• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලෙඩ ගොඩකට ගුණදෙන මුරුංගා

December 19, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ලෙඩ ගොඩකට ගුණදෙන මුරුංගා
Share on WhatsAppShare on Facebook

වියළි කලාපීය ප්‍රදේශවල බහුලව වැඩෙන ශාකයක් වන මුරුංගා එතරම් ශක්තිමත් ශාකයක් නොවුණද තෙත් කලාපයේද හොඳින් සාරවත්ව වර්ධනය වෙයි. හොඳ සූර්යාලෝකයක් පැවැතීම මුරුංගා ශාකයේ වර්ධනයට අත්‍යාවශ්‍ය සාධකයකි. වෙළෙඳපොළේ තරමක් මිල අධික එළවළුවක් වන මුරුංගා ඵදරසබට්ජැ්ැ කුලයට අයත් වන අතර, උද්භිද විද්‍යාත්මකව ඵදරසබට් දකැසfැර් ලෙස හඳුන්වයි. අක්‍ෂි, තීක්‍ෂණමූල, ශෝබාංජන, ශ්‍රිග්රද යනාදී පර්යාය පද රැසකින් හඳුන්වන මුරුංගා බහුවිධ ප්‍රයෝජන සහිත ශාකයකි. මෙම ශාකය සතු ඖෂධීය ගුණය නිසාම දෙවියන් විසින් මෙලොවට මැවූ මහානර්ඝ ශාකයක් ලෙසද පිළිගැනේ.

මුරුංගා වගාව සඳහා හොඳින් මෝරපු මුරුංගා අතු කැබැලි කිහිපයක් කපා නොසෙල්වෙන සේ තරමක් ඈතින් සිටුවාගත යුතුය. එම දඬු කැබැලි පැළවෙනතුරු දිනපතා උදය, සවස ජලය සම්පාදනය කරන්න. මුරුංගා ගස හොඳින් අතු ඉති දමා වර්ධනය වූ පසු මුරුංගා මල් හටගනී. සාමාන්‍යයෙන් මුරුංගා මල් හටගන්නේ කරල් සාර්ථකව වර්ධනය වන්නේත් වියළි කාලගුණික තත්ත්ව යටතේය. මුරුංගා වගාවේ විශේෂත්වය වන්නේ වගාව සඳහා විශේෂ සාත්තුවක් අවශ්‍ය නොවීමයි. උෂ්ණාධික බවින් ඉහළ ඉතාම රසවත්, ගුණවත්, පෝෂ්‍යදායී එළවළුවක් වන මුරුංගා දෛනික පරිභෝජනයට එක්කර ගැනීම තුළ මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග, අක්‍ෂි රෝග, ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝග, ඇදුම, පණු රෝග, කැස්ස මෙන්ම හන්දිපත් රුදාව ආදී රෝග ගණනාවකට හිතකරය. ශරීරයේ දුර්වලත්වය මඟහරවා ශරීරය ශක්තිමත් කරන ආහාර ජීර්ණය පහසු කර මල බද්ධය වළකන මෙන්ම අස්ථි වර්ධනයට පවා හිතකර මුරුංගා කුඩා දරුවන්ටත්, ගැබිනි මවුවරුන්ටත් එක සේ ගුණදායකය. මැල්ලුමක් ලෙස ඉතාම රසවත්ව සාදාගත හැකි මුරුංගා කොළවල ප්‍රෝටීන් මෙන්ම විටමින් ‘සී’ හා විටමින් ‘බී’ අන්තර්ගතය. ඊට අතිරේකව කැල්සියම්, කැරොටීන්, කොපර්, මැග්නීසියම්, පොස්පරස්, යකඩ හා ඛනිජ ලවණ අන්තර්ගතය. මැල්ලුමට අතිරේකව මුරුංගා කොළ යුෂ කැඳ ලෙසද ආහාරයට යොදාගත හැකිය.
මුරුංගා රසවත් ව්‍යාංජනයක් ලෙස ක්‍රම කිහිපයකටම සකසා ගතහැකි අතර, ගසේ පොත්ත ඖෂධයක් ලෙස විෂට යොදාගැනේ. සාමාන්‍යයෙන් අදටත් ගම්බද පෙදෙස්වල බල්ලන්, බළලුන්, ලේනුන්, මීයන්, මුගටියන්, දෙබර, බඹර, ගෝණුසු වැනි සතුන් සපා කෑ විට මුරුංගා පොතු මිටට කන හුනු සමඟ අඹරා අත් බෙහෙතක් ලෙස තුවාල වූ තැන ගැල්වීම සිදු කරයි. එලෙස බෙහෙත් ගැල්වූ ස්ථානය විවෘතව තබන අතර, මෙම ආලේපය විටින් විට සෝදාහැර නැවැත නැවැත ආලේප කිරීමද සිදුකරනු ලබයි. මේ සියල්ලට අතිරේකව මුරුංගා ගසේ කොළ හා දලු රසවත් බැදුමක් සේද සකසාගත හැකිය. විශේෂයෙන් ඉස්සන්, කකුළුවන් වැනි ව්‍යාංජන පිළියෙල කිරීමේදී මුරුංගා කොළ ටිකක් ඊට එක්කිරීම ගෘහිණියන්ගේ සාමාන්‍ය සිරිතකි. විශේෂයෙන් මුරුංගා කොළ විෂබීජ නාශකයක් නිසාවෙන් අජීර්ණය වැනි බඬේ අමාරු සෑදීම පවා වළකී.
ඥානය වැඩීමට හේතු වන එළවළුවක් ලෙස ඇතැමුන් අතර ජනප්‍රිය මුරුංගාවල අස්වනු නෙළීම ඉතාම පරෙස්සමින් කළ යුත්තකි. ඒ මුරුංගා ගස ශක්තිමත් නොවන නිසාය. එනිසා අස්වනු නෙළිය යුතු වන්නේ කෙක්කක් ආධාරයෙනි. සාමාන්‍යයෙන් මුරුංගා පලදාව සතියක් පමණ කල් තබාගත හැකිය. කෙසේ නමුත් අස්වනු නෙළා සතියක් ඉකුත් වෙත්ම මුරුංගා කරල් මේරීමට හා වේළීමට පටන්ගනී. එනිසා මුරුංගා මෝරා වියළී යන්නට පෙර ආහාරයට යොදාගත යුතුය.

කෙසේ නමුත් මුරුංගා කරලේ ස්වභාවය වන ප්‍රභේද 3ක් හඳුනාගත හැකි අතර, මුරුංගා මලේ පැහැය අනුවද ප්‍රභේද 3ක් හඳුනාගත හැකිය. මුරුංගා කරලේ ස්වභාවය අනුව හේන් මුරුංගා, මස් මුරුංගා හා වැටේ මුරුංගා ලෙස වර්ග කළ හැකිය. සාමාන්‍යයෙන් හේන් මුරුංගා කරල සිහින් වන අතර, සාපේක්‍ෂව මස් මුරුංගා කරල විශාලය. මහතය. මේ දෙවර්ගයටම සාපේක්‍ෂව වැටේ මුරුංගා කරල මධ්‍යම ප්‍රමාණයෙන් යුතුය. එසේම මුරුංගා මලේ පැහැය අනුව රතු, නිල් හා සුදු යනුවෙන් ප්‍රභේද 3කි. මෙම ප්‍රභේද අතරින් රතු සහ නිල් මල් සහිත මුරුංගා ප්‍රභේද දුර්ලභ වන අතර, සුදු මල් සහිත මුරුංගා ප්‍රභේදය ඉතාම සුලබය. කිසිදු සාරවත් බවක් නැති නිසරු පොළොවක වුවද වැවෙන මුරුංගාවල ඇට පිලිපීනය, ඉන්දියාව, බුරුමය ආදී රටවල ජල පවිත්‍රකයක් ලෙසද භාවිත වෙයි.

ආයුර්වේදයේදී මුරුංගා ගසේ කරල්, මල්, පොතු, පත්‍ර මෙන්ම ගසේ තුවාල වූ කඳින් හටගන්නා ලාටුද ඖෂධ ලෙස යොදාගැනේ. විශේෂයෙන් එදත්, අදත් ගෘහිණියන් අච්චාරු සෑදීමේදී අච්චාරු පැසවීම සඳහා මුරුංගා පොතු එක්කරනු ලබයි. එපමණක් නොව මුරුංගා පොතු වියළා කුඩුකර කුළුබඩුවක් ලෙසද දෛනිකව ව්‍යාංජන රසවත්කර ගැනීමට එක්කරගත හැකිය. තවද රුධිරයේ කොලෙස්ටරෝල් හා සීනි පාලනයටද මුරුංගා හිතකරය. වැට මායිමට පවා සිටුවන මුරුංගා බොහෝ දෙනෙක් දැනුවත් නොවූවාට දිව්‍යමය වටිනාකමක් ඇති ඖෂධීය ශාකයකි. ඒ නිසා ඔබත් අදම ඔබේ ගෙවත්තේ මුරුංගා ගසක් වවා පල ලබා ගැනීමට උත්සුක වන්න. එය ඔබට හැම අතින්ම වාසිදායක වී සුව සම්පත ගෙනදෙනු නියතය.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

රටම අස්වැද්දූ හෙළ වාරි රහස්

Next Post

සීතලට උණුසුම් වෙන්න හොඳම තැන ලංකාව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.