ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති හෙට (22) දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පාමින් මෙම විරෝධතාව සංවිධාන කොට තිබේ.
මෙම උද්ඝෝෂණය හෙට පස්වරු 1ට සංස්ථාව ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.











