• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රටම අස්වැද්දූ හෙළ වාරි රහස්

December 19, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
රටම අස්වැද්දූ හෙළ වාරි රහස්
Share on WhatsAppShare on Facebook

අපට ඇති වස්තු අතර ජලයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. අපගේ සියලු කටයුතු සමෘද්ධි කිරීමට ජලයෙන් ලැබෙන දායකත්වය සුළුපටු නොවේ. ජලයේ ඇති වැදගත්කම මනාව අවබෝධ කරගත් පිරිසක් අද පමණක් නොව අතීතයේද ජීවත් වූ බව රහසක් නොවේ. වර්තමානයේ ජල කළමනාකරණ කටයුතු සඳහා දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ, කමිටු, ව්‍යාපෘති ආදිය පිහිටුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් වගකිවයුතු, වගවියයුතු පිරිසක්ද රජය මගින් පත් කර ඇත. ඒවා පවත්වාගෙන යෑම සඳහා නීති රෙගුලාසි ව්‍යවස්ථා ඇතුළත් ලිපි ලේඛනද බොහෝ සේ ඇත. වත්මනේ පමණක් නොව අතීතයේද මෙසේ ජලයට වැදගත්කමක් හිමිවී තිබූ බව ඓතිහාසික සාධකවලින් හඳුනාගත හැකිය.

මෙරට ආර්ය ජනාවාස පිහිටුවාගත් දින පටන් අද වනතුරු ප්‍රධාන යැපීම් ක්‍රමය වන්නේ කෘෂිකර්මාන්තයයි. කෘෂිකර්මාන්තයේ යෙදීමට ජලය ප්‍රධාන අවශ්‍යතාවක් වන බැවින් එය ලබාගැනීමට හා ආරක්ෂා කිරීමට කටයුතු සලසා ගැනීම මෙරට පාලනය කළ රජවරුන්ගේ ප්‍රමුඛ කාර්ය භාරය වී තිබිණි. ඒ නිසා අතීතයේ ලියූ ලේඛන අතර බොහෝ ලේඛන වාරි තාක්ෂණය හා බොහෝ සෙයින් සම්බන්ධ වූ ඒවාය. එකී ඓතිහාසික ලිපි මගින් කරුණු කිහිපයක් උලුප්වා ගත හැකිය. ඉන් එකක් වන්නේ වර්තමානය දක්වා අද්විතීය වාරි ක්‍රමයක් නිර්මාණය වීමේ සැලසුම්හි ස්වභාවය හා අතීතයේ ජල කළමනාකරණයේ ස්වභාවය කුමන ස්වරූප ගන්නේදැයි හඳුනාගැනීමයි.

වර්ෂාව මගින් ලැබෙන ජලයත්, මධ්‍ය කඳුකරයෙන් ගලා බස්නා ජලයත් ආරක්ෂා කරගැනීමට විවිධ ක්‍රියාමාර්ග අප පාලකයන් මගින් ක්‍රියාත්මක කොට ඇත. ගලා බස්නා ජලයෙන්, අහසින් වැටෙන ජලයෙන් ලබාගත හැකි උපරිම ඵල ප්‍රයෝජන ලබාගැනීම ඔවුන්ගේ ඒකායන අපේක්ෂාව විය. ජලයේ ඇති වැදගත්කම මනාව හඳුනන්නේ ජලයෙන් වැඩ ගන්නා අයයි. ඒ නිසා අපේ අතීත මුතුන් මිත්තන් කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගෙවූ නිසා එහි ඇති වටිනාකම මනාව දැනහැඳින ගෙන සිටි බව පැහැදිලිය.

ජලය ආරක්ෂා කිරීම, ජලය පරිහරණය ආදී කටයුතු සිදු කරන ආකාරය පිළිබඳවත් ජලය නිසි ලෙසින් පරිභෝජනය කරන ආකාරයෙන් පරිබාහිරව කටයුතු කරන්නන් වෙනුවෙන් පනවා තිබූ දඬුවම් ක්‍රම ආදියද මනාව හඳුනාගත හැකි ලිපියක් හමුවේ. ඒ වෙස්සගිරි ලිපියයි. ජලයෙන් වැඩ ගන්නා අතීත මුතුන් මිත්තන් සිටි අපගේ රටේ ශ්‍රී විභූතිය හෙළි කරන ඉතිහාස ලේඛනයක් ලෙසත් වෙස්සගිරි ලිපිය හඳුනාගත හැකිය. මේ ලිපිය ලියැවෙන්නේ සිවුවැනි මහින්ද රාජ්‍ය සමයෙනි. මීට අමතරව දප්පුල රාජ්‍ය සමයට අයත් කොණ්ඩවාට්ටවන් ලිපියේද ජල කළමනාකරණය පිළිබඳ කදිම විස්තරයක් හමුවේ.

ජලය ආරක්ෂා කරගැනීමට නම් ජලයේ ඇති වැදගත්කම, වටිනාකම පිළිබඳ මෙන්ම ඒ කෙරෙහි වූ ආකල්ප, සංකල්පද මැනවින් පැවතිය යුතුය. අතීතයේ වූවන්ගේ මෙකී සංකල්පය ගුණාත්මක අයුරින් පැවති අතර මෙහි උච්චතම අවස්ථාවක් ලෙසින් පළමු වැනි පැරකුම්බා රජුගේ සඳහනෙන් පැහැදිලි වේ. එතුමා සඳහන් කළේ “අහසින් වැටෙන එකදු ජල බිඳක් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයැවිය යුතුයි” යන්නයි. එතුමාගේ වාරි කර්මාන්තයේ ස්වභාවයත් එය නංවාලීම සඳහා ගෙනගිය වැඩපිළිවෙළ පිළිබඳත් මහාවංසයේ 68වැනි පරිච්ඡේදයේ කරුණු අන්තර්ගත කොට ඇත.

වෙස්සගිරි සෙල්ලිපිය ලියූ සිවුවැනි මිහිඳු රජු සිදු කොට ඇත්තේ ආඥාවකි. එසේ ආඥාවක් කිරීමට හේතුව වී ඇත්තේ මහාවිහාරයට අයත් වූ ඉසුරුමුණි විහාරයේ කුඹුරු අස්සැද්දීම සඳහා තිසාවැවෙන් දෙනු ලබන ජල ප්‍රමාණය අදාළ ජලය ලබාදෙන නිලධාරීන් විසින් කිසියම් අඩුවක් කොට බෙදා දීම නිසා එකී පුවත මහාවිහාරයීය භික්ෂූන් වහන්සේ රජුට පැමිණිලි කිරීම පිළිබඳවයි. වැවේ දියවර බෙදා දීමේ දී රජයේ නිලධාරීන් සිදු කර ඇති බව මෙයින් හඳුනාගත හැකි ලක්ෂණයක් වන අතර ඔවුන් කිසියම් ක්‍රමවේදයකට අනුව ජලය බෙදා හැරි බවද සැලකර ගත හැකිය.

තිසා වැවේ ජලයෙන් අස්වද්දන කුඹුරු ඇති ඉසුරුමුණි විහාරයට කිරිය 144ක් හා පෑල එකක කුඹුරු තිබිණි. ඒවා කොටස් වශයෙන් 807 දෙනෙකුට බෙදා දී තිබුණු බව තත් ලිපියේ දැක්වේ. මෙකී අයුරින් භික්ෂූන් ඉදිරිපත් කළ පැමිණිල්ල විභාග කළ රජතුමා තීන්දුව ලබාදී ඇත්තේ ජලය ලබාදෙන වැවෙන් මොහොල් නිඟා දියකැට පහණේ (වැවේ ජල ප්‍රමාණය දැක්වෙන සලකුණු තැබූ ගල්කණුව) මුදුන පෙනෙන තාක් අඩුවක් නැතිව ජලය ලබා දිය යුතු බවයි. එහිදී නැඟෙන පැනයක් ඇත. ජලයේ පරිමාණය දැක්වෙන සලකුණ තෙක් ජල කළමනාකරණ නිලධාරීන් ජලය ලබාදෙනු නොලැබුවේ කුමන කරුණක් නිසා ද යන්නය. මෙකී නිලධාරීන් හඳුන්වා දෙන්නේ දිය ශාලාවේ නිලධාරීන් (දිය දෙනාල්හි මුන්දල් කැමියන්) වශයෙනි. ඔවුන් වර්ෂය පුරා ඇදහැලෙන වර්ෂාවේ ස්වභාවය අවබෝධ කරගෙන එකී ආරක්ෂිත ජලය මනා කළමනාකරණයකින් යුතුව බෙදා දුන් බව මේ අනුව හඳුනාගත හැකිය. එසේ නැතිව මහාවිහාරයීය භික්ෂූන් වහන්සේට එරෙහිව කටයුතු කළ බවක් මෙයින් නොසැලවේ. රජුද මේ ගැන මනාව වටහා ගෙන ජලය අතිරික්තයක් ඇති විට පමණක් සීමාවකින් තොරව ජලය ලබාදීමට නිලධාරීන්ට ආඥා පැනවූ බවත් හඳුනාගත හැකිය. එය ජලය ආරක්ෂා කිරීමේ මහඟු පිළිවෙතකි.

වැවෙන් දෙනු ලබන ජලයෙන් හීනැටි වී වපුරනු විනා මුං ආදී ධාන්‍ය වගා නොකරන ලෙස මේ ලිපියේ දී ආඥා පනවා ඇත. රජරට ප්‍රදේශය වියළි කාලගුණයක් ඇති බැවින් මුං වැනි බෝග සඳහා නොව වී සඳහා ජලය ලබාදිය යුතු බව තීන්දු ලබාදී ඇත. මුං ධාන්‍ය වගා කරන අතරම වී වපුරන පිරිසක් ද රජරට වූ බැවින් ඒ වගා බිම් දෙකම සඳහා එක සමාන ජලය ලබාදීමෙන් ජලය කළමනාකරණය කරගැනීම අපහසු වන බැවින් මෙසේ වී වැපිරීම සඳහා නියමිත කුඹුරුවලට ජලය ලබාදීමට කටයුතු සලස්වා ඇත. රජයෙන් ලබාදෙන ජලය ක්‍රමානුකූල භාවයෙන් තොරව කිසිම හේතුවකට අපතේ නොයැවිය යුතුය. කුඹුරුවලට ලබාදෙන ජලයට බාධා කොට කුඹුරු පාළු කරන්නන්ට එරෙහිව දඬුවම් පනවා තිබේ. ගොවීන්ට වුව හිතුමනාපෙට ජලය අපතේ යැවිය නොහැකිය. වෙස්සගිරි ලිපියේ මේ සඳහා දඬුවම් දිය යුතු බව දන්වා තිබුණත් දඬුවමේ ස්වභාවය දක්වා නැත. එහෙත් කොණ්ඩවට්ටවාන් ලිපියේ දැක්වෙන්නේ ජලයෙන් කුඹුරු යටකළ වරදට රන් කහවණුවකින් හතරෙන් එකක් දඩ වශයෙන් ගෙවිය යුතු බවයි. සී සෑමේ වරදකට රන් කළඳක් දඩ ගෙවිය යුතුය. නිසි කාලයේදී සී සෑම් ආදිය සිදු නොකිරීමෙන් අනිකුත් ගොවියන්ගේ කුඹුරුවලට ජලය නිසි පරිදි නොලැබෙන්නේ කුඹුරු යාය එක පෙළට තිබූ බැවිනි. එසේ වූ කල්හි ජලය අපතේ යෑම සිදුවේ. මේ නිසා කුඹුරු වැඩ එකම කාලයේදී සිදු කළ යුතු බව නියම කොට තිබිණි. එය ජලය රැකගැනීමට වැදගත් තීන්දුවකි.

මේ අනුසාරයෙන් බලන කල අතීතයේ මනා ජල කළමනාකරණයක් පැවති බවත් එසේ මනා ජල කළමනාකරණය නිසා කිසිවකුටත් අපහසුතාවෙකින් තොරව තම කෘෂිකාර්මික කටයුතු හා දෛනික කටයුතු සිදු කරගැනීමට හැකියාව උදා වී තිබූ බවත් හඳුනාගත හැකිය.
පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

එල්ලාවල හෝර්ටිකල්චර් සම්මාන තුනකින් පිදුම් ලබයි

Next Post

ලෙඩ ගොඩකට ගුණදෙන මුරුංගා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පුවත බොරුවක් බව සුවසැරිය...

Read more
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.