• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කැලණි පන්සලෙත් නාග ලෝකයට දොරටුවක්

August 14, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කැලණි පන්සලෙත් නාග ලෝකයට දොරටුවක්
Share on WhatsAppShare on Facebook

මිනිසුන් තුළ පවතින විශ්වාස විවිධාකාරය. ශ්‍රී ලංකවේ අතීතයේ ජීවත් වූ බවට විශ්වාස කරන යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් පිළිබඳ වන විශ්වාසයන්ද එවැනිය. නාග ගෝත්‍රිකයන් සහ යක්ෂ ගෝත්‍රිකයන් යනු මිනිසුන්ගෙන් වෙනස් වූ කොට්ඨාසයක් බවට ඇතැමෙකු විශ්වාස කරන අතර යක්ෂ සහ නාග ලෙස නම් කළ නමුත් ඔවුනුත් සාමාන්‍ය මිනිසුන් බවට විශ්වාස කරන්නන්ද ඇත. මේ අතර ඇති තවත් මතයක් වන්නේ නාග ගෝත්‍රිකයන් යනු නාග ලෝකයේ සිට පැමිණ පසුව සාමාන්‍ය ජනතාව බවට පත් වූ පිරිසක් වන බවය. නාග ගෝත්‍රිකයින් ජීවත් වී ඇත්තේ කැලණිය ප්‍රදේශය මුල් කරගනිමිනි. බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදු වනවිට කැලණිය රාජධානිය පාලනය කර ඇත්තේ නාග ගෝත්‍රිකයන් විසිනි. කැලණිය විහාරය අද වන විට කොළඹ අවට පිහිටි ප්‍රධානතම පන්සල් කිහිපයෙන් එකක් බවට පත් වී ඇත. බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනීය වීම සනිටුහන් කරන්නට ඉදිවුණු කැලණි විහාරයට ඉතාම දීර්ඝ සේම අලංකාර ඉතිහාසයක් තිබේ.

කැලණිය විහාරය ඉදිවීම පිළිබඳ ඉතිහාස කතාව බොහෝ දෙනෙක් දන්නා එකකි. නාග ගෝත්‍රිකයන් අතර ඇතිවන්නට ගිය මහා යුද්ධය සමනය කිරීමට කෘතඥතාව පළ කිරීමක් වශයෙන් මනිඅක්ඛික නාරජු කළ ආරාධනාවකට අනුව බුද්ධත්වය ලබා අටවැනි වසරේදී බුදුන් කැලණියට වැඩම කළ සේක. එහිදී බුදුන් වහන්සේ නාග ගෝත්‍රිකයන් උදෙසා ධර්ම දේශනාව සිදු කළ ස්ථානයේ තමයි කැළණි විහාරය ගොඩනංවා ඇත. මෙහි පූජනීයත්වය තවත් ඉහළ නංවමින් ශ්‍රී මහා බෝධියෙන් පැනනැගුණු අංකුර අටෙන් බිහි වූ එක් අෂ්ටඵල රූහ බෝධීන් වහන්සේ නමකුත් කැලණි විහාරය තුළ රෝපණය කළ ඇත්තේ ඉන් පසුවය.
කොහොම නමුත් මේ බෝධීන් වහන්සේ රෝපණය කර තිබෙන්නේ එකල නාග ලෝකය සහ මෙලොව අතර දොරටුව තිබුණු තැන ආවරණය වන පරිදි බවට විශ්වාසයක් ඇත. සාමාන්‍ය බෝධියකට වඩා ඉතා ගැඹුරු සහ ශක්තිමත් පාදමක් මත මේ බෝධිය රෝපණය කර තිබීමම එයට හොඳ සාක්ෂියකි. එම විශ්වාසය අනුව පැති තුනකින් එන දිය පහර තුනක් එක්ව සකස් වුණු මේ නාග ලෝකයට යන දොරටුව නාග ලෝකයත් මනුෂ්‍ය ලෝකයත් අතර සංක්‍රමණ සිදු වූ ද්වාර ස්ථානයය.

නාගයන් සහ නාග ගෝත්‍රකයින් වර්ග කරන ආකාරයද ක්‍රම කිහිපයකි. නාග, දේව නාග., අර්ධ නාග සහ මනු නාග ලෙස නාග කුල හතරකි. එම විශ්වාසයන්ට අනුව නාග ලෝකයේ සිටින්නේ මෙයින් නාග කුලය පමණකි. දේව නාගයන් දිව්‍ය ලෝකය තුළ වාසය කරන අතර මනු නාගයන් වාසය කරන්නේ මනුෂ්‍ය ලෝකය තුළය. අර්ධ නාග කොට්ඨාසය ජීවත් වී ඇත්තේ නාග ලෝකයත් මනුෂ්‍ය ලෝකයත් අතර සංක්‍රමණය වෙමිනි. මනුෂ්‍ය ලෝකයට ආරක්ෂාව සැපයීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය වී ඇත. බුලත් ඇතුළු නාග ලෝකයෙන් පැමිණි ගස්වැල් ගෙන එන ලද්දේත් මෙසේ අර්ධ නාගයන් බවට විශ්වාස කෙරේ.
කෙසේ නමුත් අර්ධ නාගයන් මනුෂ්‍ය ලෝකයට පැමිණෙන දොරටුව කැලණිය බෝධීන් වහන්සේ රෝපණය කිරීමත් සමග අවහිර වී ඇත. මෙරටට බුදු දහම ලැබී බෞද්ධ සමාජයක් බිහිවීමත් එක්ක නාගයන්ගේ ආරක්ෂාව අවශ්‍ය නොවුණු නිසා එකල මනු නාග ගෝත්‍රිකයන් සමග ඇති වූ එකඟතාවක් මත මේ දොරටුව වසා දමන්න තීරණය වී ඇත. මේ හේතුවෙන් අද වන විට භෞතික ස්වරූපයෙන් කිසිදු නාග කුලයකට මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්න හැකියාවක් නැත. නමුත් බෝධිය රෝපණය කරන විට ලැබුණු විශේෂ අවසරයක් මත චන්ද්‍ර මාසයේ 14,15,16 යන දිනයන්හිදී මේ දොරටුව නාග ආත්ම සඳහා විවෘත වෙන බවටද විශ්වාසයක් පවතින අතර එවිට ඔවුන්ගේ ලොවින් මෙලොවට පැමිණ කැලණිය පන්සලට වැඳුම් පිදුම් කර ආපසු යන බවටද විශ්වාසයක් පවතී

අර්ධ නාගයන් මෙලොවට භෞතික වශයෙන් පැමිණීම නැවතී යාමත් එක්ක ඔවුන් සමග පැමිණි නාග කන්‍යාවන් සේවනයද නැවතී ගියා. අධික සරාගී බවකිනුත්, ඉහළ ලිංගික ශක්තියකිනුත් යුක්ත බව කියවෙන නාග කන්‍යාවන් එකල මනු නාග රජවරුන්ගේ සහ ප්‍රාදේශීය නායකයන්ගේ සේවනයට නිතරම යොදා ගැනුණා. කෙසේ නමුත් එය නැවතී යාම නිසා පසුව මෙලොව විසූ මනු නාගයන් පවා නාග නොවන ගෝත්‍ර සමග මිශ්‍ර වී තිබෙනවා. කොහොම නමුත් නාග ජාන වෙනත් මනුෂ්‍ය ගෝත්‍රවල ජාන හමුවේ ඉක්මනින්ම නෂ්ට වී ගියාය.
මේ නිසා ගෙවී ගිය වසර 2000 කට අධික කාලය තුළදී නාග ගෝත්‍රිකයන් මෙරටින් තුරන්වම ගොස් තිබෙනවා. කෙසේ නමුත් කැලණිය බෝධිය යට පිහිටි දොරටුව අනාගතයේ විවෘත විය හැකි බවත්, සමහර විට අනාගතයේදී මෙරට නැවතත් මනු නාග ගෝත්‍රයක් බිහිවිය හැකි බවටත් සැක කළ හැකියි

SendShareShare
Previous Post

කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම

Next Post

ජපන්නු මැරෙන්න යන අමුතුම වනාන්තරය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.