රිට්ස්බරි ශ්‍රී ලංකාවේ අංක 1 චොක්ලට් සන්නාමය ලෙස 90 වැනි ශ්‍රීමත් ජෝන් ටාර්බට් මලල ක්‍රීඩා ශූරතාවලිය සිය අනුග්‍රාහකත්වය තුළින් බලගැන්වීමට යළිත් ඉදිරිපත්ව සිටී. ක්‍රීඩාවේ ප්‍රමිතීන් ඉහළ නැංවීම මෙන්ම නැඟී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වැලක් සැපයීම රිට්ස්බරි අනුග්‍රාහකත්වයේ ප්‍රධාන අරමුණ වේ.
මෙරට පැරණිතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රීමත් ජෝන් ටාර්බට් ශූරතාවලිය සඳහා සීබීඑල් ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ චොක්ලට් සන්නාමය වන රිට්ස්බරි අනුග්‍රාහකත්වය ලබාදෙන දසවැනි වසර මෙයයි. මෙම ක්‍රීඩා ශූරතාවලිය මගින් දේශීය හා විදේශීය තලයේ සුපිරි ක්‍රීඩා තරු රැසක් බිහිකිරීම සඳහා සුවිශේෂ මෙහෙයක් සිදුව ඇත.
ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රබල අනුග්‍රාහකයකු ලෙස කීර්තියට පත්ව ඇති රිට්ස්බරි මෙවර ශ්‍රීමත් ජෝන් ටාර්බට් කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශූරතාවලීන් දෙකම සඳහා සිය නොමසුරු දායකත්වය ලබාදෙයි.











