ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දෙවැනි වැඩිම දායකත්වය ලබාදෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානයක් වන මීගමුව නගරයේ තම ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පසුගියදා කටයුතු කළේය.
මෙය තම ආර්ථික කටයුතු සහ ජීවනෝපාය මාර්ග සඳහා මූල්‍ය සහයක් බලාපොරොත්තු වන පුද්ගලයන්ට මෙන්ම, බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂා කරන පුද්ගලයන්ටද අතිශය වැදගත් පුවතක් වනු ඇත.
දිවයින පුරා විසිරුණු, සියලු පහසුකම් සහිත මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛා ජාලයට එක්වුණු මෙම නවතම ශාඛාව අංක 293/1, ප්‍රධාන වීදිය, මීගමුව යන ලිපිනයෙහි පිහිටා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි, බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් මේ වන විට නාගරික ප්‍රදේශවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලද සුළු, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාරවලද ප්‍රමුඛතම තේරීමක් බවට පත්වී ඇත.
ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටතම සේවායෝජකයෙකු ලෙස පිළිගැනීමට ලක්වී ඇති මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම අඛණ්ඩව වසර තුනක් Great Place to Work ඇගයීමද හිමිකරගෙන තිබේ. තම ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරමින්, දක්ෂ වෘත්තිකයන් තම කණ්ඩායමට එක්කර ගැනීමට සමාගම කටයුතු කරමින් සිටින අතර, නව මීගමුව ශාඛාව එම උත්සාහය තවදුරටත් ශක්තිමත් කරනු ඇත.