වික්ටෝරියා වේල්ලේ අධි ආරක්ෂිත කලාපයේ අනවසරයෙන් ඩ්‍රෝන යානාවකින් සහ කැමරාවකින් වීඩියෝ සහ ඡායාරූප ගනිමින් සිටි සැකකරුවන් 7 දෙනකු ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි.
මින් කිහිප දෙනකු කටාර්හි සිට මෑතකදී ලංකාවට පැමිණී අය බවද හෙළිවී තිබේ.
සැකකරුවන් කිසිදු බලධාරියකුගෙන් අවසර නොගෙන නීති විරෝධී ලෙස ඩ්‍රෝන යානාවකින් වේල්ල හා අවට ප්‍රදේශය ඡායාරූප ගනිමින් සිටියදී එහි ආරක්ෂාවට යොදවා සිටින හමුදා සමාජිකයන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල. වැලිගම යන ප්‍රදේශවල පදිංචි තරුණයක් බවද පොලිසිය පවසයි.










