දිම ඔය දෙන බලගතු වූ පෑන් පැන්සල්වල කතාව අපි කිව්වේ අපිට කියන්නම වුවමනා හින්දා. දැන් ඉතින් කියවන කවුරුත් පසුතැවිලි වෙන්න යන්න එපා. ඊළඟට අපට මෙන්න මෙහෙම කතාවකුත් කියන්න තියෙයි. ඔය පෑනක් පැන්සලක් අස්සට එහෙම බලයක් දාන්න බෑ. ඒත් පෑන් පැන්සල් දෙවියෝ ඉස්සරහා තියලා පුද පූජා පවත්වලා එව්වා බෙදපු අවංක ගුරුවරුත් ඉන්න ඇති. ඒ අය නම් අපේ කතාවට අවුල් යන්න එපා. ඇත්තටම අපි කිව්වේ වැඩි හරියක් සිද්ධවෙන කතාව. ඒ හින්දා අපි දන්න ඇත්තත් මේකයි. ඔබට තවත් අපි කියන දේ විශ්වාස නැතුව ඇති. එහෙනම් මං මෙහෙම කියලා මේ කතාව ඉවර කරන්නම්. ඔහොම බලගතු පෑන් පැන්සල් තියෙයි නම් ශිෂ්‍යත්ව විභාගය ලියන කිසිම ළමයෙක් ඒක ෆේල් වෙන්නේ නෑ. සාමාන්‍ය පෙළට ඉඳගන්න ඔය කිසිම ළමයෙක් ෆේල් වෙන්නේ නෑ. උසස් පෙළට වාඩිවෙන කිසිම ළමයෙක් ෆේල් වෙන්නේ නෑ. කොටින්ම එහෙම පෑන් පැන්සල් තියෙයි නම් ලෝකේ අධ්‍යාපනය අතින් අපිට වඩා පොහොසත් සුපිරි රටක් තවත් නෑ. ඉතින් මෙතැනින් එහා කතාව අපි කියන්න යන්නේ නෑ. ඒක පුළුවන් නම් ඔබම හිතන්න.
සටහන – රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

කෝටි ගණනක වස්තුව සමග හමුවූ සුගලා දේවිය

Next Post

චන්ද්‍රිකා තල්පේ හ‌ෝටලයකදී රහස් සාකච්ජාවක

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.