සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකේය ජන ප්‍රජාවගේ දියුණුව වෙනුවෙන් සුවිශේෂ මෙහෙයක් ඉටුකරන SDB බැංකුව සිය සේවය වසර 25ක් පුරා අඛණ්ඩව ලබාදෙමින් ඓතිහාසික සංධිස්ථානයකට පැමිණ ඇත.
SDB බැංකුව සිය 25 වැනි සංවත්සරය පාදක කරගනිමින් පවත්වන නිල මාධ්‍ය හමුව 2022 අගෝස්තු මස 17 වැනි දින කොළඹ, කිංස්බරි හෝටලයේ Balmoral ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී මූලික අදහස් දැක්වීම සිදුකළ SDB බැංකුවේ සභාපතිනි දිනිති රත්නායක මිය සහ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා මහතා වසර 25ක් පුරා බැංකුව පැමිණි ඓතිහාසික ගමන් මඟ පිළිබඳවත් බැංකුවේ අනාගත දැක්ම සහ ඉදිරි බලාපොරොත්තු පිළිබඳවත් ප්‍රකාශ කළහ.











