පසුගිය දිනවල මෙරට සියලුම මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත්ව තිබූ ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාවක පැහැරගත් බවට චෝදනා එල්ල වූ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට මාධ්‍ය දැඩි නිහඩ බවක සිටීම විශාල කුතුහලයකට තුඩු දෙන්නක් බවට පත්ව තිබේ.
මෙම සිදුවීම වාර්තා වීමෙන් අනතුරුව මෙරට විද්‍යුත් මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි සිය පුවත් ආවරණයන්හි වැඩි ඉඩකඩක් ඊට වෙන් කරමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විශාල ප්‍රචාරයක් ගෙන යාමට කටයුතු කර තිබිණි.
නමුත් ස්විට්සර්ලන්ත රජයේ විශේෂ නියෝජිතයකු වූ ජෝග් ෆ්‍රීඩන් මහතා ශ්‍රී ලංකාවට පැමිණ මේ සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කිරීමත් සමග පුදුම සහගත ලෙස සියලුම මාධ්‍ය ස්විස් සේවිකාව සම්බන්ධයෙන් වූ පුවත් පළ කිරීමෙන් වැළකී සිටීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව එවැනි සිදුවීමක් වූ බවක් හෝ මේ දිනවල මාධ්‍ය හැසිරෙන ආකාරය දෙස බලන විට දැකගන්නට නොමැති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
මේ සිද්ධියට මුල් වූ කාන්තාව මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.