ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ ජාතික විශිෂ්ටතා සම්මාන උළෙල 2019 පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වූ අතර එහිදී විශිෂ්ටතා සම්මාන ද්විත්වයක් එනම් සංචාරක ක්‍ෂේත්‍රයේ කුසලතා සහතිකය සහ ආයතනික අංශයේ අනුශූරතාවය දිනා ගැනීමට දිවයිනේ ප්‍රමුඛතම අභ්‍යන්තර සංචාර මඟ පෙන්වන ආයතනයක් වන ෆිගෝ හොලිඬේස් සමත්විය.
මෙම ඇගයීමට අමතරව පසුගියදා පැවති 26 වැනි ජාත්‍යන්තර සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සංචාරක ආයතනය ලෙසද සම්මානයට පාත්‍ර විය. සේවක මඬුල්ලේ කැපවීම හා විශිෂ්ටත්වය මෙවැනි සම්මානවලට ප්‍රධානම හේතු කාරණා ලෙස දකිනා ෆිගෝ හොලිඬේස් කළමනාකාරිත්වය මෙතුළින් ලද පන්නරය සහ ධෛර්යය තුළින් ශ්‍රී ලංකාවට සංචාරකයන් විශාල ප්‍රමාණයක් 2020දී ගෙන්වා ආර්ථික වර්ධන වේගයට උපරිම දායකත්වයක් ලබා දීම තම ප්‍රධාන අරමුණ බව දන්වා සිටී.











