පක්ෂ මතයට පිටින් යමින් කටයුතු කළ එම පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂය තුල දරන සියලු තනතුරු අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්ප කුමාර, චාමර සම්පත් දසනායක, ශාන්ත බණ්ඩාර, සුරේන් යන ඇමතිවරුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරු සියලු තනතුරු අහෝසි වෙයි.
එමෙන්ම ඔවුන්ගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වයද අත්හිටුවනු ඇත.








