• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රනිල්-‌මෛත්‍රී එක්ක ඌටි යද්දී සජිත් කට්ටිය එක්ක වටේ යයි

December 29, 2019
in News, Politics, Uncategorized
Reading Time: 4 mins read
A A
රනිල්-‌මෛත්‍රී එක්ක ඌටි යද්දී සජිත් කට්ටිය එක්ක වටේ යයි
Share on WhatsAppShare on Facebook

නිල් තරු වියනක් යට නිදි දෙව්දුව වැලඳගෙන නිදන්නට ඇත්නම් කුමන වාසනාවක්ද? මෙම නිල්වන් තෝතැන්න නම් එයට කියාපු කදිම තැනය. නිදි දෙව්දුව වැලඳගත් ඔබ එළිවෙන ජාමයේ ඇහැරෙන්නේ සීතල පෙණ බුබුළක් ඇතුළත හිඳිමින්ය. තරු වියන හරහා අහස් කුසින් කඩාහැලුණු පිනිබිඳුවලින් ඔබේ ගත සැරසී යනු ඇතිය. මේ අපූරු මනස්කාන්ත, වශීකෘත ලෝකය ඇත්තේ කොහිද?

රනිල් ඌටි යයි

එන්න භාරතයේ ගිරි මුදුනකට, එතැන මේ සියලු ආස්වාදයන් ඇත්තේය. සාගර මට්ටමින් මීටර් 2240ක් (අඩි 7350ක්) උසින් යුත් මේ අපූරු තෝතැන්න ‘ඌටි’ නගරයයි. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි ‘ඌටි’ නගරය තවත් නාමයකින් හඳුන්වන්නේ ‘ඌටාකාමන්’ හෝ ‘උධාගමන්දලම්’ ලෙසිනි. එහෙත් අද වර්තමානයේ මෙම නගරය බොහෝ දෙස්, විදෙස් පිරිස් විසින් හඳුන්වන්නේ ‘ඌටි’ ලෙසිනි. තමිල්නාඩුවේත්, මුළුමහත් භාරතයේමත් ඉතාමත් දර්ශනීය කඳුකර නගරවලින් ඉතාමත් ප්‍රමුඛස්ථානයේ මෙම නගරය තැබිය හැකිය. මෙහි පහස විඳගන්නට මහා භාරතයේ මෙන්ම ලෝකයේ නන් දෙසින්ද සංචාරකයෝ ලක්ෂ ගණනින් එහි ඇදී එති. ‘ඌටි’ නගරය පිහිටා ඇත්තේ එම ප්‍රදේශය පුරා විසිරී ගත් ඉතාමත් වශීකෘත කඳු නිම්නයක් වන ‘නිල්ගිරි’ කඳු මිටියාවත මධ්‍යස්ථානයේය.

ගත, සිත, නිර්වින්දනය කරන මෙම මනස්කාන්ත භූමියෙහි පහස විඳගන්නට පසුගියදා එහි ගියේ ශ්‍රී ලංකාවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරින්දෑවන් වන මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියයි. දීර්ඝ දේශපාලනික කලබැගෑනියකින් පසුව වසර අවසානයේ මනසට ඇවැසි විවේකයක් ලබාගන්නට ඔවුන් එහි යන්නට ඇතිය. කර්කශ දේශපාලනික අර්බුදයෙන් මිදී මඳක් සිත නිවාගන්නට එම තෝතැන්න ඔසුවක් විය හැකිය. එහෙත් රනිල් වික්‍රමසිංහයන් මුහුණදී සිටින එම දේශපාලනික සන්නි නැටුමේ තවමත් අවසානයක් දක්නට නැත. එළැඹෙන 2020 අලුත් අවුරුද්දටද එම නැටුම නටන්නට තවත් බොහෝ පිරිසක්ද ලකලැහැස්තිව ඇත. ඒ හෙයින්ම ඔහුගේ මනසට මෙම නිල්වන් ‘නිල්ගිරි’ කඳු මිටියාවත පවන් සලනු ඇතිය.
වික්‍රමසිංහ යුවළ තම දෙසැම්බර් නිවාඩුව ගත කරන්නට සිටියේ වෙනත් විදේශ රටවල් දෙකක් වෙත ගොස්ය. එහෙත් පසුව භාරතයේ මෙම ස්ථානයේ ඇති අසීමිත සුන්දරත්වය හේතුවෙන් ඔවුන් ඌටි නගරය ඒ සඳහා තෝරාගෙන ඇත. තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර වන චෙන්නායි සිට කිලෝමීටර් 427ක දුරින් ඌටි නගරය පිහිටා ඇත. ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි නගරයේ සිට මෙම ස්ථානයට කිලෝමීටර් 1916ක් දුරය. ඌටි සඳහා සමීපම ප්‍රධාන නගරය වන්නේ කොයිම්බටෝර් වන අතර එහි සිට දුර කිලෝමීටර් 53ක් පමණක් වෙයි. කොපමණ දුර ප්‍රමාණයන් තිබුණද ඌටි ප්‍රදේශයේ සංචාරය කරන්නට පැමිණෙන පිරිස අති විශාලය. එමෙන්ම විදේශ සංචාරකයන් රැසක්ද මෙම ප්‍රදේශය සඳහා නිරන්තරයෙන්ම පැමිණෙති. මෙම අතිශය මනස්කාන්ත භූමිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවටද ඇතුළත් කර ඇත.
ඌටි සැබැවින්ම පාරාදීසයකි. සාමාන්‍ය සංචාරකයන්ට අමතරව මෙම නගරය වෙත විශේෂයෙන්ම ඇදී එන තවත් පිරිසක්ද වෙති. ඔවුන් මේ මධුසමය ගත කරන්නට එන විවාපත් තරුණ ජෝඩුය. ඉන්දියාවේ තරුණ යුවළ මෙන්ම විදේශීය රටවලින්ද මෙහි මධුසමය සඳහා පැමිණෙන පිරිස් බොහෝය. මෙම කඳුකර ප්‍රදේශයේ කිසි දිනක අධික රස්නය නොමැති අතර, ග්‍රීෂ්ම සමයේදී පවා සෙන්ටිග්‍රේට් 25කට අධික උෂ්ණත්වයක් නොමැති අතර ශීත සමයේදී සෙන්ටිග්‍රේට් 20 සිට 0 දක්වාම අධික සීතලකට පත්වෙයි. ග්‍රීෂ්ම කාලයේදී සාමාන්‍ය කපු ඇඳුම් පැලඳුවත් සීත සමයේදී අධික ඝනකම ඇති වූල් ඇඳුම් පැලඳිය යුතුය. මෙම නගරයේ ජනගහනය 88,430ක් පමණ වෙයි. නගරය සියලු පහසුකම්වලින් සමන්විත අතර, සංචාරක ව්‍යාපාරය නිසා දියුණු ආර්ථික තත්ත්වයකටද පත්ව ඇත.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරිය මෙම භාරත පාරාදීසයේ සතියක පමණ කාලයක් විවේකීව ගත කරනු ඇත. කර්කශ දේශපාලනයෙන් මිදී ඔවුනට එහි හිතේ හැටියට විනෝදයෙන් ගතකළ හැකිය. ඉන්දියාවේ අතිශයම ප්‍රකට පුවත්පතක් වන ‘ද හින්දු’ පුවත්පතේ සභාපති එන්. රාම් මහතා වික්‍රමසිංහ යුවළගේ හිතවතෙක් ඌටි නගරයේ සිටින කාලයේදී ඔහුගේ හිතමිත්‍රකම් වික්‍රමසිංහ යුවළ වෙත ලැබෙනු ඇත. මෙහිදී තවත් සුවිශේෂී සිදුවීමක්ද වාර්තා වී ඇත. එනම් මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියට මෙයට මාස 2කට උඩදී ඌටි නගරයට ගොස් ඇත්තේ එහි පිහිටා ඇති ප්‍රධාන පෙළේ පාසලක උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වීමටය. ‘ගුඞ් ෂෙපර්ඞ් ඉන්ටර්නැෂනල් ස්කූල්’ :ඨදදා ීයැචැරුා ෂබඑැරබ්එසදබ්ක ීජයදදක* නමැති ප්‍රධාන පාසලක 43 වැනි නිර්මාතෘ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ මහාචාර්ය වික්‍රමසිංහ මහත්මියයි. කැලණිය විශ්වවිද්‍යාලයේ අංශ භාර මහාචාර්යවරියක වන වික්‍රමසිංහ මහත්මිය මෙම උත්සවය සඳහා මහත් හරසරින් පිළිගෙන ඇත.
ඌටි නගරයේ එම පාසල් උත්සවයේදී ඇය සිදුකළ කතාවටද බොහෝ දෙනකුගේ ප්‍රසංශාව හිමිවී ඇත.
ඉන්දියාවේ ඌටි නගරයේ නිවාඩුවක් ගත කරන්නට යන පිරිස්වලට එහි නරඹන්නට සහ සතුටු වන්නට ඇති දෑ බොහෝය. ගංගාවල්, විල්, උද්‍යාන, ගිරිශිඛර, රෝසමල් වතු, දියඇලි, ඉපැරැණි ස්ථාන, පැරැණි ගල්අඟුරු දුම්රියන්, දේවස්ථාන, කෝවිල් සහ තවත් බොහෝ දෑ එම නගරයෙහි සහ එම ප්‍රදේශයෙහි පිහිටා ඇත. ඌටි නගරයත් එම නිල්ගිරි කඳු නිම්නයත් සැබෑ ලෙසම පරිසර දූෂණයට හසු නොවනු නොකැළැල් බිමකඩකි.

සජිත් වටේ යයි

පහුගිය මාසෙ දාසය වැනිදා තිබ්බ ජනාධිපතිවරණය අතිශය තීරණාත්මක එකක්. ඒ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා පත්කරමින්. ඒ තමයි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා. මේ පත්වීමත් එක්ක අපේක්‍ෂකයන් තිස් හතර දෙනෙක් ජනාධිපතිවරණ පරාජිතයන්ගෙ ලැයිස්තුවට එකතු වුණා. ඒ අතර මුලින්ම උන්නේ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ කණ්ඩායම විසින් ඉදිරිපත් කරපු සජිත් ප්‍රේමදාස මහත්තයා.
හැබැයි මේක මේ වෙන විදියකට කියනවා නම් සජිත් ප්‍රේමදාස මහතාට මේ රේස් එකේ හමුවුණේ දෙවැනි තැන. නැත්නම් අනුශූරතාව. නව ප්‍රගතිශීලී පෙරමුණේ හංසයා ලකුණ යටතේ තරග කරපු සජිත් ප්‍රේමදාස මහත්තයට මුළු රටෙන්ම මනාප පනස් පන්ලක්‍ෂ හැටහතර දහස් දෙසිය තිස්නවයක් ලැබුණා. ඒ ප්‍රතිශතයක් විදියට සියයට හතළිස් එකයි දශම නවයයි නවයක්. රටක ජනතාවගෙන් පනස් පන්ලක්‍ෂයකගෙ කැමැත්ත හිමිකරගන්න එක ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා සජිත් පරාජිතයෙක් කියලා පිළිගන්න අකැමැති මිනිස්සු ලක්‍ෂ පනස්පහක් ලංකාවේ ඉන්නවා.

‘ඒ මිනිස්සු වෙනුවෙන් සජිත් මොනවද කරන්නෙ’
ඒ ගැනත් මිනිස්සු බලාගෙන ඉන්නවා. රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම බලා ඉන්නවා. මොකද රනිල් වික්‍රමසිංහ පැරැදිලා පැත්තකට වෙලා හිටියෙ නැහැ. ඔහු ප්‍රතිඵල අහලා පරණ පුරුදු ජීවිතයට ආවා. හැමදාම ඔහු ඒක කළා. සියලු චෝදනා ඉවසමින් ඔහු උන්නා.
‘එතකොට සජිත්..?’
සජිත් ප්‍රේමදාස එහෙම එළියට ආවෙ නැහැ. ඔහුට එන්න සමහර තැනකදී සිරිකොතේ දොර වැහුණු බව කිව්වා. ඒ පාර ඔහු වොක්ෂෝල් ස්ටී්‍රට් එකේ දේශපාලන කාර්යාලයට එනවා. සමහරු ඔහු මුණගැහුණේ ගෙදර ගිහිල්ලා.
‘සජිත්, ඉවරයි’
සමහරු හිතුවා. පක්‍ෂ අර්බුද එහෙං මෙහෙං ආවා. සාකච්ඡා තිබ්බා. සාකච්ඡා අසාර්ථක වුණා. කණ්ඩායම් දෙකම එළිපිට බැන ගත්තා. එකිනෙකාට චෝදනා කරගත්තා. නායකත්ව අර්බුද ආවා.
‘අලුත් පක්‍ෂයක්…’
වගේ කතාවක් මිනිසුන්ගෙ හිත්වලට ආවා. හැබැයි සජිත් මරු කතාවක් කිව්වා.
‘මේක මගෙ ගෙදර නෙවේ. ඒ නිසා එක එක මත තියෙනවා. ඒවා එහෙම තමයි.’
කියලා සජිත් ඉවරයි කිව්වට ඉවර වුණෙත් නැහැ. අලුත් පිලක් තවම ආවෙත් නැහැ. හැබැයි සජිත් ආයෙත් එළියට බැස්සා. තනතුරු මොකක් වුණත්, තීන්දු, තීරණ කොහොම වුණත්, සජිත් ප්‍රේමදාස මහත්තයා එළියට බැහැලා මිනිස්සු අතරට ආවා.
මේ ගමන ඔහු පටන් ගත්තෙ කොළොන්නාවෙන්. මේ අවස්ථාවට රන්ජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රාණි බණ්ඩාර, රවී, සමරවීර, එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, නලින් බණ්ඩාර, අශෝක් අබේසිංහ, බන්දුලාල් බණ්ඩාරිගොඩ, හෙක්ටර් අප්පුහාමි, මනුෂ නානායක්කාර යන පිරිස සහ පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඊට සහභාගි වුණා. සජිත් ප්‍රේමදාස මහත්තයා එහිදී කොළොන්නාව කොට්ඨාසයේ දේශපාලන ක්‍රියාකාරිකයන් මුණගැහුණා. ඒ හරියටම ජනාධිපතිවරණයෙන් මාසෙකට පස්සෙ. ඔහු කිව්වෙ මේ ස්තුති කිරීමේ රැස්වීම් මාලාවේ පළමුවැන්න කියලා. ඔහු එතැනදී කිව්වා තමන් ජනාධිපතිවරණයට අදාළ දේශපාලන රැලි එකසිය පනස් හතරක් ඇමතූ බව. ඒ හා සමානම ප්‍රමාණයක් ස්තුති කිරීමේ රැස්වීම් පැවැත්වීමට නියමිත බවත් ඔහු කියනවා. මෙතැනදී සජිත් ප්‍රේමදාස මහත්තයා එස්. එම්. මරික්කාර්ට විශේෂ ස්තුතියක් පුදකරනවා. ඒ වගේම එදා ඔහු ප්‍රකාශ කරනවා මේ විදියට ඉදිරියට රට වටා යන හැටිත්, සජිත් ඊළඟට මරික්කාරත් එක්කම යනවා කෝට්ටෙට. එතැනදී ඔහුට ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු විශේෂ පිරිසක් මුණගැහෙනවා. මේ විදියට ඔහු කෝට්ටෙට යන්නෙත් දාහත් වැනිදා. එතැනදී සජිත් පරාජයේ වගකීම තමන් භාර ගන්න බව කියනවා. ඔහු ඒක කියන්නෙ තමන්
‘නායකයා’
විදියට ඒ වගකීම භාර ගන්න බව. එහිදී තමන් කාටවත් ඇඟිල්ල දිගු නොකරන බවත් කියනවා.
‘තමුන්නාන්සේලා කියනවානං දැන් කාලෙ හරි විශ්‍රාම සුවයෙන් හිඳින්නයි කියා මම ඒකටත් ලෑස්තියි කියලත් සජිත් ප්‍රේමදාස මහත්තයා කෝට්ටෙදි කියනවා.
පක්‍ෂ නායකත්වයකින් බැහැරව මොනම ආකාරයකින්වත් අගමැති අපේක්‍ෂකයා වීමේ බලාපොරොත්තුවක් මට නැහැ.
කියලත් ඔහු කෙළින්ම කියනවා. ඒ අතර පශ්චාත් මැතිවරණ දේශපාලන පළිගැනීම් ගැනත් කියනවා.
සජිත් දෙසැම්බර් 17දා රාත්‍රියේ යන්නෙ මොරටුවට. ඔහු මොරටුවෙදිත් ස්තුති කරමින් ජනයා අමතනවා. සජිත් 18 වැනිදා යන්නෙ දොම්පෙට. ගම්පහ ජනතාව ඔහු ආදරෙන් පිළිගන්නවා. හර්ෂණ රාජකරුණා, තුසිතා විජේමාන්න ඇතුළු මැති ඇමැතිවරු මේ අවස්ථාවට සහභාගි වුණා. දොම්පෙ ජනතාව ඇමැතීමේදී ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අතරින් හර්ෂණ රාජකරුණා ගැන ඔහු විශේෂයෙන් සඳහන් කළා.
සජිත් ප්‍රේමදාස එදාම ඊළඟට යන්නෙ ශ්‍රීලනිප පරණ බලකොටුවක් වෙච්ච අත්තනගල්ලට. අත්තනගල්ලෙදිත් ඔහුට විශාල ජනප්‍රසාදයක් ලැබෙනවා.
‘අනාගත අගමැතිතුමාට ජයවේවා’
කියලා ජනතාව ඔල්වරසන් දෙනවා. ඔහු අත්තනගල්ලෙ ජනතාවටත් විශේෂ ස්තුතියක් පුදකරනවා. අපිට නැවැත වරක් ජයග්‍රාහී ගමනකට ඉඩකඩ තියෙනවා කියලා ඔහු කියනවා.
19 වැනිදා ඔහු මිනුවන්ගොඩට එනවා. ඒ අජිත් මාන්නප්පෙරුම, එඞ්වඞ් ගුණසේකර ඇතුළු පිරිස සමඟ මිනුවන්ගොඩ මහ ජනතාව අතරින් යම් පිරිසක් සහභාගි වෙනවා. 19 වැනිදා රාත්‍රියේ සජිත් ප්‍රේමදාස ගම්පහට එනවා. ගම්පහ ආසනය එජාපය විශාල පරාජයක් ලැබූ ආසනයක්. නමුත් ඔහු විශේෂ ස්තුතියක් පුදකරනවා. ඒ වගේම දේශපාලන පළිගැනීම් සහ තාඩන පීඩන ගැනත් ඔහු සඳහන් කරනවා. ඒ අයට සහන ලබා දීමේ අනාගත වැඩසටහනක් ගැනත් ඔහු සඳහන් කරනවා. 19 වැනිදා අගලවත්තෙදී වගේම මතුගමදීත් ඔහුට විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා. මතුගමදී සජිත් පිළිගන්න ජනතාව වගේම අලියෙකුත් එනවා. මේ විදියට ජනතාව අතරට යළිත් එන සජිත් මාවතගමට එන්නෙ ඊළඟට. එදා ජේ. සී. අලවතුවල, තුෂාර ඉඳුනිල් ඇතුළු මැති ඇමැතිවරු සහ ප්‍රදේශවාසීන් ඔහුව ගෞරවයෙන් පිළිගන්නවා.
මේ වෙනකොටත් සජිත්ගේ ඒ ගමන අවසන් නැහැ. ඔහුගේ ඉලක්කය රැස්වීම් 154ක්. ඔහු එනතුරු රටේ ජනතාව බලා ඉන්නවා. මේ යන ගමනෙ සම්පූර්ණ අරමුණ ජනතාවට ‘ස්තුති’ කිරීම. මේ ගමන කෙළවර වෙන්නෙ කොහොමද? කොතැනද කියන එක රටම බලා ඉන්නවා. ඔහුට වරක් ජනාධිපති පුටුව මඟහැරුණට ගමන අවසන් නැහැ කියන එකයි සජිත් ප්‍රේමදාස මහත්තයා නිතරම කියන්නෙත්.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ සහ ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

ස්විස් සිද්ධිය ගැන විශාල කුතුහලයක්

Next Post

ඔක්කොම පත්තර ‌බොරු කියද්දී 2019 මව්රට කියපු ඇත්ත

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.