• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

නතාලයෙන් උපන් නත්තල්

December 29, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
නතාලයෙන් උපන් නත්තල්
Share on WhatsAppShare on Facebook

දිනය දෙසැම්බර් 25 වැනිදාය. මෙවර එය බදාදාවකි. ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිදු වූ දිනය යෙදෙන්නේ එදිනටය. ඉතින් ලෝකවාසී ක්‍රිස්තියානි බැතිමතුන්ට නත්තල් යනු අපූර්ව වූ අත්දැකීමකි. එම නිසාම අපිද අද මෙම ඉඩ වෙන් කරනුයේ ඒ නත්තල වෙනුවෙනි. එහෙත් අපේ කැමැත්ත නත්තලේ අතීතය සොයා ගොස් එම කතාව ඔබට පැවසීමටය.
වැඩිම පිරිසක් අදහන දේව ආගම

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ආගමික ශාස්තෘවරු අතරින් ක්‍රිස්තුස් වහන්සේට හිමිවන්නේ අද්විතීය වූ ස්ථානයකි. සැබෑවටම උන් වහන්සේගේ එම ධර්මය අදහමින් ඒ මඟ ගමන් කරන්නෝ බොහෝය. අදටත් ලොව පුරාවට වැඩි වශයෙන් සිටින්නේද කතෝලික ආගමිකයෝ හෙවත් ක්‍රිස්තු භක්තිකයෝය. ඊට අනුව දේව ආගම් අතරින් ලෝකයේ වැඩිම පිරිසක් අදහන ආගම බවට ක්‍රිස්තියානි ආගම දැන් පත්ව ඇත. එහිදී ඔවුන් අනුගමනය කරන ශ්‍රේෂ්ඨතම කෘතිය වන්නේ ශුද්ධ වූ බයිබලයයි.

නතාලයෙන් උපන් නත්තල
නත්තල යනු “නතාලය” යන වචනයෙන් බිඳී ආ වචනයකි. එහි අර්ථය වන්නේ උපතයි. නත්තලෙන්ද සමරන්නේ ජේසු උපතයි. එය සාමාන්‍ය මිනිස් උපතක් නොව ප්‍රබල ආගමික නායක පුද්ගලයකුගේ විශේෂ උපතකි. මෙම උපතේ සැබෑ අරුත වන්නේ පව්කාර වූ ලෝකයා පාපයෙහි වහල් බවින් මුදාගෙන ඔවුන්ට විමුක්තිය උදාකර දීමයි.

සැබෑම නත්තල් පණිවිඩය
අප තුළ සාමය ඇතිකර ගත යුතු වෙමු. සාමයෙන් අපේ හදවත් පිරවිය යුතුය. ඔබ කුමන ආගමක වුවද ඔබ ආගම දහමට නැඹුරු විය යුතුය. තවද එහි වත් පිළිවෙත්වලට පමණක්ම සීමා නොවී ආධ්‍යාත්මික වශයෙන් ලබාගත යුතු දේ ලබාගත යුතුය. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව අත්හැරිය යුතුය. තවකකුට නැඟී සිටින්නට උදව් කළ යුතුය. අන් අය සමඟ සාමයෙන් සිටිය යුතුය. ඊට පෙර කියවන ඔබද සාමයෙන් සිටිය යුතුය. එමෙන්ම තමන්ගේ ආගමානුකූල සාමය තමා විසින්ම සොයාගත යුතුය. මෙය මෙදා නත්තල් දිනයේ පණිවිඩයයි.

අසල්වැසියාට ප්‍රේම කරන්න
ඔබ ඔබට මෙන්ම අසල්වැසියාටද ප්‍රේම කරන්න. මෙහිදී අසල්වැසියාට ප්‍රේම කිරීම නම් තමන්ට හැකි පමණින් අනෙක් අයටත් උදව් උපකාර කිරීමයි. එසේ නොකර දෙවියන්ට ප්‍රේම කරනවා යන්න අසත්‍යයකි. ඒ ජේසුස් වහන්සේගේ හෙවත් ක්‍රිස්තුන් වහන්සේගේ ආගමික වූ දේශනයයි.

කන් පිනවන නත්තල් ගීතිකා
මුලින්ම ලියැවුණු නත්තල් ගීතිකාව ගැන ඇසීමට ලැබෙන්නේ ක්‍රි.ව. 4 වැනි සියවසේ රෝමයෙනි. 12 වැනි සියවස වන විට මෙම ගීතිකාවලට එකල ජනප්‍රියව තිබූ ජන ගීතවල තනු යොදාගෙන තිබේ. අද නත්තල් “කැරෝල්” ලෙස ඇසෙන බොහෝමයක් ගීතවල උපත මෙයයි. වර්තමාන කාලයේ පල්ලිවල සහ විශේෂයෙන් නත්තල් කාලයට ගායක කණ්ඩායමක් විසින් මෙම නත්තල් කැරෝල් ගීත ගායනු කරනු ලබයි. නත්තල් කාලයට ඇසෙන ගීත මෙසේ කැරෝල් ගීත යනුවෙන් හඳුන්වන අතර ”ීසකැබඑ භසටයඑ” වැනි ගීත එසේ ජනප්‍රිය වූ කැරෝල් ගීත අතර වෙයි.

නත්තල් සීයාගේ ඇත්ත
නත්තල් සීයා පිළිබඳව තිබෙනා වූ බොහෝ කතා නිර්මාණය වී තිබෙන්නේ ඈත අතීතයේ ග්‍රීසියේ විසූ “ශාන්ත නිකොලස්” නම් ක්‍රිස්තියානි බිෂොප්තුමකුගේ චරිතය ඇසුරිනි. ඔහු ඉතාම කරුණාවන්ත හදවතක් තිබූ පුද්ගලයකු වූ අතර දුප්පත් මිනිසුන්ට පිහිට වී තිබේ. තෑගි බෝග ආදියද දුප්පතුන්ට බෙදා දී ඇත. ඉන් කාලයකට පසුව මෙදා ජේසුතුමන්ගේ උපත සැමරෙන නත්තල් දිනට පෙර දින එන නත්තල් සීයාගේ පෙනුම එතුමාගේ රූපය ඇසුරින් නිර්මාණය වූ බව කියයි. එය එක්තරා පිළිගැනීමකි.

නත්තලට පැමිණි පිනි මුවා
නත්තල් සීයාගේ වාහනය පිනිමුවන් බැඳි අපූරු වූ කරත්තයකි. මෙම පිනිමුවන් ඉන්නේ උත්තර ධ්‍රැවයට ආසන්න නෝර්වේ, සයිබීරියා, ග්‍රීන්ලන්තය, ඇලස්කාව, කැනඩාව වැනි සීතල රටවලය. “රැන්ජිෆර් ටැරැන්ඩස්” යනු ඔවුන්ගේ විද්‍යාත්මක නාමයයි. මොවුන්ගේ කකුල්වල ඇති කුර සීත කාලයට ශක්තිමත් වීම සිදුවේ. ඉන් හිම මත නොලිස්සා ඇවිදීමට උන්ට හොඳින් හැකියාව තිබේ. ඔවුන්ගේ සමේ ඇති ලොම් තට්ටු නිසාද ඔවුන්ට සීතලෙන් ආරක්ෂා වීමට හැකිය. පිහිනීමට දිවීමට හා පැනීමට දක්ෂ මෙම පිනි මුවන් ගොඩබිම ජීවත්වෙන සතුන් අතරින් ජීවිත කාලය පුරාවටම බොහෝ දුරක් ඇවිදින සිව්පාවෙකි.

දෙවියන්ගේ පණිවිඩය
මරියා තුමිය හා ජෝශප් යනු ජේසුස් වහන්සේගේ මවුපියන්ය. එහෙත් මරියතුමියට පුතකු ඉපදෙන බව පැවසූවේ දෙවියන් වහන්සේට අයත් “ගාබි්‍රයෙල්” නම් දේව දූතයෙකි. එසේ ඉපදෙන පුතුට “ජේසුස්” ලෙස නම් තබන්නට කියන්නේද ඔහුය. මීට අමතරව මෙම පුතුගේ අනාගතය ගැනද දූතයා පවසා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ ඉපදෙන පුතු පසුකලෙක දේව පුත්‍රයකු ලෙස ගරු බුහුමන් ලබන බවයි.

ගවලෙනක සිදු වූ ජේසු උපත
ජේසුස් වහන්සේ ජූදාහි බෙත්ලෙහෙම්පුරේ තිබූ ගවලෙනක ඉපදී තිබේ. ඒ මරියතුමියට දාවය. ඒ මීට වසර දෙදහස් ගානකට පෙරය. එදා එසේ ගවලෙනක ඉපදුණේ එක් කාරණයක් නිසාය. එනම් ජෙරුසෙලම පාලනය කෙරූ “අගෝස්තුස්” නම් පාලකයාගේ අණට අනුව සියලු වැසියන්ට තම තමන්ගේ උපන් ගම් වෙත යෑමට සිදුවීම නිසාය. එසේ යන අතරමඟදී එම උපත සිදුවිය. එදා ජේසුස් වහන්සේ ඉපදුණු ස්ථානය අදටත් දැකගත හැකිය. අද “ජස්ටිනයින්ගේ දෙව් මැඳුර” සාදා ඇත්තේ එම ස්ථානයේය.

ජේසුස් ආ ගිය අපූරු තැන්
ජේසුස් වහන්සේ තාරුණ්‍යය ගත කළේ ගලීලයේ නාසරතයේය. උන්වහන්සේගේ පළමු ආශ්චර්යය වන ජලය වයින් බවට පත්කළේද මෙම නාසරතයේදී බවට පැවසෙයි. එම සිදුවීම සිහිවීමට අද එහි දෙව්මැඳුරක් පවා තනා තිබේ. මීට අමතරව “බෙත්හේග්” යනුවෙන් පැවසෙන්නේ ජේසුස් වහන්සේ ජෙරුසෙලම බලා ගිය තමන්ගේ අවසන් ගමන ඇරඹූ ස්ථානයයි. “බෙතනි” යනු උන් වහන්සේ සිය මරණය පරාජය කළ විශේෂ ස්ථානයයි. මේ ස්ථාන දෙකම තිබෙන්නේ “ඔලිව්” නම් කන්දේය.

එදා කන්ද උඩ දේශනාව
මෙය ජේසුස් වහන්සේගේ සුවිශේෂී දේශනාවක් පැවැත්වූ ස්ථානයකි. එම දේශනාව වන්නේ කන්ද උඩ දේශනයයි. එහිදී ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ යනු කරුණාවන්ත හා ආදරණීය පියකු බව සඳහන් කරයි. තම කම්මුලට කෙනකු පහරක් ගැසුවහොත් අනෙක් කම්මුලත් ඒ දෙසට හරවන්න යැයි එතුමන් දේශනා කළේද එහිදීය. තවද ප්‍රේමය, සෙනෙහස සහ නිරහංකාරකම, සත්‍යගරුක බව පුද්ගලයකුට ඉතා වැදගත් බව දේශනා කළේද එහිදීය. තවද ස්වර්ගයට යන්නේ එවන් මිනිසුන් බව එහිදී උන් වහන්සේ පවසා ඇත.

ජේසුගේ චරිතයේ නොදන්න කතා
එදා එf`ඞ්රුන් ජේසුතුමා සොයා ඒමත් ජේසුතුමන් බලනු පිණිස එදා ශාස්තෘවරුන් පැමිණීමත් ජේසුතුමා මිසරයට පලායෑමත් දොළොස් වියේදී ජේසුතුමන් දේව මාලිගයට යෑමත් සහ කානාන්හි විවාහ මංගල්‍යයත් කුණාටුව දමනය කිරීමත් මුහුද මත ඇවිදීමත් අසරණ මිනිසුන් පන්දහසකට ආහාර සැපයීමත් කායින් නුවර වැන්දඹුවගේ පුතාට පිහිටවීමත් වැනි සිදුවීම් රැසක්ම ජේසුතුමන් හා බැඳුණු කතාය.

අවසන් භෝජන සංග්‍රහය
ජේසුස් වහන්සේ මරණයට ආසන්න දිනක තම අනුගාමිකයන් දොළොස් දෙනෙකුන් සමඟින් රාත්‍රීයේ භෝජන සංග්‍රහයකට සහභාගී වී තිබේ. එය අවසන් භෝජන සංග්‍රහයයි. එහි ආහාරය වූයේ පාන් සමඟින් වයින්ය. එයින් සංකේතවත් වූයේ එතුමාගේ ශරීරයත් රුධිරයත්ය. එම ස්ථානය වන්නේ පැරණි ජෙරුසෙලම නගරයේ ඬේවිඞ් ගොඩනැඟිල්ලේ වූ දෙවෙනි මහල වුවද අද එහි ඇත්තේ නටබුන් පමණි.

කල්වාරි කන්දේ කඳුළු කතාව
අවසානයේදී “පොන්තියස් පිලාත්” නම් රෝමානු ආණ්ඩුකාරවරයා ජේසුස් වහන්සේ රෝමයට විරුද්ධ ලෙස කටයුතු කරන්නකු සේ සලකමින් එතුමන්ව කුරුසයේ තබා ඇණ ගැසීමට අණ කරයි. එදින එසේ ඇණ ගැසීමට නියම වන්නේ ජෙරුසෙලමට පිටතින් ඇති කල්වාරි කන්දේදීය. පසුව එය එසේම සිදු වූ බවද පැවසෙයි. පසුව එතුමාගේ මෘත දේහය සොහොන් ගැබක තබා මුද්‍රා තැබූ බව සඳහන්ය.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

නව වසරේ පළමුවැනි සුබ නැකැත

Next Post

වාර්තාවක් තියමින් ‌මෝඩි ලංකාවට එයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.